TT Ads

මෙරට කීර්තිමත් පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල රාජ්‍ය සේවයෙහි නියුතු අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ හිමි සැම වෙනුවෙන් විශේෂ වට්ටම් පෙළක් හඳුන්වා දී ඇත. රාජ්‍ය අංශයෙහි රැකියාවේ නිරත වෙමින් රටේ අභිවෘද්ධිය උදෙසා කැප වෙන සියලු දෙනාට කෘතගුණ සැලකීමක් ලෙස මෙය පිරිනමන බව පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි මහතා පැවැසීය.

මේ අනුව අග්‍රහාර රක්‍ෂණ හිමියෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අවස්ථාවකදී කාමර ගාස්තු සඳහා 10%ක, රසායනාගාර පරීක්‍ෂණ සඳහා 5%ක සහ x – කිරණ පරීක්‍ෂණ සඳහා 5%ක වට්ටමක් පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් පිරිනැමේ. එමෙන්ම, බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබන අවස්ථාවකදී රසායනාගාර පරීක්‍ෂණ සඳහා 10%ක සහ  x- කිරණ පරීක්‍ෂණ සඳහා 5%ක වට්ටම් මෙම සුවිශේෂී වට්ටම් පෙළ යටතේ අග්‍රහාර රක්‍ෂණ හිමියන්ට හිමිවේ. “අප රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ගෙවන මුදලට ඉහළම සේවයක් ලබා දීමටයි අප නිතරම උත්සාහ දරන්නේ. රෝහලේ අනවශ්‍ය වියදම් කපා හැර, ඉන් ලැබෙන ප්‍රතිලාභද අප රෝගීන් වෙත පිරිනමන්නේ ඒ නිසයි. රාජ්‍ය අංශයේ නියුතු වූවන් වෙනුවෙන් මෙම සුවිශේෂී වට්ටම් පෙළ හඳුන්වාදීමත් සමග, ඔවුන්ට අග්‍රහාර රක්‍ෂණ යටතේ ලබා ගත හැකි ප්‍රතිලාභවල වටිනාකම තවත් ඉහළ යනවා” යනුවෙන් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙම වට්ටම් පිළිබඳ වැඩිදුර තොරතුරු 0112840065 යන දුරකථන අංකයෙන් දැනගත හැකිය.

පන්නිපිටිය පෞද්ගලික රෝහල සුරක්‍ෂා සෞඛ්‍ය රක්‍ෂණාවරණය හිමි පාසල් සිසු සිසුවියන් සඳහාද විශේෂ වට්ටම් සහිත ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, ඒ හරහා සුරක්‍ෂා රක්‍ෂණාවරණය යටතේ සිසුසිසුවියන්ට ලැබෙන ප්‍රතිලාභවලද වටිනාකම තවත් ඉහළ ගොස් තිබේ.

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>