TT Ads

 

ඇවිදින විට එක් පාදයක් බිම තබා අනෙක් පාදය ඔසවා ඉදිරියට තැබීමේදී සිරුරේ සම්පූර්ණ බර පොළොව මත ඇති පාදයට යෙදවෙනවා. මෙවැනි අවස්ථාවලදී හදිසියේ නොසිතන අන්දමින් වළලූකර සන්ධිය ඇදී ගියහොත් එම වළලූකර සන්ධියේ ස්ථාවර බව පවත්වාගෙන යෑම ස`දහා පවතින බන්ධනී ඇදී යාමකට ලක්වන්නට පුඵවන්. කකුල පෙරළීම වශයෙන් අප සාමාන්‍ය ව්‍යවහාරයේ හැ`දින්වීමට හුරුවී සිටින මෙම තත්වය ඕනෑම වයස් මට්ටමක කෙනෙකුට අත්විදින්නට සිදුවිය හැකි වේදනාත්මක අත්දැකීමක්. දුවන පනින වයසේ පසුවන දරුවන්ටත් අඩි උස පාවහන් පළදින කාන්තාවනුත් මෙම ආබාධයට වැඩිපුර ලක්වීමේ අවධානමක් පවතිනවා. මේ ඇදිරිනීති දවස්වල එහෙම දෙයක් උනොත් ප‍්‍රතිකාර ලබාගන්නට යාමත් තරමක් අපහසු වෙන්න පු`ඵවන්. නමුත් පහතින් දක්වා ඇති ප‍්‍රතිකර්ම හරියට කළොත් රෝහල් ගතවෙන්න ඕන වෙන එකක් නැහැ.
වළලූකර සන්ධිය වැනි සන්ධියක හෝ මාංශ පේෂයක ඇතිවන ආබාධිත තත්වයකදී විවේක ගැනීම මුලින්ම කළයුතු දෙයක්. නමුත් වෙඵම් පටියක් වැනි දෙයක් පැළැද නැවත නැවත එම සන්ධියේ ක‍්‍රියාකාරීත්වය ඇති වුවහොත් එම සන්ධියේ ඇති බන්ධනී තවදුරටත් ඇදී යාමක් සිදුවන නිසා ස්ථාවර බව තවදුරටත් නැතිවී යා හැකියි. එවිට එම බන්ධනී හා සම්බන්ධ රුධිර නාල පලූදුවීම නිසා අධික රුධිර වහනයක් එම සන්ධියේ ඇතිවිය හැකියි. මේ නිසා හැකි උපරිම ලෙස මුල් දිනයේ හා දෙවන දිනයේ විවේක ගැන්වීම අත්‍යාවශ්‍ය දෙයක්.
මෙවැනි අනතුරකට බදුන් වූ විට බන්ධනීයවල සිදුවන අධික රුධිර වහනය වළක්වා ගැනීම ස`දහා අයිස් යොදා ගත හැකියි. ඒ අනුව අයිස් කැට කිහිපයක් අත් පිස්නාවක් වැනි රෙදි කැබැල්ලක ඔතා ආබාධය ඇතිවූ සන්ධිය අවට හො`දින් තැවීම කළ යුතුයි.
නමුත් එක දිගට අයිස් සම මත තැබීම නොකළ යුතුයි. සාමාන්‍යයෙන් තවන ආකාරයට උස් පහත් කර අයිස් තැබීම කළ යුතු අතර, එක දිගට විනාඩි 3-5 අතර කාලයක් ප‍්‍රමාණවත් වෙනවා. අනතුර සිදුවූ මුල් පැය 24 තුළදී කිහිප වරක් මෙම සත්කාරය ලබාදිය හැකිනම් ඉතා සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගතහැකියි.
අනතුර සිදුවූ සන්ධියේ චලන අඩුකිරීම සදහා විවේක ගන්නා අතර තුර මුල් දින කිහිපයේ වෙලූම් පටියකින් වෙලා තැබීමත් සාර්ථක පිළියමක්. එමගින් සන්ධියේ ඉදිමෙන ගතිය බොහෝ දුරට අවම කරගත හැකිවෙනවා, මෙන්ම සන්ධිය නොසෙල්වා තබා ගැනීමටත් එය උපකාරී වෙනවා. නමුත් බැන්ඬේජ් භාවිතයේදී කේ‍්‍රප් බැන්ඬේජ් යොදා ගැනීම සුදුසුවන අතර, අධික ලෙස තද නොවන ලෙස යෙදීමටත් මතක තබාගත යුතුයි. එයට හේතුව එයින් වෙනත් අතුරු ප‍්‍රතිඵල ඇතිවිය හැකි නිසයි. කෙසේ් වෙතත් බැන්ඬේජය ආබාධයට ලක්වූ බන්ධනීය තවදුරටත් ඇදීමකට ලක්නොවන අන්දමට තරමක තද ගතියෙන් භාවිතා කිරීම නිවැරදි ක‍්‍රමයයි. නමුත් බැන්ඬේජය යෙදීමෙන් පසුව පාදයේ නියපොතු නිල්වීමක්, පාදයේ ඇගිලි ඉදිමීමක් , ඇගිලි ප‍්‍රදේශයේ වේදනාවක් ඇතිවුවහොත් බැන්ඬේජය බුරුල් කිරීම හෝ ඉවත් කිරීම කළ යුතුයි.

විවේක ගැනීමේදී ආබාධයට ලක්වූ වළලූකර සන්ධිය ඔසවා තබා ගැනීමත් හොද ප‍්‍රතිකර්මයක්. එනම් ඔබ ඇෙදහි වැතිරී සිටින විට පාදය ඇති පැත්තේ මෙට්ටය යටින් කොට්ටයක් හෝ දෙකක් තබා මෙට්ටය ඔසවා තැබීම සුදුසුයි. එවිට ඔබගේ පාදය හෘදයේ මට්ටමට වඩා වැඩි උසකින් පිහිටුවා ගැනීම තුළින් ඉදිමෙන ගතිය බොහෝ දුරට වළක්වා ගත හැකියි. මෙය මුල් දින 2-3 තුළම සිදුකළ ඇකි අතර, ඒ තුළින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගතහැකියි.
මෙතෙක් අප සදහන් කළේ අබාධය ඇතිවූ මුල් දින දෙක සදහා කළ හැකි ප‍්‍රතිකර්මයි. නමුත් අස්ථී බිදීමක් පිළිබදව යම් සැකයක් පවතීනම් ළ`ගම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට හෝ රෝහලට ගොස් ප‍්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි.
අස්ථි බි`දීයාමක් සිදුවී නැත්නම් , බාහිර තුවාළද නොමැති නම් වේදනා නාශක ඖෂධ ලබා ගනිමින් විවේක ගැනීම කළ හැකියි.
එහිදී අයිස් ප‍්‍රතිකාරය මුල් පැය 24 තුළ භාවිතා කළ හැකි අතර, ඉන් පසුව හෞත චිකිත්සක ප‍්‍රතිකාර සදහා යොමුවීම වඩාත් සුදුසුයි. එහිදී ඔබට තාප ප‍්‍රතිකාරය ලබාදෙන අතර , නිවැරදිව බැන්ඬේජ් භාවිතා කරන ආකාරය සහ කළ යුතු මෙන්ම නොකළයුතු ව්‍යායාම් පිළිබදව මෙහිදී මූලික දැනුවත් කිරීමක් කරනු ලබනවා.

කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ හෞත චිකිත්සක
උදය පී. චන්ද්‍රසේන

සටහන
සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>