TT Ads

අතන මෙතන නොදමා ඔබේ ලිපි සුරක්ෂිතව තැබිය හැකි බිත්තියේ එල්ලා තැබිය හැකි ලිපි රඳවනයකි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:-

■ මුද්‍රිත හා තනිපාට රෙදි (චීත්ත, පොප්ලින්)
■ පැඩින් ¼”
■ ලයිනින් සඳහා රෙදි
■ පයිපින් (ගැළපෙන ලෙස)
■ ලී හෝ ප්ලාස්ටික් පතුරක්
■ කුඩා ප්ලාස්ටික් වළල්ලක්

රූප සටහන අනුව මිමි වලට රෙදි මෙසේ කපා ගන්න.

■ තනි පාට රෙදි කොටස් 1 යි (20×12)
■ මුද්‍රිත රෙදිවලින් පහළ පොකට් දෙකට 5½×12 රෙදි කොටස් 1
■ ඉහළ පොකට් එකට 5×5½ ට රෙදි කොටස් 1

පොකට්වල ඉහළ වාටිය පයිපින් කර ගන්න. පහළ පොකට් එක දෙකට බෙදා ලකුණු කර ගන්න.
තනිපාට රෙද්ද – පැඩින් එක ලයිනින් එක එකට තබා ක්විල්ට් කර ගන්න. පහළ පොකට් එක තබා දෙපසින් සහ පහළින් මසා ගන්න.
පයිපින් පටියක් මැදට තබා පොකට් 2ක් වනසේ මැදින් අල්ලා ගන්න. උඩ පොකට් එක එම හැඩයට වටේ නමාගෙන අල්පෙනිති ගසා ගෙන නිවැරදිව අල්ලා ගන්න. ඉහළින් පෙන්වා ඇති ලී පතුර දමන ස්ථානයට යටින් රෙදි කොටසක් තබා දෙපසින් ලී පතුර දැමීමට හැකි වනසේ මසා ගන්න.
දැන් වටේට පයිපින් කර ගන්න (මේ සඳහා වෙළෙඳ පොළේ ඇති පයිපින් වල පළල මදි බැවින් වෙනම සුදුසු කපු රෙදි වලින් බයර්ස් කපා පයිපින් පටි සකස් කර ගන්න.) (අඟල් 1 පමණ පළලට ගන්න) ඉහළට ප්ලාස්ටික් වළල්ල පයිපින් එකටම අල්ලා ගන්න. නැතිනම් පයිපින් වලින්ම කුඩා ලුප් එකක් සාදා ගන්න.
ඔබට කැමැති පරිදි මල් කීපයක් සාදා අල්ලා ගන්න. මේ ආශ්‍රයෙන් ඔබේ නිර්මාණශීලි හැකියාව අනුව නිර්මාණය කළ හැක. තෑගි දීමට වුවද සුදුසුයි.

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
මානෙල් ප්‍රේමතිලක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>