TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • අමු ඇඹුල් කෙසෙල් ගෙඩි 3 (කුඩා කොටු කපන්න)
  • වියළි කූනිස්සන් ග්‍රෑ. 150
  • ලූනු/ ඉඟුරු / සුදුලූනු
  • රස අනුව ලුනු
  • බටර්
  • බිත්තර
  • සෝයා සෝස්
  • ගම්මිරිස්
  • පිසගත් බත් ග්‍රෑ. 500

 

සාදන ක්‍රමය

ඇඹුල් කෙසෙල් ගෙඩි ටික කොටු කපා ගැඹුරු තෙලේ බැද ගන්න. භාජනයට බටර් දමා එයට ලූනු ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු කරන්න. එයට හොඳින් සෝදා ගත් කූනිස්සන් ටිකද දමා හොඳින් තෙම්පරාදු කරගන්න.
ඉන්පසු එයට බැදගත් කෙසෙල් ගෙඩි (කොටු කපා ගත්) එකතු කරන්න. එයට බිත්තරය දමා හොඳින් කලවම් කරගෙන බත් ටික දමා ලුණු ගම්මිරිස් සෝයා සෝස් දමා කලවම් කරගන්න.

 

උපදෙස් –  ප්‍රවීණ සූපවේදී ජගත් කටුගම්පල

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>