TT Ads

කොත්තුවල රහට හිත ඇදිලා නොගිය කෙනෙක් නැති තරම්. හැබැයි කොත්තුවක් රෑට කෑවම උදේ ඉඳන් ඔබට නිවනක් දැනෙනවා නම් බොරු. ඒ නිසාම සෞඛ්‍ය සම්පන්න ආකාරයට සද්ද බද්ද නැතුව කොත්තු හදා ගන්න විදියයි මේ කියා දෙන්නේ. පැස්ටාවලින් කොත්තු හදන නිසා ලේසියි. පහසුයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  •  එළවළු තෙල් කෝප්ප 1/2ක්
  • තරමක් ගසාගත් බිත්තර 02ක්
  • තලාගත් ඉඟුරු තේ හැඳි 2ක්
  • සිහින්ව ලියාගත් රම්පෙ කොළ තේ හැඳි 01ක්
  • ලූනු කොළ ගස් 05ක් පමණ
  • කරපිංචා කොළ 10ක් පමණ
  • සිහින්ව ගාගත් කැරට් කෝප්ප 01ක්
  • පෙති කපාගත් බී ලූනු ගෙඩි 01ක්
  • සෝයා සෝස් තේ හැඳි 01ක්
  • ලුණු රස අනුව
  • තම්බාගත් ෆෙටුක්සින් පැස්ටා පැකට් 01
  • පිසගත් කුකුළු මස් හොදි කෝප්ප 3/4ක්
  • පිස සිහින්ව කපාගත් කුකුළු මස් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය:-

ඇලුමිනියම් භාජනයක් ළිප තබා ගින්දර වැඩි කර එයට තෙල් මේස හැඳි 2ක් පමණ එක් කරන්න. තෙල් හොඳින් රත් වූ පසු බිත්තර එයට දමා වියළි බිත්තර කැබැලි සිටින සේ බැදෙන්න හරින්න. අනතුරුව එම බැදගත් බිත්තර කැබලි භාජනයකට දමා භාජනය පිරිසිදු කරගන්න. පසුව නැවතත් ළිපෙහි ගින්දර මඳක් අඩුකර එයට තෙල් මේස හැඳි තුනක් පමණ එක්කර කරපිංචා, රම්පෙ කොළ, ඉඟුරු එක්කර රන්වන් පැහැ වනතෙක් බැද ගන්න. පසුව එයට ලූනුකොළ හා කැරට් එකතු කර මිනිත්තුවකින් පමණ ලුණු එකතු කර හොඳින් තෙම්පරාදු කර ගන්න. ඉන්පසුව එයට සෝයා සෝස් එකතු කර එම මිශ්‍රණය බෝල් එකකට ඉවත් කර පිරිසිදු කර ගන්න. නැවත එම භාජනය ළිප තබා තෙල් මේස හැඳි 3ක් පමණ එක්කර තම්බාගත් පැස්ටා, පිස ගත් කුකුළුමස් කලින් සාදාගත් එළවළු මිශ්‍රණය හා බිත්තර එකතු කරන්න. අනතුරුව එයට කුකුළු මස් හොදි එක්කර රස අනුව ලුණු දමා ළිපෙන් බා ගන්න.

මීගමුව , ජෙට්වින් බ්ලූ හෝටලයේ ප්‍රධාන සූපවේදී
කෙනඩි ජයමාන්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>