TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය:-

 

  • තරමක එග් ප්ලාන්ට් ගෙඩි 5ක්
  • (තද දම්පාටින් යුතු බෝල වම්බටු)
  • ලුණු රසට අනුව
  • දෙහි යුෂ රසට අනුව
  • තම්බාගත් කඩල අඬු කෝප්ප 1
  • ඔලිව් තෙල් මේස හැඳි 5
  • කළුපාට ඔලිව් ගෙඩි කීපයක්

 

සාදන ආකාරය:-

එග් ප්ලාන්ට් සෝදා පිරිසිදු කර සිහින් පිහි තුඩකින් සිදුරු කර ගන්න. දැන් මේවාට ලුණු කුඩු ටිකක් ඉස, අවන් එකක දමා විනාඩි 12ක් පමණ බේක් කර ගන්න. දැන් මේවා දෙකට පලා මදය සූරා ගන්න. පොතු ඉවත් කරන්න. දැන් මෙයට තම්බාගත් කඩල, ඔලිව් තෙල්, දමා පාප්පයක් සේ බ්ලෙන්ඩර් කර ගන්න. දැන් එය බඳුනකට දමා ලුණු, දෙහි යුෂ එකතු කර ගන්න. දීසියකට දමා ඒ මත ඔලිව් ගෙඩි තබා සරසා මේසයට යවන්න.

ප්‍රධාන විධායක සූපවේදී  විමල් නාගොඩවිතාන

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>