TT Ads

සුවසේවාවෙහි නිරත සිය සගයන් තමන්ගේ ජීවිත අවදානම ගැනද නොතකා කොරෝනා වසංගතය විසින් බිලිගනිමින් සිටින රෝගීන්ගේ ජීවිත සුරැකීමට වෙහෙසෙන අයුරු දෙස ඔහු බලාසිටියේ සංවේගයෙනි.පළපුරුදු වෛද්‍යවරයකු වන ඔහුද කිසිවිටෙක සිය වගකීම පැහැරහැරියේ නැත.නමුත්, මෙය මරණය සමග කරන සෙල්ලමකි.මරණය දොරකඩටම පැමිණ ඇති සමයක,ප්රමාණවත් සනීපාරක්ෂක මෙවළම් පවා නොමැතිව කොතෙක්කලක් නම් මේ අවදානමට මුහුණදෙන්නද?
මෙයින් සිදුවන්නේ සුවසේවකයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත පවා අනතුරේ හෙළිමක් නොවේද?මෙවන්වූ සිතිවිලි සිතට වදදෙද්දී තවදුරටත් නිහඩව සිටීම අනුවණකමක් බව විශේෂඥ  වෛද්‍ය අබ්දුල් මබූද් චවුද්රි ට වැටහිණි. බංගලාදේශයේ උපත ලැබූ 53 හැවිරිදි  වෛද්‍ය චවුද්රි සේවය කරමින් සිටියේ නැගෙනහිර ලන්ඩනයේ Hackney හි Homerton රෝහලේය.මෞත්රික රෝග පිළිබද විශෙෂඥයකුවූ ඔහු දරුවන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි . ලොවම ගිලගනිමින් සිටින කොරෝනා වසංගතය හමුවේ රෝගීන් බේරාගැනීම උදෙසා අමිල මෙහෙවරක නිරතවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව වෙනුවෙන් හඬ නැගීම සදහා තවත් ප්‍රමාදවියයුතු නැති බව ඔහු තරයේ සිතට ගත්තේ මේ තීරණාත්මක මොහොතේ වෙනත් විකල්පයක් නොමැති බව තේරුම් ගත් නිසාය.
අවසානයේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට ලිපියක් ලියූ ඔහු එය කාගේත් දැනගැනීම සදහා එය සිය ෆෙස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත්කළේය.
”ගෞරවනීය අගමැතිතුමනි,එක්සත් රාජධානියේ සිටින සියලූම සෞඛ්‍ය සේවකයන් සදහා පුද්ගලික ආරක්ෂක මෙවලම් (PPE) කඩිනමින් ලබාදී ඔවුන්ගේත්,ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන්න..” වෛද්‍ය චවුද්රි විසින් මීට සති 3කට පමණ ඉහතදී බ්‍රිතාන්‍ය අගමැතිවරයා වෙත ලියන ලද ලිපියෙහි හරය වූයේ එයයි. එම ලිපියෙන් ඔහු තරයේ අවධාරණය කර තිබුණේ රෝගීන් සමග ඝ්රිජුව සම්බන්ධතා පවත්වන පිරිස වන සෞඛ්‍ය සේවකයන්ටද අන් අයට මෙන්ම රෝගවලින් තොර ව නිදහසේ ජීවත්වීමට අයිතියක් තිබිය යුතු බවය,
කොරෝනා වසංගතය හමුවේ දිවි නොතකා සේවය කරන සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එමගින් නව කතිකාවක් නිර්මාණය වුවද සිය සටනෙහි කෙළවර දකින්නට වෛද්ය චවුද්රි ට නොහැකිවිය. ඒ කොරෝනා වසංගතයේම බිල්ලක් බවට පත්ව ඔහු පසුගියදා ( 9 ) සදහටම දෙනෙත් පියාගත් නිසාය.ජීවිතය උදෙසා දින 15ක් කොරෝනා මාරයා සමග සටන්කළ ඔහු අවසානයේ ඒ සටනින් පරාජයට පත්විය. .”ඔහු මියගියේ විරුවෙකු වගෙයි” මෙම වියෝව සැලවූ වහාම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් Hackney හි නගරාධිපති පිලිප් ග්ලැන්විල් එලෙස සදහන් කර තිබුණි. නගරාධිපතිවරයාගේ ප්රකාශය අනුමත කරන බොහෝදෙනාගේ අදහස වන්නේ, බ්‍රිතාන්‍යයේ පමණක් නොව කොරෝනා වසංගතය හමුවේ දිවි පරදුවට තබා සිය වගකීම ඉටුකරන මුලූ ලොවෙහිම සුවවිරුවන්ගේ ආරක්ෂාව ගැන පාලකයන් වඩාත් සැලකිලිමත්විය යුතු බවට විශේෂඥ වෛද්‍ය අබ්දුල් මබූද් චවුද්රි සිය මරණයෙන් පවා පණිවුඩයක් ලබා දුන් බවය.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>