TT Ads

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අධිකාරීන් ගේ අන්තර්ජාතික ජාලය (INFOSAN) ඔස්‌සේ අන්තර්ජාතික වශයෙන් අලෙවි වන ආහාර මත COVID-19 රෝගය සඳහා හේතු සාධක වන SARS-CoV 2 වයිරසය පැවතීමේ විභවය සහ වෛරසයේ සම්ප්‍රේෂණය සදහා ආහාරවල භූමිකාව පිළිබඳ වැඩිදුර තොරතුරු ජාතික අහාර සුරක්ෂිතතාවය පිළිබඳ අධිකාරීහු සොයමින් සිටිති. වර්තමානයේ SARS-CoV-2 හි ජීව්‍යතාව( viability) සහ නොනැසී පැවතීමේ(Survival) කාලය හඳුනාගැනීම පිළිබඳ විමර්ශනද සිදු වෙමින් පවතී.

සාමාන්‍ය රීතියක් ලෙස අමු සහ අඩුවෙන් පිසින ලද සත්ත්ව ආහාර පරිභෝජනයෙන් වැලකී සිටිය යුතුය. නොපිසූ ආහාර මගින් සිදුවෙනහරස්- අපවිත්‍ර්‍රනය ( Cross contamination) වැලැක්වීම සඳහා අමු/නොපිසින ලද මස්/මාංශ, කිරි හෝ සත්ත්ව අවයව සැලකිල්ලෙන් පරිහරණය කළ යුතු ය.

මෙයට පෙර පැවැති කොරෝනා වෛරස හා සම්බන්ධ වසංගත වන උග්‍ර තීව්‍ර ශ්වසන සහලක්ෂණ කොරෝනා වෛරසය (SARS-CoV) සහ මැදපෙරදිග ශ්වසන සහලක්ෂණ කොරෝනා වෛරසය (MERS-CoV ) තුලින් ලබාගත්. අත්දැ කීම් වලින් පෙනී යන්නේ ආහාර පරිහරණය කිරීම තුළින් මෙම වෛරස සම්ප්‍රේෂණය නොවන බවයි.

SARS-CoV-2(Covid-19) වෛරසය ආහාර හරහා සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් කිසිදු වාර්තාවක් නොමැත. කෙසේ නමුත් මේ වෛරසයට අමු/නොපිසු සත්ත්ව සම්භවයක් සහිත ආහාර මත නොනැසී පැවැත්මේ හැකියාව පිළිබඳව සොයන්නට අවධානය යොමුවී ඇත.

SARS-CoV-2 හි ජීව්‍යතාව සහ නොනැසී පැවතීමේ කාලය පිළිබඳ විමර්ශන දැනට සිදු වෙමින් පවතී. අනෙකුත් කොරෝනා වෛරස පිළිබඳ පර්යේෂණ වලට අනුව සාමාන්‍යයෙන් කොරෝනා වෛරස වර්ග ශීත කළ තත්ත්ව යටතේ අධික ස්ථායිතාවයක් දක්වන අතර -20°C උෂ්ණත්වයේ වසර 2 ක් දක්වා නොනැසී පැවතිය හැකි බව පෙන්වා දී ඇත.

SARS-CoV සහ MERS-CoV පිළිබඳ කර ඇති පර්යේෂණ පෙන්වා දී ඇත්තේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, ආලෝකය වැනි විවිධ පරාමිතීන් එකතුවක බලපෑම මත විවිධ පෘෂ්ඨ මත මෙම වෛරස දින කිහිපයක් දක්වා නොනැසී පැවැතිය හැකි බව ය. නිදසුනක් ලෙස MERS-CoV වෛරසයට ශීතකරණ උෂ්ණත්වය (refrigeration temperature) වන 4°C උෂ්ණත්වයේ පැය 72 ක කාලයක් නොනැසී පැවතිය හැකි ය.

අනෙකුත් කොරෝනා වෛරස පිළිබද ලැබී ඇති සාක්ෂි අනුව අඩු සහ අධිශීත උෂ්ණත්ව යටතේ යම් කාල සීමාවක් තුළ එම කොරෝනා වෛරස් ස්ථායි වුවද ආහාර සනීපාරක්ෂක හා ආහාර සුරක්ෂිතතා පුරුදු අනුගමනය කිරීමෙන් ආහාර මගින් සිදුවිය හැකි මේ වෛරසයේ සම්ප්‍රේෂණය වළක්වා ගත හැකිය.

විශේෂයෙන් කොරෝනා වෛරස තාප අස්ථායී බැවින් සාමාන්‍ය පිසීමේ උෂ්ණත්ව වලදී (70°C)විනාශ වීමේ නැඹුරුවක් පවතී. මේ නිසා පොදු නියමයක් සේ නොපිසූ හෝ අසම්පූර්ණව පිසූ සත්ත්ව නිෂ්පාදන මගහැරීම සුදුසුය . එමෙන්ම නොපිසූ ආහාර වලින් සිදුවනහරස්-අපවිත්‍රනය(Cross Contamination) වළක්වා ගැනීම සඳහා අමු/නොපිසින ලද මාංශ, කිරි හෝ සත්ත්ව අවයව ඉතා ආරක්ෂිතව පරිහරණය කිරීම වැදගත් වේ.

විශේෂඥ වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>