TT Ads

කුලීරථ සේවා කර්මාන්තයේ නව පෙරළියක් ඇතිකරමින් ටෙරිපික් පුද්ගලික සමාගම (TerryPick pvt Ltd ) ශ්‍රී ලංකාවේ පළමුවරට රියැදුරන් රහිතව වාහන ඇනවුම්කර ලබාගැනීමේ සේවාවක් (Rent a car ) පසුගියදා (15) හඳුන්වාදෙනු ලැබීය.මේ සඳහා ශ්‍රී ලංකාවේ පළමුවරට නිර්මාණය කළ විශේෂ ඇප් එක (සේවා මෘදුකාංගය ) “TerryPick rent a car app 1 “ යන නමින් හඳුන්වාදෙනු ලැබුවේ කුලීරථ සේවාවෙහි නිරත ව්‍යාපාරිකයන්,මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයකදීය.මෙම එළිදැක්වීමේ උත්සවය කොළඹ 01, ලයිට් හවුස් ගැලේ හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

“TerryPick rent a car app 1 “ හි විශේෂත්වය වනුයේ රියැදුරන් රහිතව වාහන ලබාදෙන ඕනෑම කුලීරථ සේවා ආයතනයකට මෙහි ලියාපදිංචිවීමෙන් ඝෘජුවම පාරිභෝගිකයන් සමග සම්බන්ධවී සිය සේවාවන් සැපයීමේ අවස්ථාව හිමිවීමය.මෙහිදී තමන් සතු වාහන පිළිබඳ දත්ත මෙම ඇප් එකෙහි ඇතුළත් කිරීමේ පහසුකම කුලී රථ සේවා ආයතන වලට හිමිවන අතර , මේ හරහා වාහන මාදිලි සහ මිල ගණන් ආදිය සසඳා බලමින් තමන්ගේ අවශ්‍යතාවයට සරිලන වාහනය තෝරාගැනීමේ පහසුකම පාරිභෝගිකයන්ට හිමිවෙයි.

‘කුලීරථ සේවාවන් පාරිභෝගිකයන් වෙත සමීපකරවීම සඳහා අදවනවිට විවිධාකාරයේ මෘදුකාංග හඳුන්වාදී තිබෙනවා.නමුත් රියැදුරන් රහිතව කුලීරථ ලබාදෙන සියලුම ආයතන එක්තැන් කරන ඇප් එකක් මෙලෙස ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන්නේ පළමුවරටයි. “TerryPick rent a car app 1 “ හරහා, රියැදුරන් රහිතව කුලීරථ සපයන , ශ්‍රී ලංකාවේ සියලුම ආයතනවල සාමූහික එකතුවක් අන්තර්ජාලය තුළ නිර්මාණය වෙනවා. එමගින් පාරිභෝගිකයන්ටද තමන්ගේ අවශ්‍යතාවයට හරියටම සරිලන වාහනය ඉතාම පහසුවෙන් එකම තැනකින් තෝරාගැනීමේ පහසුකම සලසාදී තිබෙනවා.” යනුවෙන් ටෙරිපික් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සංජය පුෂ්පකුමාර මහතා පැවසීය. ඕනෑම කුලී රථ සේවා ආයතනයකට ” TerryPick rent a car app 1” හි” නොමිලේ ලියාපදිංචි විය හැකි අතර, පළමු මාසය තුළ ඇප් එක හරහා සිය සේවාවන් සැපයීම සඳහා එම ආයතනවලින් කිසිදු මුදලක් අය නොකරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
“TerryPick rent a car app 1 “ පිළිබඳ වැඩි විස්තර 0771871871 දුරකථන අංකයෙන් හෝ www.terrypick.com වෙබ් අඩවිය සහ TerryPick ඇප් එක ඔස්සේ ලබාගත හැකිය.

කුලීරථ සේවා ආයතනයක් ලෙස සිය සේවාවන් ආරම්භකළ ටෙරිපික් පුද්ගලික සමාගම වසර 10කට අධික කාලයක් පුරා දහස්ගණනක්වූ පාරිභෝගික පිරිසකට විශ්වාසනීය සේවාවක් සපයමින් ක්ෂේත්‍රය තුළ කීර්තිමත් නාමයක් දිනාසිටියි.ලොව නවීනතම තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකේය කුලීරථ සේවා කර්මාන්තය නව මගකට යොමුකිරීමේ දැක්මෙන් යුතුව සමාගම කටයුතු කරයි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>