TT Ads

නිරෝගීව දිගුකල් ජීවත් වන්නට සිතන ඔබ ඉතා යහපත් වූ සිතුවිලි සහිතව සරල ජීවිතයක් ගත කරන අයෙකු විය යුතුයි. සදාචාර ගුණ දහම් ප්‍රගුණ කරමින් කය හා මනස මැනවින් පාලනය කර ගත්තෙකු වීම අනිවාර්යය වේ.

එලෙස ගත කරන ජීවිතය තුළ දිනකට සුළු වේලාවක් හෝ භාවනාවේ යෙදෙන්නට අතපසු නොකරන්න. පිරිසිදු වතුර, පිරිසිදු වාතය, හිතකර ආහාර පාන, එළිමහන් ක්‍රීඩා, ඇවිදීම, විවේකය සමග යෝගාසන ඔබට සෞඛ්‍ය සම්පන්නව දිගු කල් ජීවත් වන්නට මං පාදා දෙයි.

අද අප ඔබට හඳුන්වාදෙන අනන්තාසනය ඉතා පහසුවෙන් නිරත විය හැකි වාසනාවන්ත යෝගාසනයක් ලෙස හැඳින්විය හැකියි. කුමන රෝගී තත්ත්වයකින් පෙළුණද එය අනන්ත ආසනයේ රැඳී සිටින්නට බාධාවක් නොවේ.

මනස එක්තැන්කොට ගෙන අනන්ත ආසනයේ රැඳී සිටීම ඔබ ඇල්ෆා තත්ත්වයට පත් කරවයි. ඇල්ෆා තරංග සමග ධ්‍යානයකට සමවැදී ජීවත් වන්නකුට ආකර්ෂණීය රූප කායක් උරුම වේ.

අනන්ත ආසනයට පිවිසෙන ආකාරය
 යෝගාසනයේ උඩුකුරුව වැතිරෙන්න.
 දකුණු ඇලයට සෙමෙන් හැරෙන්න.
 දකුණු කන අසලින් අත තබාගෙන දකුණු වැලමිටට බර දෙන්න.
 වම් පාදය දකුණු පාදය මත තබාගෙන වම් අත වම් කලවා මත තබා ගන්න.
 දෙනෙත් පියාගෙන හුස්ම ගැනෙන පිටවෙන රිද්මයට මනස යොමු කරන්න. මනස සංසුන්වන තෙක් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන්න.
 වම් පාදය නමා වම් අතින් පාදයේ මහපට ඇඟිල්ල අල්ලා ගන්න.
 සෙමෙන් එම පාදය ඉහළට ඔසවන්න.
 පාදය සෙමෙන් දිග හැරුණු පසුව එම පාදය තමන්ගේ කන දෙසට මදක් අදින්න. සිරුර එහා මෙහා චලනය නොවනසේ ආසනයේ රැඳී සිටින්න.
 තත්පර 30-60 ඉරියව්වේ රැඳී සිට ඉන් නිදහස් වී අනෙක් ඇලයට හැරී පෙර ලෙසට ආසනයට පිවිසෙන්න.
අනන්ත ආසනයේ ප්‍රතිඵල
 උකුල් ඇට සන්ධි දණහිස් සන්ධි සහ වළලුකර සන්ධි හොඳින් ක්‍රියාකාරි වේ.
 මනස ඒකාන්විත කරවන අතර ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි.
 පාද බාහු ස්නායු ක්‍රියාකාරි වීමෙන් සිරුරේ ලිහිල් ස්වභාවය වර්ධනය කරවයි.
 ශ්‍රෝණි ඉන්ද්‍රියන්ට සහ නිර්නාල ග්‍රන්ථින් සඳහා යහපත් රුධිර සැපයුමක් ළඟා කරවයි.
 නහර ගැට ගැසීම පාලනය කරවයි.
 නිතර කෙන්ඩා පෙරළීමෙන් පීඩාවිඳින අයව එම පීඩාවෙන් මුදවාලයි.
 අධි රධිර පීඩනයට හිතකරයි.
 මුත්‍රාශය ආශ්‍රිත රෝග, වෘෂණ කෝෂවල ඉදිමීම්, ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ රෝගී තත්ත්වයන් සුවපත් කරයි.
 ශුක්‍රාණු සහ ඩිම්බ දුර්වලතා මග හරවයි.
 ලිංගික දුබලතා නැති කරයි.
 ඔසප් ආශ්‍රිත රෝග සමනය කරයි.

පාදය ඉහළට ඔසවන ඉරියව්වට පැමිණීමට අසීරු නම් හැකි සෑම විටකම අනන්ත ආසනයේ වැතිර සිටින්නට උත්සාහ දරන්න. එය ඔබ නොසිතන තරමේ මහත් ඵල ළඟා කරවයි.

ප්‍රවීණ යෝගා උපදේශිකා ,රේකී අචාරිනී

ආර්යා ෆ්රෝලිව්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>