TT Ads

බෑවුම් සහිත බිමක ඉදිකළ අපූරු නිවහනකි මේ. පාර මට්ටම තෙක් බිම්මහලේ බිත්ති ඔසවා කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දමා ඇති නිසා නිවසට ඇතුළුවන ප්‍රධාන දොර පළමු මහලින් යොදා ගෙන තිබීම මෙම නිවසේ විශේෂත්වයක්.

නිවසට ඇතුළුවූ පසු පළමු මහලේ සිට බිම්මහලට ගමන් කිරීම සඳහා තරප්පු පෙළක් යොදා ගෙන ඇති අතර බිම්මහලේ නිදන කාමර දෙකක්, පැන්ටි්‍රයක්, රූපවාහිනී නැරඹුම් ස්ථානයක් හා අලංකාර ආලින්දයක් එක්කර තිබෙනවා.

පළමු මහල නිදන කාමර දෙකක්, තරමක් විශාල සාලයක්, නාන කාමරයක් හා මුළුතැන්ගෙයකින් සමන්විතයි.
මෙම නිවසේ වහලය සඳහා භාවිත කර ඇත්තේද ස්ලැබ් එකක් නිසා එය ගෙමිදුල ලෙසද භාවිතයට ගත හැකියි. පළමු මහලේ සිට ඉහළ මාලයටත්, බිම්මහලටත් පිටතින් ගමන් කළ හැකි පරිදී පඩිපෙළවල් දෙකක් යොදා තිබෙනවා. මේ නිසා මහල් දෙක වෙන් වෙන් වශයෙන් හෝ පවුල් දෙකකට භාවිතයට ගත හැකියි.
බැලූ බැල්මට තනි මහලක් සේ දිස්වන මෙම දෙමහල් නිවස සම්පූර්ණයෙන් වැඩ නිම කිරීම සඳහා ලක්‍ෂ හැටක පමණ මුදලක් වැය වෙනවා. නමුත් මෙය තමන්ට හැකි පරිදි කොටස් වශයෙන් ඉදිකර පදිංචි වී ඉතිරි කොටස් ටිකෙන් ටික අවසන් කරගත හැකියි.

Ground Floor plan

 

First Floor plan

ගොතටුවේ දිනුදා හෝම්ස්හි
ගෘහ නිර්මාණ ශිල්පිනී ,වාස්තු විද්‍යා උපදේශිකා
නිසංසලා කොළඹගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>