TT Ads

ඉන්දියාව යනු කාන්තාවන්ට ඉතා අඩු අයිතිවාසිකම් සහිත රටක් ලෙස ප‍්‍රසිද්ධියට පත් ව තිබුණේ මීට දශක දෙකකට පමණ පෙර කාලයේ ය. එසේ වුවද වර්තමානයේ පවා දකුණු ඉන්දීය තරුණියන්ට විවාහවීමේ අවස්ථාව අහිමි වී තිබෙන්නේ ඔවුන්ට මාපිය උරුමයෙන් කිසිදු වත්කමක් දායාද ලෙස ලබා දීමට නොහැකි තත්වය මත ය. එපමණක් ද නොව අද පවා දකුණු ඉන්දීය කතුන් දියණියන් වදන්නට දැඩි අකමැත්තකින් පසුවෙති. මේ සියල්ලටම හේතු වී තිබෙන්නේ දකුණු ඉන්දියාවේ කාන්තාවන්ට හිමි වී ඇති අඩු අයිතිවාසිකම් ය.
එය එසේ තිබියදී ඉන්දියාවේ පළමු ප‍්‍රහාරක ගුවන් නියමුවරියන් තිදෙනා පිළිබඳ කතාව මේ වනවිට ඉන්දියානු මාධ්‍ය කළඹවමින් තිබේ. ජනවාරි මස මුල් සතියේ මෙම ගුවන් නියමුවරියන් ඉන්දියාවේ පළමු ප‍්‍රහාරක ගුවන් නියමුවරියන් ලෙස සිය පත්වීම් භාරගනු ලැබුවාය. ඔවුන් නමින් අවානි චතුර්වේදී, භාවනා කාන්ත් සහ මෝහනා සෙත් ය. පත්වීම් ලද පසු සිය මංගල ප‍්‍රහාරක ගුවන් චාරිකාව ලෙස මේ තිදෙනා පසුගිය දිනක ඵසඨ-21 ඊසිදබ වර්ගයේ ප‍්‍රහාරක යානාවක නැගී ප‍්‍රදර්ශණ ගුවන් ගමන ඇරඹුවාය. මෙම මංගල ගුවන් චාරිකාවත් සමග මොවුන් තිදෙනා ඉන්දීය ඉතිහාසයේ නව පරිච්ෙඡ්දයක් ආරම්භ කරනු ලැබිණි.
24 හැවිරිදි අවානි චතුර්වේදී හයිද්‍රාබාද් ගුවන් හමුදා ඇකඩමියෙන් සිය ගුවන් පුහුණුව අවසන් කළ අතර ඇය බනස්තාලි විශ්ව විiාලයේ තාක්ෂණ උපාධිධාරිනියකි. 2014 වසරේ ඉන්දියානු ගුවන් හමුදාවට බඳවා ගැනීමේ පරීක්ෂණයෙන් සමත් වූ ඇය එම වසරේ සිට ගුවන් හමුදාවේ සේවය කරන්නීය. 2016 වසරේ ප‍්‍රහාරක ගුවන් යානා පුහුණුව ලැබීම සඳහා ඇය සමග එක් වී සිටි තරුණියන් ගණන හයකි. අවානිගේ පියා ඉන්දියානු ජල සම්පාදන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ඉංජිනේරුවරයෙකි. මව ගෘහණියක වන අතර සහෝදරයා ඉන්දීය යුධ හමුදාවේ උසස් නිලධාරියෙකි.
ඉන්දියානු ඛනිජ තෙල් සමාගමේ විදුලි ඉංජිනේරුවරයෙකු වූ නාරායන් කාන්ත්ගේ දියණිය වන 25 හැවිරිදි භාවනා කාන්ත් ජාතික ආරක්ෂක ඇකඩමිය වෙත අයදුම්පතක් යොමු කර තිබුණ ද ඇයට ඊට ඇතුළු විය නොහැකි වූයේ ඒ වනවිට ජාතික ආරක්ෂක ඇකඩමියට කාන්තාවන් බඳවා ගැනීම සඳහා නීති ප‍්‍රතිපාදන නොතිබූ බැවිනි. ඉන්පසු ඇය ඊඵී ඉංජිනේරු විiාලයෙන් ඉංජිනේරු උපාධිය හදාරා ඉන්දීය ගුවන් හමුදාවට එක් වීය. 2016 වසරේ ප‍්‍රහාරක පුහුණුව ලැබූ පළමු කාන්තාවන් හය දෙනා අතරට ඇය ද ඇතුළත් ය.

දකුණු ඉන්දියාවේ අඩු ආදායම්ලාභී පවුලක තරුණියක වන මෝහනා සෙත් ඉංජිනේරු උපාධිය සමත් වූ පසු සිය අධ්‍යාපන මට්ටමට සුදුසු රැුකියාවක් ලැබෙන තුරු ගුවන් හමුදාවේ සේවය කිරීම සඳහා අයදුම් කරනු ලැබිණි. ගුවන් හමුදාවට බැඳුණු පසු ඇගේ අධ්‍යාපන සුදුසුකම් සළකා බැලීමෙන් පසු ඇයට ද 2016 වසරේ ප‍්‍රහාරක ගුවන් යානා පුහුණුව සඳහා අවස්ථාව උදා විය. ඇය හමුදාවට බැඳුණු බව දැනගත් අසල්වාසීන් ඇගේ මව්පියන්ට අපහාස කරමින් බැන වැදුණු අවස්ථා ද තිබූ බව මෝහනා මාධ්‍යයට පවසා තිබිණි.
මෙම තරුණ ගුවන් නියමුවරියන් තිදෙනා පත්වීම් ලැබීමෙන් පසු සිදු කළ මංගල ප‍්‍රහාරක ගුවන් ගමන පැය එක හමාරකට සීමා වූ අතර එය උපරිම පැයට කිලෝ මීටර් 340 ක වේගයක් ලෙස වාර්තා වී තිබේ. ඉන්දියානු ගුවන් හමුදාව පවසන්නේ එය මෙම ආධුනික නියමුවරියන් සඳහා ඉතා හොඳ වේග සීමාවක් බවයි. ඉන්ඩියා ටුඬේ වෙබ් අඩෙවිය වාර්තා කර තිබෙන්නේ දෑවැදි නොමැතිව විවාහයට ම`ග බලා සිටින ඉන්දියානු තරුණියන්ට මේ තිදෙනා මහ`ගු ආදර්ශයක් සපයනු ඇති බවත් මෙතැන් පටන් ඉන්දියානු තරුණියන් ගුවන් හමුදා සේවයට වැඩි වැඩියෙන් අයදුම් කරනු ඇති බවත් ය.

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>