TT Ads

සහාර් කොයාදර් නම් ඉරාන පාපන්දු රසිකාවිය විසින් සිය කණ්ඩායමේ නිල ඇඳුම ඇඳ උසාවි සංකීර්ණයක් ඉදිරිපිටදී සිය ශරීරයට ගිනි තබාගත් සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඊට හේතුව වූයේ පිරිමියකු ලෙස හැඳ පැළඳ පාපන්දු තරග නැරඹු බවට ලැබූ චෝදනාව නිසා මාස හයකට සිරගත වීමට අකැමැත්තෙනි.
වර්ෂ 1979 වසරෙන් පසුව ඉරාන කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීම තහනම් වේ.නමුත් මේ ගිනි තබා ගැනීමේ සිදුවීමෙන් පසුව ඉරාන පාපන්දු බලධාරීන් විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට(FIFA) සහතික වී ඇත්තේ තම රටේ කාන්තාවන්ට පිරිමි තරග නැරඹීමේ අවස්ථාව ලබා දෙන බවටයි.එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගය නැරඹීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ. එම තරගයට කටයුතු සූදානම් කිරීම සඳහා ඉරානය බලා ගොස් සිටින ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිලධාරීන් කාන්තාවන්ට තරග නැරඹීමේ අවස්ථාව පිළිබඳව අවධානය යොමු කොට ඇත.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>