TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • තරමක ඉස්සන් ග්‍රෑම් 250
  •  ලොකු මාළු මිරිස් කරලක්
  • ලොකු තක්කාලි ගෙඩි 2ක්
  • ලොකු ලූනු ගෙඩි 1ක්
  • දෙහි යුෂ අවශ්‍ය පමණට
  • අඹරා ගත් අබ තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • ලුණු අවශ්‍ය තරමට

 

සාදන ක්‍රමය:-

 

  • ඉස්සන් තම්බා වලිගය ඉතිරි කර පොතු ඔළු ඉවත් කරන්න.
  • ලූනු සිහින්ව රවුම් කපා ගන්න.
  • තක්කාලි තීරු කපන්න.
  • මාළු මිරිස් කරලේ ඇට ඉවත් කර දිගු සිහින් තීරුවලට කපා ගන්න.
  • දැන් භාජනයක් ගෙන එයට අබ, දෙහි යුෂ, ලුණු දමා හොඳින් කලවම් කරන්න. ඉන්පසු එයට කපා ගත් ලූනු, තක්කාලි, මාළු මිරිස් කැබලි දමා අනා ගන්න. අන්තිමට තම්බා ගත් ඉස්සන් ටික දමා මිශ්‍ර කරන්න.

 

උපදෙස් –  ප්‍රවීණ සූපවේදිනී නිමල්කා ගුණවර්ධන

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>