TT Ads

“මගේ යටි පතුල ඉවසන්න බැරි තරම් කැක්කුමයි”‍, “ඇවිදින කොට ඉදිකටු වලින් අනිනවා වගේ රිදෙනවා”‍ මේ වගේ වේදනාත්මක ප්‍රකාශ වර්තමානයේ කාන්තාවන් බොහොමයකගේ මුවින් පිටවෙනවා. යටි පතුල්වල වේදනාව නිසා කිව නොහැකි තරමේ පීඩාවකට මොවුන් ලක් වී සිටිනවා. මෙම තත්ත්වය අද බහුල වශයෙන් දකින්නට හැකි රෝගී තත්ත්වයක්. එදිනෙදා ජීවිතයේ පවතින කාර්යබහුලත්වය නිසාම ඇතැමුන් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගෙන වේදනාව ඉවසාගෙන සිටිනවා. කාන්තාවන් අතර සුලබව පවතින යටිපතුල් ආශ්‍රිත වේදනාව පිළිබඳ නිවැරදිව දැනුම්වත්ව සිටීම ඉතා වැදගත්. අද අපි අවධානය යොමු කරන්නේ ඒ ගැනයි.

යටිපතුල් වේදනාව ඇති වීමට බලපාන හේතු

 plantar fasialitis, යටි පතුල ආශ්‍රිත වේදනාවට ප්‍රධාන හේතුවයි. යටි පතුලට පිටින් පවතින fasia layer නැතිනම් තන්තුමය පටක කොටස ඉදිමීම නිසා මෙම තත්ත්වය ඇතිවේ.

 Heel spur , ප්ලාන්ටර් ෂැෆියාටිස් තත්ත්වයට නිසි ප්‍රතිකාර නොගතහොත් එය කල් ගතවීමෙන් කැල්සියම් වලින් සෑදුණු උල් ආකාරයෙන් අස්ථි බවනය වීම් නිර්මාණය වන්නට පටන්ගන්නවා. මෙය ඉතා වේදනාකාරීයි.

 Achillis tendon නැතිනම් ඇචිලිස් නම් පාදයේ පිටුපස කොටසේ පවතින වේදනාව ඇතිවිය හැකියි. එම කණ්ඩරා ඉදිමීම achillis tendonitis, භේදනය වූ Achillis tendon rapture තත්ත්වය ඒ අතරින් ප්‍රධානයි.

 පැතලි පාද පිහිටීම (flat` foot) අපගේ පාදවල ස්වභාවයෙන්ම පවතින වක්‍රතාව අවම වීම නිසා මෙම පැතලි පාද පිහිටීම ඇතිවෙනවා. මෙය උපතින්ම වගේම වැරදි චර්යා රටා නිසාද ඇතිවිය හැකියි. ශරීරයේ බර දරා ගැනීමට සැකසී ඇති පාදවල වක්‍රතාව අවම වීම සමඟ ශරීරයේ බර බෙදී යාමේ සමතුලිතතාව නැති වී යයි. එවිට අධික බරක් පාදවලට යොමුවීම නිසා මේ තත්ත්වය ඇති වෙයි.

 වැරදි , නොගැළපෙන පාවහන් භාවිතය. අඩි උස පාවහන් වර්ග හා වෙනත් විශේෂ වල පාවහන් භාවිතය නිසා පාදයට හිර ගතිය හා අඩි උස පාවහන් නිසා යටි පතුල් පෙදෙසට ඇතිවන පීඩනය වැඩි වීම. එසේම පාවහන් ගෙවී යාමත් සමග පාදවලට පතිත වීමේදී නිවැරදි පරිදි පොළොව හා පාදය ස්පර්ශ නොවීම නිසාද මෙම පාදයේ වේදනා හටගනී.

 ආතරයිටිස් තත්ත්ව
 අස්ථි ආශ්‍රිත අනතුරු

Strees fractures ලෙස අප හඳුනාගන්නා මේ තත්ත්වය ක්‍රීඩාවල යෙදෙන කාන්තාවන් හා පිරිමින් අතරත් දකින්නට පුළුවන්. යම් බර දෙයක් පාද මත වැටීමෙන් හෝ පාදය පෙරළී යාමෙන් පෙර සිදුවූ අනතුරක් නිසාත් ඇති විය හැකියි.

 වැරදි ඇවිදීම් රටා.
ඇවිදින විට පාදය ඇතුළට හෝ ඉවතට හැරවීම (foot supination and pronation)

 වළලු‍කර ආශ්‍රිත ගැටලු‍, Metartarsalgia, මස් පිඩු පෙරළීම්, සයටිකා ඇතුළු‍ ස්නායු රෝග

මෙම රෝග තත්ත්වයට බහුලව ගොදුරු විය හැකි පාර්ශව කවුරුන්ද?

 තරබාරු කාන්තාවන්
 ක්‍රීඩා කටයුතු වල යෙදෙන කාන්තාවන්
 බොහෝ වේලාවක් සිටගෙන සිටින අය
 ගර්භණී කාන්තාවන්
 මැදිවිය හා යොවුන් වියේ පසුවන කාන්තාවන්

රෝග ලක්ෂණ

 උදෑසන ඇතිවන පාදවල වේදනාව
 කෙටි දුරක් ඇවිදීමත් සමග එම වේදනාව අඩු වුවත් දිගු දුරක් ඇවිද යාමෙන් හෝ හිට ගෙන සිටීමෙන් පසු ඇතිවන වේදනාව.
 යටිපතුල තද කිරීමේදී ඇතිවන වේදනාව
 යටිපතුල් ඉදිමීම

යටිපතුල් වේදනාවන්ට ඇති ප්‍රතිකාර මොනවාද?

 පාද ඇදීමේ හා ශක්තිමත් කිරීමේ ව්‍යායාම වලට යොමු වන්න.
 අයිස් පිරවූ වතුර බෝතලයක් හෝ කුඩා බෝතලයක් ආධාරයෙන් ටික වේලාවක් යටිපතුල පිරිමදින්න.
 නිවැරදි ඇවිදීමේ ඉරියව් භාවිත කරන්න
 ගෙවුණු හා හිරවුණු පාවහන් භාවිතය සීමා කරන්න
 තරබාරු බව අවම කරගැනීමට අවශ්‍ය ව්‍යායාම් හා ආහාර රටාවන්ට යොමුවන්න
 දිගු වේලාවක් සිටගෙන සිටීම වෙනුවට වරින් වර වාඩි වී ඉරියව් වෙනස් කරමින් පාදවලට සහනයක් ලබා දෙන්න
ඔබටත් යටිපතුල් වේදනාවන් පවතී නම් වහාම භෞත චිකිත්සක ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්. මන්ද ප්‍රමාද වීමෙන් තත්ත්වය බරපතළ වීමට හෝ ස්ටරොයිඞ් එන්නත් කිරීමට හෝ සැත්කම් කිරීමටද සිදුවිය හැකි නිසා. මේ නිසා ඔබේ වටිනා දෙපා වල සුවතාවය ගැන මනා සැලකිලිමත් බවක් දැක්වීම ඉතා වැදගත්.

මහනුවර, ජාතික රෝහලේ
භෞත චිකිත්සක,
ඉසුරු කුලතිලක

කුමුදිකා ඩී. සපුතන්ත්‍රී

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>