TT Ads

දවසේ ප්‍රධාන ආහාර වෙල් තුනෙන් වැඩිම වටිනාකමත් තියෙන්නේ උදෑසන ආහාර වේලේ කියලයි වෛද්‍යවරු පවසන්නේ. උදේ ආහාරය “රජෙක් වගේ කන්න ඕනයි” කියලා කටවහරින් කියන්නේ. ඒ නිසාම සියලු පෝෂණයන්ගෙන් එකමුතු වූ ඔමු රයිස් අප ඔබට තිළිණ කරන්නේ පෝෂණයෙන් පිරි උදෑසන ආහාර වේලක් ඔබට ලබා දීමේ අරමුණින්.

අවශ්‍ය ද්‍රව්‍ය

බත් කෝප්ප 01ක් (බාස්මතී නම වඩාත් හොඳයි)
බිත්තර 2ක්
පොල්තෙල් හෝ මාගරින් ස්වල්පයක්
කැරට් අල 01ක් පමණ (මධ්‍යම ප්‍රමාණයේ)
ලූනු කොළ ස්වල්පයක්
සිහින්ව ලියා ගත් බී ලූනු ගෙඩි 01 ක්
අමු මිරිස් කරල් 01ක්
කැමැති නම් පෙති කපා බැඳගත් සොසේජස් හෝ බැඳපු කුකුල් මස් අවශ්‍ය පමණ
ලුණු රස අනුව
කහ කුඩු ස්වල්පයක්
සුදු ලූනු බික් 4ක් පමණ
කැබැලි මිරිස් ස්වල්පයක්

සාදා ගන්න ආකාරය
පෑන් එකක් ළිප මත තබා තෙල් හෝ මාගරින් එක්කර හොඳින් රත්වනවිට සුදු ලූනු, අමුමිරිස්, කැබැලි මිරිස්, ලුනු දමා රන්වන් පැහැවනතෙක් තෙම්පරාදු කරගන්න. එයට සොසේජස් හෝ බැඳගත් කුකුළුමස් කැබැලි එක්කරන්න. අනතුරුව කැරට්, ළුෑණු කොළ, කහ දමා මුලින් පිසගත් බත් දමා හොඳින් කලවම් කරගන්න. අනතුරුව තවත් පෑන් එකක් ලිප මත තබා ගසාගත් බිත්තර 2 එකතු කර ඝනකමට හා හොඳින් විසිරුණු ලෙස බිත්තරය සාදා එයට ඝනවීමට පෙර පිළියෙල කරගත් බත දමා දෙකට නවා ගන්න. මෙය සෝස් සමග පිළිගැන්විය හැකියි.

විශ්මි ජයනිකා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>