TT Ads

මේ මිහිතලය මතුපිට පෘෂ්ඨය නිදහස් ඉලෙක්ට්‍රෝනයන්ගෙන් පිරී ඇති බව සොයා ගෙන තිබේ. අපේ ශරීරය තුළ නිපදවෙන සිරුරට ඉතා අහිතකර Free Radicals විනාශ කර දමන්නට මෙම නිදහස් ඉලෙක්ට්‍රෝනයන් නිරතුරුව ක්‍රියාත්මක වෙයි. එහෙත් උදෑසන අවදිවූ වේලේ පටන් රාත්‍රියේ නින්දට යන තුරු පාවහන් පැළඳ සිටින අයට මෙම මහඟු ප්‍රතිලාභය අත්පත්කර ගැනීමේ හැකියාවක් නැහැ.

අපේ ශරීරය තුළ Antioxidant සේ ක්‍රියා කරමින් පෙර කී සිරුරට අහිතකර විෂ විනාශ කර දැමීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු වන්නට නම් පාද පතුල මහ පොළොව මත ස්පර්ශවන ආකාරයට පාවහන් විරහිතව අප පොළොව මත ගමන් කිරීම අවශ්‍යයි. යෝග අභ්‍යාසයන්හි නිරත වන ඔබට මෙම ප්‍රතිලාභය ඉතා යහමින් අත්පත් කර ගන්නට හැකිව ඇති බව ඔබ දන්නවාද? ඊට අමතරව මුහුදු වෙරළේ ඇවිදීම ළා තණපත් මත ඇවිදීමද යහපත්ය.

“යෝගා” තුළින් අද අප හඳුන්වා දෙන යෝගාසනය විපරීත නෞකාසනයයි. දියමත පාවෙන නෞකාවක ස්වරූපය ගන්නා මෙම යෝගාසනයද ඔබේ කය හා මනස නිරෝගි කරවන අතරේ ඔබේ සොඳුරු බව වඩා වර්ධනය කරන්නටද හේතුවෙයි. විපරිත නෞකාසනයේ දිනපතා නියැළෙන ඔබට, ඔබේ උස වැඩි කර ගන්නටද හැකියාව තිබේ.

විපරිත නෞකාසනයට පිවිසෙන අයුරු

 යෝග ඇතිරිල්ල මත සැහැල්ලු සිතින් මුණින් තලාව වැතිරෙන්න.

 දෙපා ළංකර දෙඅත් ඉදිරියට දික් කරන්න.

 දිගු කළ දෑත නමස්කාර මුද්‍රාවේ තබා ගැඹුරු හුස්මක් ගන්න ගමන් හිස, අත්දෙක සහ පාද එකවර ඉහළට ඔසවන්න.

 තත්පර දහයක් හුස්ම රඳවාගෙන ආසනයේ රැඳෙන්න.

 හුස්ම පිටකර හරිමින් පොළොව මතට පැමිණෙන්න.
ඡායාරූපයේ දැක්වෙන ආකාරයට මකරාසනයේ විවේක ගන්න.

 නැවත නැවත අභ්‍යාසයේ යෙදෙන්න.
(ගෙළෙහි ආබාධ ඇත්නම් හිස ඔසවන ඉරියව්වට පැමිණීමෙන් වළකින්න. ආසනයේ පමණක් රැඳී සිටින්න)

ප්‍රතිඵල

 ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදුවේ.
 තරබාරු බව නැති කර ඔබට හැඩකාර සිරුරක් උරුම කර දෙයි.
 උදර ගත රෝග, පෙණහලු රෝග වළකයි.
 මල බද්ධය නැති කරයි.
 රුධිර සංසරණ පද්ධතියේ සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය යහපත් කරයි.

ප්‍රවීණ යෝගා උපදේශිකා ,රේකී අචාරිනී

ආර්යා ෆ්රෝලිව්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>