TT Ads

 

නව නිවසක් ඉදි කිරීමේදී එයට තබන උළුවහු, ජනේල පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එයට හේතුව වාස්තු විද්‍යානුකූලව නිවැරදි අයුරින් උළුවහු, ජනේල නොතැබීමෙන් නිවැසියන්ට අශුභඵල ගෙන දෙන බවට පිළිගැනීමක් තිබීමයි.
නිවසේ ප්‍රධාන උළුවස්ස තැබීමේදී එය අනෙක් උළුවහුවලට වඩා මඳක් උසින් හා පළලින් හා ඝනකමින් වැඩිවන අයුරින් යොදා ගැනීම ඉතාමත් සුබ ඵලදෙන කටයුත්තක් සේ සැලකෙනවා. නිවසක ප්‍රධාන උළුවස්ස ස්ථානගත කිරීමේදී ඉදිරිපස ප්‍රධාන බිත්තියේ දිග නවයකට බෙදා ඉන් කොටස් තුනක් වම් පසටද, ඉතිරි කොටස් හය දකුණු පසටද සිටින සේ ප්‍රධාන උළුවස්ස තැබීම සුබදායක වෙනවා. නමුත් නිවසක ඉදිරි බිත්තියේ හරි මැදින් ප්‍රධාන දොර තැබීමත්, මුදුන් බිත්තියක හරි මැද්දට වන්නට ප්‍රධාන දොර තැබීමත් එතරම් සුදුසු නොවන බවයි වාස්තු විද්‍යාත්මක පිළිගැනීම වන්නේ. ප්‍රධාන උළුවස්ස සැකසීමේදී ගෙහිමියාගේ වැලමිට අග සිට අතෙහි මැදඟිල්ල කෙළවර තෙක් දිග ගෙන එය පහෙන් වැඩිකොට උස ලබාගත යුතුයි. උළුවස්සේ පළල උසෙහි අගයෙන් භාගයක් වීම දිනෙන් දින දියුණුවට හේතු වෙන බව පැවැසෙනවා. ප්‍රධාන උළුවස්ස ඇතුළු අනෙකුත් උළුවහු සෑදීමේදී ඊට යොදා ගන්නා දැව කඳේ මුල ප්‍රදේශය පහළටත්, අග ප්‍රදේශය ඉහළටත් පිහිටන පරිද්දෙන් උළුවස්ස සකස් කර ගැනීම ඉතා සුදුසුය.
නිවසක් සැකසීමේදී දොර ජනෙල් දෙකෙහි එකතුව ඔත්තේ සංඛ්‍යාවක් වීම වාස්තු විද්‍යා සම්මතයක්. දොර උළුවහු ගණන ඔත්තේ සංඛ්‍යාවක් වීමත්, ජනේල සංඛ්‍යාව ඉරට්ටේ වීමත් ශුභ ඵල දෙන බව පිළිගැනීම වෙනවා.
ප්‍රධාන දොරට ඉදිරියෙන්ම බිත්ති උසින් දෙගුණයක් හෝ ඊට ආසන්නව ඇති දුරකින් ළිඳක් පිහිටා තිබීම සුබඵලදෙන්නක් නොවෙයි. වාස්තු විද්‍යාවට අනුව එය දෝෂ සහිත පිහිටීමක්.

වාස්තු විද්‍යා උපදෙස් ඇසුරිනි

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>