TT Ads

”එයාර්ටෙල් ශ‍්‍රී ලංකා ෆාස්ටස්ට් ” හෙවත් ශ‍්‍රී ලංකාවේ අනාගත තරුණ වේගපන්දු යවන්නන් සොයා යාමේ මෙහෙයුම අවසන් කරමින් හොඳම වේගවත්ම පන්දු යවන්නන් තිදෙනා කිරුළු පැලඳවීමට පසුගියදා එයාර්ටෙල් ලංකා ආයතනය ක‍්‍රියාකළ අතර TV දෙරණ සමග සංවිධානය කළ මෙම තරඟාවලිය තුලින් ශ‍්‍රී ලංකා වේගපන්දු සංචිතයට නව ශක්තියක් ලැබෙනු ඇති බව විශ්වාස කරයි.
එයාර්ටෙල් ෆාස්ටස්ට් හි සමස්ත ශුරතාව 19 න් පහළ කාණ්ඩය නියෝජනය කළ එෂාන් මාලිංග හිමිකරගත් අතර ,පැ .කි.මි.141ක උපරිම වේගයක් වාර්තා කිරීමට ඔහු සමත් විය.
මීට සමගාමීව 19 න් ඉහළ කාණ්ඩයේ ශූරතාවය මලිඳු ෂෙහාන් හිමි කරගත් අතර ඔහුගේ උපරිම වේගය ලෙස පැ .කි.මි.140 ක් සනිටුහන් විය. පේ‍්‍රක්ෂකයින්ගේ වඩාත් ආකර්ෂණය යොමු වූ ස්ලිංග මාලිංග ලෙස හැඳින් වූ ශයනි සේනාරත්න කාන්තා විවෘත තරඟයේ ජයග‍්‍රහණය ලැබීමට සමත් වූ අතර ඇය පැ කි.මි.104 ක වේගයක් වාර්තා කිරීමට සමත් විය.

මීට අමතරව තරඟයේ අනුශූරයින් වූ 19 න් පහළ මොහමඞ් ආකිල් (වේගය පැ.කි.මි.134 ),19 න් ඉහළ කාණ්ඩයේ මොහමඞ් ෆහීම් (වේගය පැ.කි.මි.137) සහ මල්ෂා මධුෂානි (වේගය පැ.කි.මි.101) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ටත් අනුග‍්‍රහය දැක්වීමට ආයතනය කටයුතු කළේය.


 එයාර්ටෙල් ෆාස්ටස්ට් ජයග‍්‍රාහකයා වන එෂාන් මාලිංග , භාරතී එයාර්ටෙල් ලංකා හි ප්‍රධාන විධායක නිළධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ජිනේෂ් හෙජ් සහ ලසිත් මාලිංග සමග

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>