TT Ads

නිර්මාංශ ආහාරවලට මේ දවස්වල සමහරුන්ගේ වැඩි නැඹුරුවක් තිබෙනවා. නමුත් මෙයින් ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ලබා නොගැනීම ලොකු ගැටලුවක්. නිර්මාංශික වුණත් එම ප්‍රෝටීන අවශ්‍යතාවය ආහාර වේලෙන් සම්පූර්ණ කරගත යුතුමයි. එළවළු වර්ග කිහිපයක් එකතු වී සෑදෙන එළවළු රොටි නිර්මාංශික අයට නම් සුභාරංචියක්.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි ග්‍රෑම් 250ක්
  • අවශ්‍ය පමණ ලුණු
  • බිත්තර 01ක්
  • සීනි ග්‍රෑම් 10ක් පමණ
  • වතුර තේ කෝප්ප 01ක්
  • තෙල් තේ හැඳි 2ක්

පිරවුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • කැරට් ග්‍රෑම් 50ක් බ බෝංචි ග්‍රෑම් 50ක්
  • ලීක්ස් ග්‍රෑම් 50ක් බ ලුණු අවශ්‍ය පමණට
  • බී ලූනු ගෙඩි 01ක් බ කරපිංචා ඉත්තක්
  • රම්පේ කැබැල්ලක් බ තම්බාගත් අල ග්‍රෑම් 100ක්
  • අබ ග්‍රෑම් 5ක් බ කහ ග්‍රෑම් 5ක්

සාදා ගන්නා ආකාරය

අපි මුලින්ම පිටි මෝලිය සාදා ගනිමු. පිටි, ලුණු, බිත්තර, සීනි දමා අනාගන්න. ඉන්පසු එයට තෙල් දමා වසා තබන්න. එසේ පැය එකහමාරක් පමණ කාලයක් තබන්න.
අනතුරුව එම මිශ්‍රණය කුඩා බෝලවලට වෙන්කර රොටි ආකාරයට සාදා එළවළු පිරවුම එක්කරන්න.

එළවළු පිරවුම සාදා ගන්නේ මෙහෙමයි.

භාජනයක් ළිප තබා රත්වන විට තෙල් ස්වල්පයක් එක් කරන්න. තෙල් රත්වන විට අබ, රම්පෙ, කරපිංචා, කෑලි මිරිස්, බී ලූනු, ගම්මිරිස්, ලුණු, එකතු කර මඳ වේලාවක් පිස එයට ලීක්ස්, කැරට්, බෝංචි, කහ, මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරන්න. මෙලෙස සාදාගත් මිශ්‍රණය රොටිය උඩින් තබා ත්‍රිකෝණ ආකාරයට නවා කබලේ දෙපැත්ත දමමින් පුළුස්සා ගන්න. නැත්නම් පෑන් එකට තෙල් ස්වල්පයක් දමා පුළුස්සා ගන්න.

උපදෙස් – විධායක සූපවේදී සුජිත් ආරියරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>