TT Ads

 

මේ ලිපියෙන් අප විමසීමට ලක්කරන්නේ කන ආශ්‍රිතව ඇතිවන ආසාදනයන් නිසා හට ගන්නා කරකැවිල්ල පිළිබඳවයි. මූලික වශයෙන් කරකැවිල්ල ලෙස හඳුන්වන්නේ සිරුර අසමබර වීමයි. එහෙත් හිටිගමන්ම ඔබ අවට පරිසරය මඳක් වේගයෙන් අස්වාභාවික ලෙස කරකැවෙන අයුරින් කරකැවිල්ල තත්ත්වය ඇති වෙනවා නම් එය ඉතාම සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.
කරකැවිල්ල පිළිබඳව බොහෝ දෙනෙක් සිතන්නේ එය නිරාහාරව සිටීමෙන් ඇති වන සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි. කරකැවිල්ල බොහෝ දෙනෙකුට හදිසියේම ඇති විය හැකියි. කරකැවිල්ල පැහැදිලිවම රෝග ලක්‍ෂණයක් මිස රෝගයක් නොවේ. මේ නිසාම නිතර ඇතිවන කරකැවිල්ලත් කලාතුරකින් ඇතිවන කරකැවිල්ලත් පිළිබඳව පැහැදිලි අවබෝධයක් අප තුළ පැවැතීම ඉතාම වැදගත්.

* කරකැවිල්ල ඇති වෙන්නේ කොහොමද?
යමෙකුට කරකැවිල්ල මූලික හේතු දෙකක් නිසා ඇතිවෙන්න පුළුවන්.
* රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය අඩුවීම, රුධිර ගමනයේ යම් යම් අසමතුලිතතාවයන් , ඇතැම් හෘද රෝගී තත්ත්වයන්.

* කන ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන්

මේ ලිපියෙන් අප විමසුමට ලක් කරන්නේ කන ආශ්‍රිතව ඇතිවන ආසාදනයන් නිසා හටගන්නා කරකැවිල්ල පිළිබඳවයි. මූලික වශයෙන් කරකැවිල්ල ලෙස හඳුන්වන්නේ සිරුර අසමබර වීමයි. (සමතුලිතතාවය නැතිව යාම) එහෙත් හිටිගමන්ම ඔබ අවට පරිසරය වේගයෙන් කරකැවෙන අයුරින් කරකැවිල්ල තත්ත්වය ඇති වෙනවා නම් එය ඉතාම සැලකිලිමත් විය යුතු තත්ත්වයකි. මන්ද එවැනි තත්ත්වයක් ඇති වීමට අපේ මැද කන රෝගී වීම හේතු විය හැකි නිසයි.

* කරකැවිල්ල ඇති වීමට එසේත් නැතිනම් අපේ ශරීරයේ සමබරතාවය හිටිහැටියේම ගිලිහී යාමට මැද කනෙහි ක්‍රියාකාරීත්වය බලපාන්නේ කොහොමද?

සිරුර සමබර කරවන්නේ ඇතුල් කනයි.අපේ කන බාහිර කන, මැද කන සහ අභ්‍යන්තර කන ලෙස කොටස් තුනකට බෙදී පවතී. අපට කන් ඇසීම සිදුවන්නේ බාහිර කනේ ශ්‍රවණ නාලය දිගේ අවට ශබ්ද ඇතුළු කන වෙත ගමන් කිරීමෙන් පසුවයි.
නිවැරදි ශ්‍රවණය සඳහා අවශ්‍ය සියලුම අංගෝපාංග පිහිටා තිබෙන්නේ මැද කනෙහි හා අභ්‍යන්තර කනෙහිය. ඇතුළු කනෙහි පිහිටා තිබෙන සියුම්පටලමය ව්‍යුහය ශ්‍රවණය සුසර කරමින් අපගේ සිරුරේ සමබරතාව රකින්නට සහය වෙයි. ස්නායුක ක්‍රියාකාරිත්වයන් තුළින් මොළයේ ආධාරයද ලබාගනිමින් සිරුරේ සමබරතාවය , සිරුර චලනය කිරීමේ හැකියාව , අප හැරෙන දිශාවන් හා කෝණ පිළිබඳ සියලු සංඥා මොළයට ලබා දෙන්නේ ඇතුළු කනෙහි පිහිටි මේ පටලමය ව්‍යුහයයි. මේ සඳහා මූලිකවම ක්‍රියාකරන්නේ ස්නායු මාර්ගයේ ඇති වෙස්ටිබියුලර් (ඪැිඑසඉමක්ර) නම් ඇතුළු කනෙහි මධ්‍යම කුහරය හා සම්බන්ධ ස්නායුවයි.
කන ඇතුළත ස්නායු මාර්ගයේ ඇති වන විවිධාකාර වෙනස්කම් නිසා මෙම ස්නායුව මගින් අපට දනවන සංවේදිතාවය වන්නේ සිරුරේ සමබරතාවය විෂම කරවන කරකැවිල්ලයි.

කරකැවිල්ල නොසලකා ඉන්න එපා
මෙවැනි කරකැවිලි තත්ත්වයක් ඔබට ඇති වනවා නම් මූලිකවම ඔබ සැලකිලිමත් විය යුත්තේ කරකැවිල්ල පවතින කාලසීමාව ගැන නිශ්චිත අවබෝධයක් ලබා ගැනීමටයි. එම කාලය තත්ත්පර කීපයක්, විනාඩි කීපයක් විය හැකියි. සමහරුන්ට උස් ස්ථානයකට නැගීමෙදී පමණක් නොව උස් ස්ථානයක් දෙස බැලීමේදී පවා කරකැවිල්ලක් ඇති විය හැකිය. එවැනි තත්ත්වයක් පිළිබඳව අමුතුවෙන් බියක් ඇතිකර ගත යුතු නොවේ.
එහෙත් නිදියහනෙන් උදෑසන අවදිව නැගී සිටින්න දරන උත්සාහයේදී ඔබට කරකැවිල්ලක් ඇති වුණොත් හෝ කරකැවිල්ල සමගම කන ඇතුළෙන් කිසියම් ශබ්දයක් (ඝෝෂාවක් වැනි) දැණුනොත් ඔබ වඩාත් සැලකිලිමත් වීම වැදගත්ය. එසේම කරකැවිල්ල සමග වමනය, හිසරදය, කන් අගුලු වැටීම, කන් ඇසීමේ දුර්වලතාවය ඇති විය හැකියි. මෙම ලක්‍ෂණ සහිත කරකැවිල්ල ඇති වෙනවා නම් එය ඉක්මනින් ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් බවත් වෛද්‍යවරයා හමුවන විට කරකැවිල්ල සම්බන්ධයෙන් ඔබ අත්විඳ තිබෙන සියලු තත්ත්වයන් නොසඟවා වෛද්‍යවරයාට පැවැසීම ඉතාම වැදගත් බවත් මතක තබා ගත යුතුයි.

අවදානම් සහගත කරකැවිල්ල ඇති වීමට හේතු
කිසියම් පුද්ගලයෙකුට අවදානම් සහගත කරකැවිල්ල ඇතිවීමට බලපාන හේතු මෙලෙස විවිධාකර විය හැකියි.
* ඇතුළු කනෙහි ඉදිමීමක්
* ඇතුළු කනෙහි කිසියම් ආසාදන තත්ත්වයක්
* මොළයේ හදිසි කම්පන තත්ත්වයක්
* මොළය ආශ්‍රිතව ඇති වන ගැටිති
* පිළිකාමය තත්ත්වයක්

ඔබ වෛද්‍යවරයාට ප්‍රකාශ කරන තොරතුරු අනුව වෛද්‍යවරයා අවශ්‍ය පරීක්‍ෂාවන් හා පරීක්‍ෂණ සිදුකිරීමෙන් ඔබට බලපා තිබෙන රෝගී තත්ත්වයන් නිසැකවම හඳුනාගනු ඇත.

කරකැවිල්ලට හේතු සොයන පරීක්‍ෂණ
සාමාන්‍ය කරකැවිල්ලට කනට බලපාන ලෙස සිදුකරන ව්‍යායාම පන්තියක් (Eply Maneuver) තිබෙන අතර ඉන් ලැබෙන ප්‍රතිඵලය අපැහැදිලි නම් MRI හා CT පරීක්‍ෂණ සඳහා රෝගියා යොමුකරවයි. මේ පරීක්‍ෂණ සිදුකරන්නේ කරකැවිල්ල ඇති වීමට හේතුව මොළයේ ගැටිත්තක්ද එසේ නැතිනම් පිළිකාමය තත්ත්වයක්ද යන්න නිසැකව තහවුරු කරගැනීමටයි. ඇතුළු කනෙහි කිසියම් රෝගී තත්ත්වයක් නම් (Meniere ) ඒ සඳහා මූලික ඖෂධ ප්‍රතිකාර පවතී.
ඔබට ඉරුවාරදය සමග කරකැවිල්ල ස්නායු ඉදිමීම (Vestibularneuitis) ඇත්නම් ඒ සඳහාද ඖෂධ ප්‍රතිකාර මගින් රෝගී තත්ත්වයෙන් මිදිය හැකිය.

හදිසියේ කරකැවිල්ල ඇති වූ විට
කරකැවිල්ල ඇති වූ සැණින් බිම වාඩිවීම, ළඟ සිටින කෙනෙකුට තම අපහසුව දැන්වීම, කරකැවිල්ල අඩුවනතුරු හිඳි ස්ථානයෙන් නොනැගිටීම, වාඩි වීමට පෙර අසල ඇති යමක් තදින් අල්ලා ගැනීම හෝ වාරු වීම සිදුකිරීම අමතක නොකරන්න. එසේම හිස දෙපසට වැනීම සිදු නොකළ යුතුය. කරකැවිල්ල පහව යනතුරුම නිසොල්මන් වන්න.
අසාමාන්‍ය කරකැවිල්ලක් ඔබටත් ඇති වෙනවා නම් කල් නොඇරම උගුර කන නාසය පිළිබඳ ENT විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය බවත් අමතක නොකළ යුතුයි.
කෑගල්ල ශික්‍ෂණ රෝහලේ කායික රෝග අංශයේ
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රුවන්ලාල් උදය බණ්ඩාර
සටහන – කීර්ති එස්. කුමාර

TT Ads

One comment

  • автор си волкова рабочая тетрадь математика часть 1гдз стр 8 4 класс ответы
    автор си волкова рабочая тетрадь математика часть 1гдз стр 8 4 класс ответы
    Reply

    Very nice post. I just stumbled upon your weblog and wanted to say that I’ve really enjoyed browsing your blog posts. After all I will be subscribing to your feed and I hope you write again soon!| а

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>