TT Ads

මානසික ආතතිය වර්තමානය වනවිට මුළු සමාජයම පෙළන සුලබ තත්ත්වයක්. මේ දවස්වල පවතින කොරෝනා රෝගය සහ එ් හේතුවෙන් එක දිගට පවත්නා ඇඳිරි නීතියත්, මේ නිසාම උද්ගතව ඇති බොහෝ ප‍්‍රශ්නත් නිසා මානසික ආතතිය දැන් කිහිප ගුණයකින් වැඩි වෙලා.
මානසික ආතතිය හඳුනා ගත හැකි ලක්‍ෂණ මෙසේයි.
මානසික ආතතිය හේතුවෙන් ඇති විය හැකි රෝග ලක්‍ෂණ විශාල ප‍්‍රමාණයක් පවතිනවා. හැඟීම්වල නැතිනම් සිතිවිලිවල ඇතිවන වෙනස්වීම්, හැසිරීම් රටාවේ වෙනස් වීම් සහ කායික රෝග ලක්‍ෂණ ලෙස මෙය කොටස් තුනකට බෙදිය හැකියි.

හැඟීම්වල ඇතිවන වෙනස්කම්

මතකය, තීරණ ගැනීමේ හැකියාව අඩු වීම, අවධානය අඩුවීම, ආත්ම විශ්වාසය අඩු වීම වැනි දෑ මේ අතර ප‍්‍රධානයි. එමෙන්ම නිතර භය දැනීම, තරහ යාම, ස්වාභිමානය (ීැකෙ – ැිඑැැිප* හීන වීම, නිතර පරාජය පිළිබඳ සිතුවිලි පහල වීම, මානසික එ්කාග‍්‍රතාවය පවත්වා ගැනීමට අපහසු වීම, සුළු කරුණකින් පවා ලජ්ජාවට පත් වීම, අනාගතය පිළිබඳ කනස්සලූ ස්වභාවයකින් පසුවීම සහ නිතර අමතක වන සුළු ස්වභාවයද බොහෝ දෙනෙකු තුළ දැකිය හැකියි.
මානසික ආතතියෙන් පීඩා විඳින තවත් අය තුළ තැතිගත් ස්වරූපයක් ඇති වීම, තමන් කරන කටයුතු පිළිබඳව සහ අනාගතය පිළිබඳව බියකින් පසුවීම, තමන් සමග සේවයේ යෙදෙන අය සහ තමන්ගෙන් සේවය පතා පැමිණෙන අය නොරුස්සන සුළු ස්වභාවය, නොසන්සුන් බව සහ හැඟීම්වලින් තොරවීම වැනි මානසික සංකූලතාද දක්නට ලැබේ. ි.

හැසිරීම් රටාවේ වෙනස්කම්

ආහාර අරුචිය හෝ අධික ලෙස ආහාර ගැනීමට පෙළඹීම, බොහෝ පැණි රස කෑම ගැනීමට පෙළඹීම, මත්පැන්, දුම්පානය, මත්ද්‍රව්‍ය වැනි දෑ සේම නිදි පෙති ගැනීමට යොමු වීම, තමන්ගේ බාහිර පෙනුම ගැන උනන්දුව අඩු වී යාම. අනතුරුවලට ලක්වීමට තිබෙන හැකියාව, නිතර සිතේ පවතින නොසන්සුන්තාවය සහ එම තත්ත්වය නිසා නිතරම නියපොතු හැපීම මේ අයගේ චර්යා වෙනස්කම් ලෙස දක්වන්න පුළුවන්.
එසේම පැහැදිලිව කතා කිරීමට නොහැකි වී ගොත ගැසීම. කටහෙඬ් බිඳුණු ස්වභාවය, හුදෙකලාව සිටීමට දඩි කැමැත්තක් දැක්වීම, හැඬුම්බර ගතිය හා විශාද  ලක්‍ෂණ ද ඔවුන් පෙන්නුම් කරනවා.

කායික වෙනස්කම්

අධික ලෙස දහඩිය දැමීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම, තොල කට වේලී යාම, ඉක්මනින් විඩාවට පත් වීම,
මුත‍්‍රා පිටවන වාර ගණන වැඩි වීම, නින්ද නොයාම, බඩ පුරවා දැමීම සහ බඬේ දැවිල්ල, ඔක්කාරය, සමහර අවස්ථාවලදී වමනය යාම, හිස කැක්කුම, මාස් ශුද්ධිය ආසන්නයේ අධික අපහසුව, කොන්දේ කැක්කුම, ආසාදන සහ අනිකුත් රෝගවලට ගොදුරු වීමට ඇති හැකියාව වැඩි වීම, අධික රුධිර පීඩනය සහ දියවැඩියාව පාලනය කර ගැනීමට නොහැකි වීම මේ අතර ප‍්‍රධාන තැනක් ගන්නවා. මානසික ආතතිය වැඩි අයට සෙම්ප‍්‍රතිශ්‍යාව, හෘදයාබාධ, ආඝාතය වැනි රෝග, ආමාශයේ තුවාල, ආහාර ජීර්ණයේ අපහසුතා සහ ස්ථුලභාවයද බහුලව ඇතිවනු දැකිය හැකියි.
තවද සමහර අය තුළ හුස්ම ගැනීමේ වේගය වැඩි වීම, මස් පිඬු දැඩි වීම, ඇස්වල කණීකාව විශාල වීම, තෙහෙට්ටුව, ආහාර අරුචිය, ලිංගික ආශාවන් අඩු වීම, කරකැවිල්ල, ක්ලාන්තය, ඇඟිලි වෙව්ලීම, අත්පාවල ඇඟිලි හිරි වැටීම, සම මතුපිට දැවිල්ලක් ඇති වීම ආදී ලක්‍ෂණද දැකිය හැකි වෙනවා.
මානසික ආතතිය කාලයක් පවතින විට ඇතිවන ඉහත රෝගී තත්ත්වයන් හැරුණු විට තවත් රෝගාබාධද හටගත හැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>