TT Ads

හෙම්බිරිස්සාව හෙවත් සෙම්ප්‍රතිශ්‍යාව අද අප අතර පවතින ඉතාමත් සුලභ රෝග තත්ත්වයක්. මෙම සෙම්ප්‍රතිශ්‍යාව ජීවිතයටම නොවැලඳුණු කෙනෙකු සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා බැරෑරුම් කාර්යයක්. ඒ තරමටම සෙම්ප්‍රතිශ්‍යාව ඉතා ජනප්‍රිය රෝගයක්.

ඔබට මෙන්ම මටද මහත් කරදරකාරයෙක් වූ සෙම්ප්‍රතිශ්‍යාව බෝ කරනු ලබන්නේ අපේ පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා වූ “වෛරස්” නමැති විෂබීජයන්. මෙම සෙම්ප්‍රතිශ්‍යාව බෝ කරනු ලබන වෛරස් වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙන බව වෛද්‍ය විද්‍යාඥයෝ සොයා ගෙන තිබෙනවා. එමෙන්ම මෙම විෂබීජ වර්ග වලට අමතරව අසාත්මිකතාවන් Allergic Conditaions නිසාද සෙම්ප්‍රතිශ්‍යාව ඔබට ඇති වීමට පුළුවන්.

සෙම්ප්‍රතිශ්‍යාව බෝ කරන වෛරස් ජීවීන් ඉතාමත් ඉක්මණින් පැතිරී යන නිසා ඉතාමත් ඉක්මණින් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝවෙනවා.

ඒ වාගේම මෙම සෙම්ප්‍රතිශ්‍යාව බෝ කරනු ලබන වෛරස් වර්ගය කෙනෙකුගෙන්, කෙනෙකුට වෙනස් වීමත් දක්නට ලැබෙනවා. එනම් ඔබට වැලදී ඇති සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වූ රෝග කාරක වෛරස්, ඔබගෙන් තවත් අයෙකුට බෝ වෙන විට ඊට වෙනස් ආකාරයකට අනුවර්ථනය වීම දක්නට ලැබෙනවා. එනම් වෛරස් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා. මේ හේතුව නිසා සෙම්ප්‍රතිශ්‍යාවට ස්ථිරවම ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන්ට බැරෑරුම් ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ වාගේම වෛරස් ජීවීන් මර්දනය කළ හැකි කිසිදු ඖෂධයක් මේ වන තෙක් සොයාගෙන නැහැ. ඒ නිසා මේ සෙම්ප්‍රතිශ්‍යාවට ස්ථිර බෙහෙතක් නැහැ.

එම නිසාම මේ සෙම්ප්‍රතිශ්‍යාව අදත් අප අතර සුලභව පැතිරී යාම දක්නට ලැබෙනවා. මා මුලින් සඳහන් කළ පරිදි අසාත්මික ප්‍රතික්‍රියාවන් නිසාත් (Allergic Reaction) ඔබට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීමට පුළුවන්. එනම් දූවිලි, හුණු කුඩු, මල් පරාග, සිගරට් දුම් හා විෂ සහිත වායුන් ආඝ්‍රාණය වීම නිසාත් අධික ශීතල මෙන්ම නාසය තුළට වතුර යාම නිසාත් ඔබට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීමට පුළුවන්.

රැකියාවට හෝ වෙනත් කටයුත්තක් සඳහා කොළඹට පිවිසෙන ඔබට කොළඹ නගරයේ දූෂිත පරිසරයේ පිහිටි විෂ වායු වලින්, මෙන්ම දූවිලි වලින්ද ඔබට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීමට පුළුවන්. මෙම විෂ වායු හා දූවිලි අංශු ආඝ්‍රාණය මගින් ඔබගේ නාසය තුළට පිවිස එහි ඇති ශ්ලේෂ්මල පටලය මත රැඳී, එය ප්‍රදාහයට ලක් කිරීම නිසා ඉන් ඇතිවන ආසාත්මික ප්‍රතික්‍රියාවන් හේතුවෙන් ඔබට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීමට පුළුවන්. මෙහිදී ඔබගේ නාසය තුළ පිහිටි ශ්ලේෂ්මල පටලය ඉදිමී තරලයන් ස්‍රාවය කිරීම නිසා ඔබගේ නාසය හිරවීමත්, සොටු දියර ගලා ගෙන යාමත් සිදු වෙනවා.

මෙම වෛරස් සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙක් කිවිසින විට, කහින විට, හෝ ප්‍රශ්වාස කරන විට, සෙම්ප්‍රතිශ්‍යාව බෝ කරන වෛරස් වර්ග කෝටි ගණනක්, ඒ සමගම පරිසරයට පිටවීම සුලභව සිදුවෙනවා.

සෙම්ප්‍රතිශ්‍යාව සුලභ රෝග තත්ත්වයක් වුවද එය නොසලකා හැරීමෙන්, ඉතාමත් භයානක රෝග තත්ත්වයක් ඇති වීමට පුළුවන්. එනම් සෙම්ප්‍රතිශ්‍යාව දරුණු වීම නිසා ඒ මත නොයෙකුත් බැක්ටීරියා නමැති විෂ බීජ වර්ග ඇති වී ආසාදනය (Infection) කිරීමේ හේතුවෙන් පෙනහළු නියුමෝනියාව, බ්‍රොන්කයිටිස්, මොළයේ නියුමෝනියාව, උගුරේ ආසාදනය ඇදුම (Assthma) වැනි තත්ත්වක් ඇතිවීමට පුළුවන්. එම නිසා සෙම්ප්‍රතිශ්‍යාව ඔබට වැලඳුන විට ඒ ගැන වඩාත් සැලකිළිමත් වන්න.
සෙම්ප්‍රතිශ්‍යාව නිට්ටාවටම සුව කරන්නට තරම් ඖෂධයක් මෙතෙක් නිපදවා නැතත්, අනාදිමත් කාලයක විසූ මිනිසා පවා නොයෙකුත් අත් බෙහෙත් ආදිය කිරීම මගින් සෙම්ප්‍රතිශ්‍යා, රෝගයෙන් සුවයක් ලබා ගෙන තිබෙනවා.

ඈත අතීතයේදී විසූ මිනිසුන් සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර ලෙස දුම් ආඝ්‍රාණය කිරීම, හෙවත් දුම් වේදුවද, උණු වතුර හුමාලය ආඝ්‍රාණය කිරීම ආදිය මගින් අවස්ථානුකූලව සහනයක් ලබා ගෙන තිබෙනවා. එසේම විටමින් (C) හෙවත් ඇස්කෝබික් අම්ලය සෙම්ප්‍රතිශ්‍යාවට ඉතා ජනප්‍රිය ඖෂධයක්, නමුත් පර්යේෂකයන් පවසන්නේ විටමින් (C) පෙති ගැනීම මගින් සෙම්ප්‍රතිශ්‍යවට කිසිදු වෙනසක් සිදු නොවන බවයි. නමුත් විටමින් (C) මගින් ශාරීරික ආසාදන ඇති වීම අඩු වෙන බව සොයා ගෙන තිබෙනවා.

සෙම්ප්‍රතිශ්‍යා රෝගියාගේ නාසයේ සිරවී ඇති සොටු දියර සූරා ඉවත් කරලීම මගින් තාවකාලික සහනයක් ලබාගත හැකියි. එමෙන්ම සෙම්ප්‍රතිශ්‍යා රෝගියා විවේකීව සිටීම හා ශීතල ආහාර වර්ග ගැනීමෙන් වැළකී සිටීමත් රෝගය සුව කර ගැනීමට හේතු වෙනවා.

එසේම සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන ඔබ කිවිසින විට, කහින විට ලේන්සුවක් පාවිච්චි කිරීම මගින්, රෝගය පැතිරී යාම වැළැක්වීමට පුළුවන්. එමෙන්ම රෝගියා උණු වතුරෙන් මුහුණ සේදීමෙන් හා උණු වතුර උණුසුම් වාෂ්පය රෝගියාට ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙන් රෝගියාට සහනක් ලබා ගැනීමට පුළුවන්.

ඒ කෙසේ වුවත් කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව වුවද මෙම සෙම්ප්‍රතිශ්‍යාව දින කීපයකට පසුව ඉබේම සුවපත් වෙනවා. නමුත් ඔබට වැළඳුණ සෙම්ප්‍රතිශ්‍යාව සති 1,2ක් පමණ දිගටම තිබුණොත් වෛද්‍යවරයෙකු හමුවී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මෙම සෙම්ප්‍රතිශ්‍යාව තීව්‍ර වීමට හා දිගින් දිගටම පැවතීමට රෝගියාගේ මානසික තත්ත්වය බෙහෙවින් බලපාන බව මනෝවිද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. රෝගීන්ගේ මානසික සමතුලිතාව බිඳී ගිය විට සෙම්ප්‍රතිශ්‍යාව දිගින් දිගටම පැතිරෙන බවත්, එය තව තවත් උත්සන්න වන බවත් පර්යේෂණවලදී හෙළි වී තිබෙනවා.
නිතර නිතර කනගාටුවෙන් පෙළෙන, තෘෂ්ණාවෙන් පෙළෙන අනුනට ඊර්ෂ්‍යා කරන, ආත්මාර්ථකාමී පුද්ගලයින්ට සෙම්ප්‍රතිශ්‍යාව නිතර නිතර වැලඳෙන බවත්, පර්යේෂණවලදී හෙළි වී තිබෙනවා. එම නිසා නිතරම සතුටින් සිටින එදිනෙදා ප්‍රශ්න අඩු කරගෙන විවෙකයෙන් සිටින, ක්‍රීඩා හා ව්‍යායාමවල යෙදෙන අයට සෙම්ප්‍රතිශ්‍යාවෙන් දුරස්ථ වීමට පුළුවන් බව පර්ය්ෂකයන් පවසනවා.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>