TT Ads

ඕනෑම ඉඩමක මායිම වෙන් කිරීම සදහා එක ළග ඉණි සිටුවීම, දඩුවැට ගැසීම, කටුකම්බි වැට ගැසීම, දැලකින් ආවරණය කිරීම මෙන්ම තාප්පයකින් වට කිරීම වැනි ක‍්‍රියාමාර්ගයන් ගනු ලබනවා. මෙමගින් මායිම වෙන් කිරීමට අමතරව ආරක්ෂාව ලබාගැනීමද බලාපොරොත්තු වෙනවා.
මෙහිදී ඉඩමට ඇතුඵවීමට හා පිටවීමට විවෘතව පවතින පිවිසුම් එකක් හෝ දෙකක් තිබිය හැකියි. එම ස්ථාන ඉඩමේ හෝ නිවසේ ආරක්ෂාව වෙනුවෙන් හා පුද්ගලිකත්වය වෙනුවෙන් ගේට්ටුවක් මගින් ආවරණය කරනු ලබනවා. අතීතයේ මේ වෙනුවෙන් කඩුල්ලක් භාවිතා කර ඇති අතර එ් සදහා උණබම්බු දෙක තුනක් හරස් අතට භාවිතා කර තිබෙනවා.
වාස්තු විද්‍යාවට අනුව ඉඩමකට ගේට්ටුවක් තැබීමේදී ඔබගේ ඉඩම තුන්මන් හන්දියකට මුහුණලා පිහිටයි නම් තරමක් කුඩා ගේට්ටුවක් භාවිතා කළ හැකිනම් වඩා හොදයි. එයට හේතුව තුන් පැත්තකින් වාහන පැමිණීය හැකි නිසා එවැනි තැන්වල දැඩි අනතුරුකාරී පසුබිමක් නිර්මාණය වී තිබීමයි. මේ නිසා ඉඩම් මිලදී ගැනීමේදී එවැනි ඉඩම් මිලදී නොගැනීමට වගබලානොගැනීමයි වඩා සුදුසු.
නිවසේ ප‍්‍රධාන දොර කෙළින්ම ගේට්ටුව පිහිටන පරිදී තැබීම වාස්තු විද්‍යානුකූලව පිළිගැනෙන්නේ නැහැ. විශේෂයෙන් එය අනාරක්ෂිත දෙයක් බවයි එහිදී විස්තර කෙරෙන්නේ. ඊට අමතරව නිවසේ පෞද්ගලිකත්වය බාහිර පරිසරයට නිරාවරණය වීමත් ඒ තුළින් සිදුවෙනවා .
බොහෝවිට නිවස යම් තරමකට සකස් කිරීමෙන් පසුව ගේට්ටුව තැබීම සිදුවන නිසයි ගැටඵ මතුවන්නේ. නමුත් ඉඩම මිලදී ගැනීමෙන් පසුව නිවාස සැලසුමට අනුව ගේට්ටුව තබන ස්ථානය කල් ඇතිවම තීරණය කළ හැකිනම් වඩා හොදයි.
නිවසකට ගේට්ටුවක් තැබිමේදී පිවිසෙන මාර්ගයේ පළල ගැනත් සැලකිලිමත් විය යුතුයි. පාරේ ප‍්‍රමාණය කුඩානම් විශාල ගේට්ටුවක් යෙදීම සුදුසු නැහැ. නිවසකට තාප්පයක් හා ගේට්ටුවක් සැකසීමේදී පිවිසෙන මාර්ගයේ පළල විශේෂයෙන් සලකා බැලිය යුතුයි.
එසේම ඉඩමට උතුරින් හෝ නැගෙනහිරින් පාර පිහිටා ඇත්නම් ඊසාන දිශාවට වන්නට ගේට්ටුව තැබීම ඉතා සුබඵලදායකයි. දකුණින් පාර පිහිටා ඇත්නම් ගිනිකොණ මුල්ලට හෝ නැගෙනහිර පැත්තට බරවන්නට ගේට්ටුව තැබිය හැකිනම් ඉතා සුදුසුයි. බස්නාහිරට, උතුරට බරවන ආකාරයට ගේට්ටු තැබීමේදී ගැටඵකාරී තත්වයක් නිර්මාණය කරන බැවින් එවැනි අවස්ථාවන් මග හැරිය යුතු වෙනවා. ඒ තුළින් නිවසේ ප‍්‍රධානියාට සහ පවුලේ අයගේ සෞඛ්‍යාරක්ෂාවට බලපෑමක් ඇතිවිය හැකියි.
නිවසකට හෝ කිසියම් ස්ථානයකට ඇතුල්වන විට මුලින්ම නෙත ගැටෙන්නේ ගේට්ටුවයි. මේ නිසා නිවසට ගේට්ටුවක් තැබීමේදී තමන්ගේ සමාජ තත්වය ගැනත් අවධානය යොමුකළ යුතුයි. සමාජයේ පිළිගැනීමට ලක්වන රැුකියාවක නියුතු කෙනෙක් උණබම්බු ගේට්ටුවක් දැම්මොත් එය සමාජ තත්වයට ගැළපෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ සමාජ තත්වය උවමනාවටත් වඩා බාහිර සමාජයට පෙන්වීමට දැවැන්ත තාප්ප හා ගේට්ටු යොදන අයත් මේ සමාජයේ නැතුවා නොවෙයි.
වර්තමානයේ ගේට්ටු පිළියෙළ කිරීමේදී යකඩ, විශේෂිත දැව, ඇලූමිනියම් භාවිතා කරනු දැක ගත හැකිය. ඒ වගේම තාක්ෂණය මුසුකළ ගේට්ටුද දැන් නාගරික නිවෙස්වල සවි කෙරෙනවා. කොහොම වුනත් වඩා වැදගත් වන්නේ සවි කරන ගේට්ටුව අදාළ ස්ථානයට ගැළපීමයි. විශේෂයෙන්ම සවිකරන ගේට්ටුව කැපී පෙනෙන්නට නම් තාප්පයේ ආලේප කරන වර්ණයත් වැදගත් වෙනවා. කොළ සහ සුදු තාප්ප සදහා වඩාත්ම සුදුසු වර්ණ වන අතර තද රෝස, තැඹිලි යන වර්ණ තාප්ප සදහා සුදුසු වන්නේ නෑ.

ගෘහ නිර්මාණ ශිල්පිනී ,වාස්තු විද්‍යා උපදේශිකා නිසංසලා කොළඹගේ
සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>