TT Ads

අපි හැමෝම මනුෂ්‍යයෝ වුණාට අපි හැම කෙනෙක්ම විවිධයි. එ් කියන්නෙ අපේ සිතුම් පැතුම්, ගති ලක්‍ෂණ, හැසිරීම් මේ හැම එකකම විවිධත්වයක් තියෙනවා. එ්කට හේතුව අපි එක් එක්කෙනාගේ පෞරුෂ ස්වභාවයන් විවිධ නිසයි. විවිධ පෞරුෂ වර්ග පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාවේ විග‍්‍රහ කෙරෙනවා. නමුත් මේවා මෙලෙස වෙන්කර දැක්වූවත් බොහෝ විටම එක් පුද්ගලයකු තුළ පෞරුෂ වර්ග කිහිපයක ලක්‍ෂණ මිශ‍්‍රව තිබිය හැකියි. එ් කොහොම වුණත් අපි මේ එක් එක් පෞරුෂ වර්ග වෙන්ව හඳුනා ගනිමු. ඔබ තුළත් මෙවැනි ගති ලක්‍ෂණ තිබෙනවාද කියා බලන්න.

පීඩනෝන්මාදවේගී පෞරුෂය

මේ අයට කිසිවකු කෙරෙහි විශ්වාසයක් නෑ. පවුලේ අය ගැන පවා ඔවුන්ට අවිශ්වාසයි. වෙන අය හෙමින් හෙමින් කතාබහක යෙදී සිටිනවා දුටුවොත් ඔවුන් හිතන්නේ තමන් ගැන කතා කරනවා කියලයි.

භින්නාවේගී පෞරුෂය

වෙනත් අය නොකරන ආකාරයේ ක‍්‍රියා කිරීමට මොවුන් වැඩි නැඹුරුවක් තිබෙනවා. කතාව සහ හැසිරීම අමුතුයි. කිසිම කෙනෙක්ව සමීපව ඇසුරු කරන්න බෑ. එ් නිසා සුහද සම්බන්ධතා වගේම පේ‍්‍රම සම්බන්ධතා ආදියත් දිගට පවත්වාගෙන යාමේ අසීරුවක් තිබෙනවා. වැඩිපුරම මේ අය කැමති හුදෙකලාව සිටින්නටයි. පේ‍්‍රම සම්බන්ධතා සහ සුහද අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වන්නට මොවුන්ට අසීරු වන තවත් හේතුවක් වන්නේ චිත්ත වේග අඩු වීමයි.
මේ පෞරුෂය ඇති අයගේ ඇතැම් අවස්ථාවලදී අමුතු අස්වාභාවික සිතිවිලි, හැසිරීම් රටාද දක්නට පුළුවන්. තමන් මාර්ග ඵල ලබා ඇතැයි කියමින් සමාජය ඉදිරියේ පෙනී සිටින අයද මේ අය අතර සිටිනවා. ඔවුන්ගේ අමුතු සිතිවිලි, හැසිරීම් රටා නිසා බොහෝ දෙනා ඔවුන් කියන දේවල් විශ්වාස කරන්නට පෙළඹෙනවා වගේම අනුගාමිකයන්ද ඔවුන්ට ඇති වෙනවා.

සමාජ විරෝධී පෞරුෂය

මේ අයටත් අනිත් අයත් එක්ක සමීප සම්බන්ධතා පැවැත්වීම හරි අසීරුයි. සියුම් මෘදු හැඟීම් නැති තරම්. විවාහ වුණත් එ් බොහෝ විටම මව්පියන්ගේ බලපෑම නිසා. කායික සම්බන්ධතා පැවැත්වීමේදී පවා දැඩි ආත්මාර්ථකාමීයි. නිතරම හදිසි තීරණ ගැනීමට පෙළඹෙන මොවුන්ට දිගු කලක් එකම වැඩක යෙදී හිඳීම අපහසුයි. එ් නිසා නිතර රැුකියා පවා මාරු කරන්න පෙළඹිය හැකියි. ඕනෑම නරක වැඩක් කිසිම වගක් නැතිව කරන මොවුන්ට හෘද සාක්‍ෂියක් නැති තරම්.
මේ අය වැරදි පිළිගන්නේ නෑ. එ් නිසා තමන් කරන කිසිදු වැරදි ක‍්‍රියාවක් ගැන පසුතැවෙන්නෙත් නෑ. මොවුන් ආත්ම කේන්ද්‍රීයයි. තමන්ගේ වැඬේම මිසක් අනුන් ගැන හිතන්නේම නෑ.
මෙවැනි අය උසස් තනතුරුවලට ගියාම ඔවුන් යටතේ සිටින අය ගොඩක් පීඩාවට පත් වෙනවා.
කායික එක්වීම්වලදී ආදරණීය හැඟීම් මොවුන් තුළ නෑ. එ් නිසා විවාහ වුණත් පවුල් ජීවිතය බිඳී යාමට තිබෙන හැකියාව වැඩියි.
නීති විරෝධී ක‍්‍රියා කිරීමටත් මොවුන් පසුබට වන්නේ නෑ.

අස්ථායී පෞරුෂය

කිසිම දෙයක් හරියට කරන්න විතරක් නෙමෙයි කිසිම තැනක රැුඳී ඉන්නත් මොවුන්ට අපහසුයි. රැුකියාව, විවාහය පවා අසාර්ථක විය හැකියි.

මායා රෝගී පෞරුෂය

හැමදේම අලූත් ක‍්‍රමවලට කරන්නට උත්සාහ දරන මේ අය අනික් අය කරන දේට වඩා වෙනස් දේ කරමින් සමාජයේ කැපී පෙනෙන්න උත්සාහ දරනවා. සුළු දෙයක් පවා ඕනෑවට වඩා වැඩිකර පෙන්වන්න ඔවුන් කැමතියි.
එසේ කරන්නේ සමාජයේ කැපී පෙනෙන්නටයි. පුංචි දේකට පවා මහ හඬින් හැඬීම මීට හොඳම උදාහරණයක්.

ග‍්‍රස්ථිමය පෞරුෂය

හැමදේකම අන්තයට යාම මොවුන්ගේ ස්වභාවය. අනිත් අය තමන් වගේ නොකරන විට ඔවුන් දැඩිව කෝප වෙනවා. පිරිසිදුකම ගැන උපරිමයෙන් සිතනවා. හැමදේම වෙලාවට කරන්න උත්සාහ දරනවා. තමන් වගේ අනිත් අය නැත්නම් දැඩිව කෝප ගන්නා නිසා නිතර පවුලේ අය සමග ගැටුම් ඇති කර ගන්නවා. මොවුන් හරි අවංකයි. ප‍්‍රතිපත්ති කඩන්නේ නෑ.

කාංසාමය පෞරුෂය

හැමවිටම තැති ගැන්මෙන් බියෙන් පසුවීම මොවුන්ගේ ස්වභාවය. වතුර වීදුරුවේ පවා කිඹුලන් දකිනවා කියන්නේ බොහෝ විටම මේ පෞරුෂය තියෙන අයට. හැම දෙයකදීම ඉතා තදින් ප‍්‍රවේශම ගැන හිතනවා.

අනුන්ගෙන් යැපෙන පෞරුෂය

ආත්ම ශක්තිය, අධිෂ්ඨාන ශක්තිය මේ අයගෙන් දැකිය නොහැකියි. හැමදේම කරන්නට උත්සාහ කරන්නේ අනික් අය කියන හැටියටයි. වීර්යය හීනයි, තීරණ ගැනීමේ ශක්තියක් නෑ. ජීවිතය රස විඳීම අපහසුයි. නමුත් අනිත් අයගේ උපකාර මත ජීවිතය සාර්ථක කරගත හැකියි. විවාහයෙන් පසු තම බිරිඳ/සැමියා වෙතින් හැමදේම අපේක්‍ෂා කරනවා.

සීමාස්ථ පෞරුෂය

සිතේ ඇතිවන හැඟීම්වලට ඉඩදෙන මොවුන්ගේ ආත්ම ශක්තිය හීනයි. තමන්ට සිදුවූ හැමදේකදීම වරද පටවන්නේ අනුන්ට. අෙන්‍්‍යා්න්‍ය සම්බන්ධතා අඩුයි. ලිංගික අවවර්තන තත්ත්වයන්ට, මත්ද්‍රව්‍යවලට මේ අය පහසුවෙන්ම ගොදුරු විය හැකියි. තරහ පාලනය කරගන්න අපහසුයි.
ඉහත ලක්‍ෂණ දෙස බලා තමන්ගේ පෞරුෂය හරියටම තීරණය කිරීම අපහසු වෙන්න පුළුවන්. මොකද එක් පුද්ගලයකු තුළ පෞරුෂ වර්ග කීපයකම සංකලනයක් තිබිය හැකි නිසා. නමුත් තමාගේ පෞරුෂය වටහා ගැනීමෙන් අනිත් අය කෙරෙහි තමන් පැවැතිය යුතු අන්දම අවබෝධ කරගත හැකි වේවි.

විශේෂඥ මනෝවෛද්‍ය  රූමි රූබන්
ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>