TT Ads

පසුගිය කාලයේ මංගල සීනු හැඬවුණු රංගන ශිල්පිනියන් අතර හිටිය ඕෂධී අම්මා කෙනෙක් වෙන්න සූදානම් වෙනවා කියලා දැනගන්න ලැබුණු නිසා ඒ ගැන අහන්න අපි ඇයට කතා කළා. ඉතින් බලන්නකෝ ඕෂධී මොනවද ඒ ගැන කිව්වෙ කියලා.

ඕෂධී අම්මා කෙනෙක් වෙන්න  යනවා කියන්නේ ඇත්තද?

ඔව් ඒ කතාව ඇත්ත. මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ. ඒ නිසා මම ගොඩක් සතුටින් ඉන්නේ.

ඒ සතුටුදායක ආරංචිය දැනගත්ත මොහොතේ දැනුනේ  මොනවගේ හැඟීමක් ද ?

මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තෙ පෙබරවාරි මාසයෙදි. ඒ මොහොතේ සිතට දැනුණු හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ. මනෝජ් වගේම මමත් පොඩි දරුවන්ට ගොඩක් ආදරෙයි. ඉතින් මේ තරම් ඉක්මනට දෙවියො අපට දරුවෙක් දුන්නෙ ඒ නිසාම වෙන්න ඇති.

ඇත්තමයි  විවාහවුණු අලුතම දරුවෙක් හදන්න තීරණය කළේ ඇයි?

අපි දෙන්නා බබෙකුට ගොඩක් ආසාවෙන් හිටියෙ. ඒ විතරක් නෙවෙයි , ගැහැනු ළමයෙක් විවාහ වෙන්න ඕනෙ වයසක් අම්මා කෙනෙක් වෙන්න ඕනෙ නියමිත වයසක් තියෙනවනෙ. දැන් මගෙ වයස අවුරුදු 27ක්. ඉතින් ඒ කාරණයත්  ගැන අපි ගොඩක් හිතුවා.

අම්මා කෙනෙක් වෙන්න සූදානම් වන මොහොතේ සිතේ ලොකු බලාපොරොත්තු පිරිලා ඇති?

අපි දෙන්නගෙ ලොකුම හීනය.ඒක දැන් සැබෑ වෙලා.ඉතින් ගුවන් සේවකයෙක් නිසා නිතර රටින් පිට හිටියත් මනෝජ් නිතරම අපේ පැටියා ගැනයි හිතන්නේ. එයා ගැන අපි ගොඩක් දේවල් ප්ලෑන් කරනවා. වචන සීයක් කතාකළොත් ඉන් වචන අසූවක්ම කතා කරන්නෙ එයා ගැන.

මනෝජ් නිතර රටින් පිට ඉන්න නිසා ඕෂධී ඉන්නෙ අම්මලා එක්කද?

නැහැ. අපි වෙනම ජීවත් වෙන්න තීරණය කළේ විවාහ වෙන්නට  පෙර සිටමයි. මම හික්කඩුවෙ. මනෝජ් මීගමුවෙ. ඒත් අපි අපේ ගෙවල්වලින් දුරස්වෙලා නැහැ. අපට අවශ්‍ය වෙලාවට අම්මලා අපේ ළඟට ඒවි. ඒත් තවමත් මගේ කටයුතු තනිවම කරගන්න මට පුළුවන්. බබාලා ලැබෙන්න ඉන්න ගොඩක් අම්මලට වගේ මට ලොකු අපහසුවක් තවම දැනෙන්නේ නැහැ. ඒක වාසනාවක්.

වැඩියෙ කැමැති දුවෙකුට ද පුතෙකුට ද?

දුවෙක් වුණත් පුතෙක් වුණත් දෙවියන් දෙන ඒ තෑග්ග බාරගන්න අපි කැමැත්තෙන් ඉන්නේ.  මනෝජ් ගෙ හිතේ නම් පුතෙක් ගැන පොඩි නැඹුරුවක් තිබුණා.  ඒත් ගිය මාසෙ කරපු ටෙස්ට් එකෙන් පස්සෙ ඩොක්ටර් කිව්වෙ ලැබෙන්න ඉන්නෙ දුවෙක් කියලයි.

බබා ලැබුනට පස්සෙ ඕෂධී ක්ෂේත්‍රයෙන්  සමුගනීවිද?

කොහොමත් මම මුල් තැන දෙන්නෙ දරුවට හා පවුලට. එහෙම කියලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා කියන තැන මම නැහැ. ඒත් මගේ වැරැදි දහසක් තියාගෙන ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න නම් මගෙ බලාපොරොත්තුවක් නැහැ. මම මොඩල් කෙනෙක්.රංගනයට එන්නෙ ඒ හරහා. ගොඩක් අය බබාලා ලැබුනට පස්සෙ පෙනුම වෙනස්වෙනවා.එහෙම වුණොත් මට මේ ක්ෂේත්‍රයේ කටයුතු කිරීම අපහසු වෙයි. ඒත් බබා ලැබුනට පස්සෙ මගේ පෙනුම නිසියාකාරව පවත්වාගෙන යන්නට පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම මම ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාවි.

තමාරා පතිරණ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>