TT Ads

ෆ්‍රයිඞ්රයිස්, බිරියානි, කහබත්, සුදුබත් වගේම රතු කැකුළු බත් එක්කත් අඹ චට්නිය කදිමට ගැළපෙනවා. අඹ චට්නි හදලා උණුවතුරෙන් තම්බා ගත් ජෑම් බෝතලයක දාලා තිබ්බොත් දවස් කිහිපයක් ලේසියෙන් කල්තියා ගන්නත් පුළුවන්. සැමියාට, දරුවන්ට උදේට බත් පාර්සලයක් දෙනවා නම් උදේට ඇතිවන කලබලය අඩුකර ගන්නත්, කල්වේලා ඇතුව මේ වගේ අඹ චට්නියක් හදාගන්න එක ගොඩක් වටිනවා.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • අඹ කිලෝ ග්‍රෑම් 1ක්
  • (පොතු ඇට ඉවත්කර හොඳට පැහුණු)
  • සීනි ග්‍රෑම් 500ක්
  • ලූනු ග්‍රෑම් 50ක්
  • සුදුලූනු බික් 4ක්
  • ඉඟුරු කුඩා කැබලි 1ක්
  • සේර කුඩා කැබලි 1ක්
  • ලුණු අවශ්‍ය පමණ
  • වතුර ලීටර් 1යි මිලි ලීටර් 100ක්
  • මිරිස් කුඩු මේස හැඳි 2ක්

සාදා ගන්නා ආකාරය

අඟල් එකක පමණ ප්‍රමාණයට අඹ කොටු කපා ගන්න. එසේම ලූනු, සුදු ලූනු, ඉඟුරු කුඩාවට කපාගෙන සීනි සමග මිශ්‍ර කර එයට වතුර මිලි ලීටර් 100ක් එකතු කර ළිප තබා පත් පැණි සාදා ගන්න. (සීනි කැරමල් වනතුරු) එයට ඉතිරි වතුර ලීටර් 1ක ප්‍රමාණය දමා මද ගින්නේ පිසගන්න. අඹ කෑලි ටික හොඳින් තැම්බුණු පසු මිරිස් හා ලුණු එකතු කර හැන්දකින් අඹ කෑලි පොඩි කර ගන්න.

උපදෙස් – ප්‍රවීණ සූපවේදී ජගත් කටුගම්පල

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>