TT Ads

මස්වල රසයට දෙවැනි නොවන පොළොස් බ්ලැක් කරි එක මතක් වෙද්දීත් කෙළ උනනවා නේද? හැබැයි අද අප ඔබට කියා දෙන්නේ ඒ ඒකාකාරී රසින් බිඳක් ඈත්වෙලා පොළොස් මැල්ලුම් සාදන හැටි. පොළොස් මැල්ලුමේ රසත් ඊට දෙවැනි නැහැ.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • තරමක් ලොකු පොළොස් ගෙඩි 01ක්
  • පොල් ග්‍රෑම් 400ක් පමණ
  • බී ලූනු ග්‍රෑම් 50ක්
  • සුදු ලූනු ග්‍රෑම් 25ක්
  • කරපිංචා අවශ්‍ය පමණ
  • රම්පෙ අවශ්‍ය පමණ
  • වියළි රතු මිරිස් කරල් 5ක්
  • ගම්මිරිස් තේ හැඳි 01ක්
  • එනසාල් 2ක් පමණ
  • කරාබු නැටි 2ක් පමණ
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • උළුහාල් ස්වල්පයක්
  • ලුණු අවශ්‍ය පමණ

සාදාගන්නා ආකාරය

මුලින් පොළොස් ගෙඩිය තම්බා ගෙන පොත්ත ඉවත් කර සිහින්ව ලියා ගන්න. ඉන්පසු තාච්චියක් ළිප තබා තෙල් ස්වල්පයක් එකතු කර උළුහාල්, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු, වියළි මිරිස් කරල් දමා තෙම්පරාදු වන විට සිහින්ව ලියාගත් ලූනු, සුදු ලූනු දමන්න. එයට රම්පෙ, කරපිංචා හා තෙල් එකතු කරන්න. ලුණු හා ගම්මිරිස් දමා එයට කපාගත් පොළොස් එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>