TT Ads

උදේ පාන්දරම කුස්සිය දෙවැනි ලෝක යුද්ධයට දෙවැනි නැහැ. අඩුම තරමින් ව්‍යාංජන තුනක්වත් නැතුව බත්මුලක් දෙන්න බැරි නිසා කුස්සියේ කලබලේ නම් ඉවර කරනවා බොරු. ඒ නිසාම කල්තබා ගැනීමේ ආහාර ලේසියෙන් පහසුවෙන් සකසා ගන්නා ආකාරය කියා දෙන්න අපි හිතුවා. කෙසෙල් මුව සීනි සම්බල් ඒ ප්‍රශ්නෙට කියාපුම විසඳුමක්. අඩුම දවස් 2ක්වත් කල්තබා ගත හැකි නිසා කුස්සියේ කලබලේ ටිකක් අඩු කරගන්න පුළුවන්.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • තරමක ප්‍රමාණයේ කෙසෙල්මුවක්
  • උම්බලකඩ මේස හැඳි 4ක් හෝ 5ක්
  • රම්පෙ, කරපිංචා ස්වල්පයක්
  • වියළි මිරිස්, කැබැලි මිරිස් මේස හැඳි 2ක්
  • තෙල්, බැද ගැනීමට අවශ්‍ය තරම්
  • කරදමුංගු, කරාබුනැටි 2 බැගින්
  • බී ලූනු ගෙඩි 2ක් හෝ 3ක්
  • ලුණු තේ හැඳි 01ක්
  • සීනි මේස හැඳි 01ක්
  • දෙහි ස්වල්පයක්
  • සුදු ලූනු බික් 01ක්
  • රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණ

සාදාගන්නා ආකාරය

පළමුව කෙසෙල් මුව හීනියට කපා ඒවා දෙහි මිශ්‍ර වතුරට දමා මිරිකා ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න. ඉන්පසු හීනියට කපාගත් බී ලූනු, රම්පෙ, කරපිංචා, උම්බලකඩ ගැඹුරු තෙලේ බැදගන්න. තවත් භාජනයක් ළිප තබා තෙල් ස්වල්පයක් එක්කර එයට හීනියට කපාගත් සුදු ලූනු, කැබැලි මිරිස්, ලූනු දමා තෙම්පරාදු කර ගන්න. මෙම මිශ්‍රණයට ලුණු හා සීනිද බැදගත් සියල්ලද එක් කරන්න. මද ගින්නේ මෙම සීනි සම්බෝලය සකසා ළිපෙන් බා දෙහි යුෂ එක් කරන්න.

ප්‍රවීණ සුපවේදී සුජිත් ආරියරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>