TT Ads

බත් පිඟානෙ කොනකින් අන්නාසි කෑල්ලක් තියාගත්තම බත් පිඟාන මැජික් එකකින් වගේ ඉවර වෙන්නේ හිතාගන්නත් බැරි විදියටයි. ඒ නිසාම ඒ අපූරු රස එකමුතුව තවත් අලුත්වෙලා පයිනැපල් චිකන් ෆ්‍රයිඞ්රයිස් විදිහට සැකසෙන්නේ ඔබගේ එකී රුචිකත්වය වෙනුවෙන්මයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • පිසගත් බාස්මති බත් කෝප්ප 01ක්
  • අන්නාසි ග්‍රෑම් 100ක්
  • බැදගත් කුකුළු මස් ග්‍රෑම් 100ක්
  • ලීක්ස් හෝ ලූනුකොළ අවශ්‍ය තරම්
  • බිත්තර 2ක්
  • කහකුඩු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

මුලින්ම තාච්චිය ළිප තබා රත් වූ පසු බැදගැනීමට අවශ්‍ය තරම් තෙල් එකතු කරන්න. එයට බිත්තරය දමා කුඩා කැබැලිවලට කඩා ගන්න. ඉන්පසු අන්නාසි කැබලි හා බැදගත් කුකුළුමස් එක් කරන්න. එයට ලුණුකුඩු දමා පිසගත් බත් එක්කර කලවම් කර ගන්න. අවශ්‍ය තරම් කහ එකතු කර හොඳින් මිශ්‍රකර අවසානයේ කපාගත් ලීක්ස් හෝ ලූනුකොළ එක්කර ළිපෙන් බාගන්න.

උපදෙස් – ප්‍රවීණ සූපවේදී ඒ. ඩබ්ලිව්. සඳරුවන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>