TT Ads

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

 

  • හොඳින් මෝරපු කරපිංචා ඉති 3-4ක්
  • රතු ලූනු ගෙඩි 4-5ක් පමණ
  • සුදු ලූනු බික් 4ක් පමණ
  • උළුහාල් ඇට මේස හැඳි 1
  • කුකුල් මස් කැබැල්ලක් තම්බාගත් වතුර අඬුකෝප්ප 5යි
  • ගම්මිරිස් ඇට 10ක් පමණ
  • ලුණු රසට අනුව

 

සාදන ආකාරය

 

කරපිංචා කොළ සෝදා දිය බේරා ගෙන, සුදුලූනු, රතුලූනු, ගම්මිරිස් සමග යන්තමට කොටා ගන්න. දැන් පොල් තෙල් ස්වල්පයක් ළිප තබා රත්වන විට උළුහාල් ටික දමා බැදෙන්ට හරින්න. දැන් කොටාගත් මිශ්‍රණයද දමා යන්තමට රත් කර ගන්න. දැන් කුකුල්මස් ස්ටොක් වතුර හා ලුණු දමා හොඳින් තැම්බෙන්නට හරින්න. තැම්බීගෙන එන විට ළිපෙන් බා පෙරා උණුවෙන්ම බීමට ගන්න. උණ, සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන විට, බඬේ අමාරු ගති වලට ගුණදායකය. බත් ටිකකට දමාගෙන කෑමටද ගත හැකිය.

 

උපදෙස් – කොළඹ 10, සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලේ ප්‍රධාන විධායක සූපවේදී විමල් නාගොඩවිතාන

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>