TT Ads

කිරිකොස් ව්‍යංජනය වගේ හදන හතුමාළුව, බැදපු මිරිස්, තුනපහ එකතුකර මස්කරිය වගේ හදන හතු ව්‍යංජනය අපේ කෑම වේලෙහි දැන් හරිම ජනප්‍රියයි. නමුත් අද අප ඔබට කියා දෙන්නේ ක්‍රිස්පි බැටර් ෆ්‍රයිඞ් මෂ්රූම් සාදා ගන්නා ආකාරයයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-

  • නැවුම් හතු පැකට් 1/2ක්
  • දෙහි යුෂ ස්වල්පයක්
  • ගම්මිරිස් තේ හැඳි 1/2
  • ලුණු ස්වල්පයක්
  • බිත්තර සුදුමද 2ක්
  • කෝන්පිටි අවශ්‍ය ප්‍රමාණයට
  • බැඳගැනීමට තෙල්
  • චිලී ඔයිල්

සාදාගන්නා ආකාරය:-
ප්‍රථමයෙන් හතු සිහින් තීරුවලට ඉරා ගන්න. ඉන්පසු එය භාජනයකට දමා දෙහි යුෂ, ගම්මිරිස් හා ලුණු රස අනුව එක්කර හොඳින් කලවම් කර ගන්න. ඉන්පසු එයට කෝන්පිටි බිත්තර සුදුමද, චිලි ඔයිල් එකතු කරන්න.

එසේ සාදාගත් හතු රත් වූ තෙලෙහි රන්වන් පාට වනතුරු බැදගන්න. පසුව තක්කාලි සෝස් සමග උණු උණුවේම පිළිගන්වන්න.

 

උපදෙස් – මවුන්ට් ලැවීනියා කේටරේස් හි ප්‍රධාන සූපවේදි
පියල් පෙරේරා

සූපවේදී ටිරාන් ජය ශ්‍රී

විශ්මි ජයනිකා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>