TT Ads

සමහරුන්ට වඬේ එකක් කාලා ප්ලේන්ටියක් බොනවා තරම් දිවට රසයක් තවත් නැහැ. වෙනස්ම තාලෙට රසවත් වඬේ එකක් උණු උණුවේම තේ මේසයට පිළියෙල කරගන්නා හැටියි මේ කියන්නේ.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

  • මඤ්ඤොක්කා කිලෝ ග්‍රෑම් 01ක්
  • කඩල පරිප්පු ග්‍රෑම් 250ක්
  • බී ලූනු ග්‍රෑම් 50ක්
  • සුදු ලූනු ග්‍රෑම් 25ක්
  • කරපිංචා ග්‍රෑම් 10ක්
  • ලුණු අවශ්‍ය පමණට
  • ගම්මිරිස් ග්‍රෑම් 20ක්
  • වියළි මිරිස් කරල් 5ක් පමණ
  • තෙල් අවශ්‍ය පමණ

 

සාදා ගන්නා ආකාරය

 

මුලින් මඤ්ඤොක්කා සුද්ද කර, පිරිසිදු කර තම්බා ගන්න. හොඳින් තම්බාගත් මඤ්ඤොක්කා පොඩිකර පසෙකින් තබා ගන්න. පැය 6ක් පමණ කලින් පොඟවාගත් හෝ තම්බාගත් පරිප්පු ග්‍රයින්ඞ් කර ගන්න.

භාජනයක් ළිප තබා තෙල් ස්වල්පයක් එක්කර ලොකුවට කපාගත් වියළි මිරිස් කරල්, ලූනු, සුදු ලූනු, කරපිංචා දමා තෙම්පරාදු කර එයට කඩල පරිප්පු, මඤ්ඤොක්කා දමා පදමට ලුණු එක්කර ළිපෙන් බාගන්න. මේ මිශ්‍රණය හොඳින් නිවුණු පසු ගුලි සාදා පැතලි කර ගැඹුරු තෙලේ බැද ගන්න.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදී ඉෂාර සඳරුවන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>