TT Ads

වෙළෙඳපොලට පැමිණි අලූත්ම ජීන්ස් එක තමයි Aielowu Jeannie Ultra Comfortable Jeans කියන්නේ. මෙහි ඩිජිටල් හෝ ඉලෙට්‍රොනික් අංගෝපංාග කිසිවක් නැති වුණත් කාන්තාවන්ට නම් අලූත් අත්දැකීමක් ලබාදෙන්නට හැකියාවක් ලැබෙනවාට සැකයක් නැහැ. මෙහි වෙනසක් කොට ඇත්තේ ඉදිරිපස සිපර් එක සහිත විවරයයි. සාමාන්‍ය ජීන්ස් එකක මේ විවරය ඉහළ සිට පහළට විවෘත කළ හැකි ආකාරයෙන් සකස් කොට තිබෙනවා. නමුත් මේ ජීන්ස් එකේ මෙය පසුපසට දක්වාම විවෘත කළ හැකියි. ලොව මෙවැනි ජීන්ස් මෙතෙක් නිර්මාණය කොට නැති නිසා මෙයට පේටන්ට් බලපත‍්‍රයක් පවා හිමිව තිබෙනවා. මෙවැනි ජීන්ස් එකක අපේක්ෂාව වන්නේ විශේෂයෙන් කාන්තාවන්ගේ පහසු සනීපාරක්ෂාවයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ජීන්ස් එක සමගම බැක්ටීරියා නාශක යට ඇඳුමක් ද තිබීමයි. මේ නිසා මෙය අඳින කාන්තාවන්ට වෙනම යට ඇඳුමක් ඇඳීමේ අවශ්‍යතාවක් ද නැති වෙනවා. ඇමරිකානු ඩොලර් 90ක් හෙවත් රුපියල් 16,595 ක් පමණ වන මෙය www.kickstarter.com වෙබ් අඩවියෙන් පහසුවෙන් මිලට ගන්නට හැකියාව තිබෙනවා.

නිරංජන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>