TT Ads

අග්නිදිග ආසියාවේ ලැයිස්තුගත විශාලතම සෞඛ්‍ය සේවා සමූහය වන කැල්බේ, තවත් විද්‍යාත්මක පසුබිමක් මූලික කොටගත් පෝෂණ නාමයක් වන “එන්ට්‍රසෝල් ප්ලැටිනම්” හඳුන්වාදී තිබේ. අද්විතීය විද්‍යාත්මක වට්ටෝරුවකින් සුසැදි එන්ට්‍රසෝල් ප්ලැටිනම්, වියපත් වූවන්ට ශක්තිය වර්ධනය සඳහාත්, සැත්කමකින් පසුව සහ අසනීපයෙන් පෙළුණු අය සුවපත් වන අවධියේ නිසි පෝෂණය ලබා දීම සඳහාත් භාවිත කළ හැකිය. එන්ට්‍රසෝල් ප්ලැටිනම් වයසට යාමේදී සහ ශරීරය යථා තත්ත්වයට පත්වීමේදී ඇතිවන පෝෂණීය පරතරය පිරවීමට උපකාරී වේ.

කැල්බේ සමූහය සිය ව්‍යාපාර අංශ හතර වන, වට්ටෝරු ගත ඖෂධ නිපදවීම, පාරිභෝගික සෞඛ්‍යය, පෝෂණ අංශය සහ බෙදා හැරීම් හා සැලසුම් සංවිධානයන් ඔස්සේ ඒකාබද්ධ සෞඛ්‍ය සත්කාරයක් සපයයි. “සුවදායි ජීවිතයක් සඳහා වඩා උසස් සෞඛ්‍යයක්” යනුවෙන් වූ සිය පාඨය තේමා කරගත් කැල්බේ දැඩි ලෙස පර්යේෂණ මූලික කොටගත් නව්‍ය සෞඛ්‍ය සත්කාර විසඳුම් සෙවීමට කැප වීමෙන් ලෝකයේ කීර්තිමත් හවුල්කරුවන් සමග උපාය මාර්ගිකව සන්ධාන ගත වී ඇත.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>