TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය

 

 හොඳින් පැසුණු ඇඹරැල්ලා කිලෝ ග්‍රෑම් 1
 සීනි ග්‍රෑම් 300
 කෑලි මිරිස් මේස හැඳි 4
 තලාගත් ඉඟුරු, සුදුලූනු මේස හැඳි 2
 ලුණු
 කරාබුනැටි 3ක්
 කුරුඳු පොතු කැබැල්ලක්

 

සාදන ක්‍රමය

ඇඹරැල්ලා ගෙඩිවල ඇට සහ පොතු ඉවත් කර කුඩාවට කපා ගන්න. ඉඟුරු, සුදු ලූනු, කරාබුනැටි, කුරුඳු පොතු, ලුණු සමග ඇඹරැල්ලා හොඳින් මිශ්‍ර කර වතුර ටිකක් දමා ළිප තබා මඳ ගින්දරේ තැම්බෙන්නට හරින්න. වතුර සිඳුණු පසු එයට කෑලි මිරිස්, සීනි දමා හොඳින් මිශ්‍ර කර නැවත මඳ ගින්දරේ ටික වෙලාවක් පිස ගන්න.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදිනී නිමල්කා ගුණවර්ධන

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>