TT Ads

ගෙවී යන හැම දිනයකම, හැම මොහොතකම අලුත් අත්දැකීමක් විඳින්න, අලුතින් හිතන්න අපට හැකිනම්, අපේ ජීවිතය සැබැවින්ම සොඳුරු වෙනවා නිසැකයි. උදේ කෑම වේලට වැඩියෙන්ම ආහාරයට ගන්න පාන්වලින්. වෙනස්ම, අලුත්ම අතුරුපසක් රසවිඳීමත් එසේ අලුත් වන අලුත් අවුරුද්දට සැබෑම වෙනසක් වෙනවා සිකුරුයි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති 10ක්
  • බිත්තර 12ක් පමණ
  • සීනි ග්‍රෑම් 250ක්
  • කිරි ලීටර් 01ක්
  • වැනිලා ස්වල්පයක්

 

කස්ටඞ් සෝස් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

  • කිරි ලීටර් 01ක්
  • සීනි ග්‍රෑම් 200ක්
  • කස්ටඞ් පවුඩර් ග්‍රෑම් 100ක්

 

සාදා ගන්නා ආකාරය

 

ප්‍රථමයෙන් පාන් පෙති කුඩා කැබැලි වලට කපා භාජනයකට දමා ගන්න. ඉන්පසු වෙනත් භාජනයක් ගෙන එයට බිත්තර, සීනි, කිරි, වැනිලා එක්කර හොඳින් කලවම් කර එයට කුඩා පාන් කැබැලි එක් කරන්න. මෙම මිශ්‍රණය ටේ්‍ර එකක දමා සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයේ විනාඩි 45ක් පමණ බේක් කර ගන්න.

බේක් කර ගැනීමේදී වතුර භාජනයකට අදාළ භාජනය බස්වා පියනෙන් හොඳින් වසා ගන්න. බ්‍රෙඞ් පුඩිම සකස් වෙනතුරු අපි කස්ටඞ් සෝස් එක සාදා ගනිමු. කිරි ප්‍රමාණයෙන් අඬු කෝප්ප 1ක් පමණ වෙන්කර එයට කස්ටඞ් දිය කර ගන්න. ඉන්පසු වෙනත් භාජනයකට කිරි හා සීනි එක්කර හොඳින් බුබුළු දමන තෙක් නටවාගන්න.

එසේ නටවා ගත් කිරි වලට කස්ටඞ් එකතු කර ඝන සාන්ද්‍රණයක් සාදා ළිපෙන් බා ගන්න. මෙය පුඩිම උඩින් වක් කරගන්න.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදී, අකිල ඉෂාන් රාජපක්‍ෂ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>