TT Ads

මෙය කුඩා ඉඩකඩක් තුළ තනි පවුලකට සුදුසු ලෙස නිමැවුණු, අලංකාර දෙමහල් නිවසක සැලසුමකි. මෙම නිවසේ විශේෂත්වය වන්නේ තමන්ගේ ආර්ථික මට්ටම මත කොටසින් කොටස ඉදිකර ගත හැකිවන පරිද්දෙන් සැලසුම නිර්මාණය කර තිබීමයි.

මෙම නිවසේ බිම් මහලේ කෑම කාමරය සාලයට විවෘත වන ලෙසට නිර්මාණය කර තිබේ. එසේම ඇතුළත ඉඩකඩ පෙන්වීම සඳහා අඩි පහක් පමණ උස කෙටි බිත්ති යොදා ගෙන තිබීම මෙම සැලසුමේ ඇති විශේෂත්වයකි. ඒ තුළින් ඇතුළත ඉඩකඩ පෙන්වීම හා හොඳ ආලෝක තත්ත්වයක් සහ නිවසේ උණුසුම පාලනය කිරීම අරමුණ වී තිබේ. නමුත් කාමර හා නාන කාමර සාමාන්‍ය පරිදි වෙන් වී පවතී. මේ තුළින් සැලකිය යුතු ප්‍රමාණයකින් වියදම අඩුවන අතරම නිවසේ අවකාශය පෙන්වීමද සිදුවේ.

 

 

පිටතට විවෘත වන ආලින්දය සඳහා වහලයක් යොදා තිබේ. එය වාහන නවතා තබන ස්ථානයක් ලෙසින්ද භාවිතයට ගත හැකියඉහළ මාලය සඳහා පිවිසෙන පඩිපෙළ නිවස ඇතුළතින් දක්ෂණාවර්තව නිර්මාණ කර තිබේ. ඉහළ මාලය රූපවාහිනි නැරඹුම් කොටසක්, නිදන කාමර තුනක් හා නාන කාමර දෙකකින් සමන්විත වේ.

 

 

 


මෙහි Bed room 5 ලෙසින් නම් කර ඇති නිදන කාමරය පුස්තකාලයක්, කාර්යාලයීය කාමරයක්, ළමයින්ගේ කාමරයක් හෝ ආගමික වතාවත් සිදු කිරීම සඳහා වඩාත් සුදුසු වේ.
නිවසේ අලංකාර පෙනුම ඉස්මතු වී පෙනෙන ආකාරයට නිර්මාණය කර ඇති කොටස් වශයෙන් සිදු කරන වහලය සඳහා ඇස්බැස්ටොස් හෝ උළු භාවිත කිරීමට පුළුවන. මෙම නිවසේ වැඩ නිම කිරීම සඳහා ආසන්න වශයෙන් ලක්ෂ හැට පහක පමණ මුදලක් වැයවේ.

ගොතටුව දිනුදා හෝම්ස්හි
ගෘහ නිර්මාණ ශිල්පිනී වාස්තු විද්‍යා උපදේශිකා
නිසංසලා කොළඹගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>