TT Ads

බුදු රජාණන් වහන්සේ දේශනා කළා ගහකට හොඳ පෝෂණයක්, ඒ කියන්නේ වතුර, හිරු එළිය වැනි දෑ හොඳින් ලැබෙනවා නම් ඒ ගහේ හොඳට ඵල දරනවා කියලා. අපේ මේ ජීවිතයත් එහෙමයි. ගහක මුල් පද්ධතිය හොඳින් වැඩෙන නිසා, ඵල හොඳින් දරනවා.

මල් පිපෙනවා. ඒ වගේ තමයි ජීවිතයක කෙලෙස් හොඳින් පෝෂණය වෙනවා නම් ජරා, ව්‍යාධි ආදී දේ වලින් පෝෂණය ලබනවා. මේ සසර ජීවිතයක් කෙලෙස් හොඳින් පෝෂණය කරන නිසා සසර දුක් කන්දරාවත් වැඩි වෙලා තියෙනවා. මුල් පද්ධතිය ප්‍රමාණවත් නම් ශක්තිමත් නම් ගහේ නැවත නැවත මල් හා ඵල හට ගන්නේ යම් සේද, එමෙන්ම ජීවිතයේ කෙලෙස් තබාගෙන ජීවිතය කෙළවර වුණොත් නැවත නැවතත් ඉපදී ඒ ජරා ව්‍යාධි ආදී දේවලින් පීඩා විඳිනවා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනා, දහම ජීවිතයට ආදේශ කර ගන්නට යෙදුනොත් සසර ගමන කෙටි කරගත හැකි බව. කෙලෙස් මල සම්පූර්ණයෙන් දුරු කර දැමුවොත් ලෙඩ රෝග දුක් කම්කටොලු සහ වයසට යෑමෙන් ඇති වන පීඩා අපේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම දුරු වී ගොස් උතුම් නිවනට ළඟා වෙන්නට හැකි වෙනවා. කුසල ධර්මයන් වැඩීමෙන් දුකින් මිදෙන්නට හැකි වෙනවා.

ඔබ එයට උත්සහවන්ත වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා.

පූජ්‍ය පලුගස්වැව සද්ධාතිස්ස හිමි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>