TT Ads

කුසගින්න ඇතිවීම සෑම සත්වයකුටම පොදුය. නමුත් යහමින් ආහාර ගැනීමෙන් පසුව පවා නිතර නිතර කුසගිනි දැනෙන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවේ. මෙම ලිපියෙන් විමසා බලනුයේ එවැනි තත්ත්වයක් ඇතිවීමට බලපෑ හැකි හේතු සාධක කිහිපයක් පිළිබදවය.
ආහාර වේල් සඳහා ප‍්‍රමාණවත් තරම් ප්‍රෝටීන් එක්කර නොගැනීම

සංකීර්ණ පෝෂකයක් වන ප්‍රෝටීන් කුසගින්න පාලනය කරන හෝර්මෝන නිදහස් කිරීම නියාමනය කරමින් ආහාර ගැනීමේ රුචිය පාලනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. ජීරණ ක‍්‍රියාවලියේදී ප්‍රෝටීන් බිඳ වැටීමට වැඩි කාලයක් ගතවන අතර ප්‍රෝටීන බහුල ආහාර උදරය තුළ තිබීමෙන් කුසගිනි ඇතිවීම පමාකරයි.

ප‍්‍රමාණවත් නින්දක් නොමැති වීම

සුව නින්දක් ලැබීම නීරෝගීබව සඳහා අත්‍යාවශ්‍යම සාධකයකි. ප‍්‍රමාණවත් තරම් නින්දක් නොමැති වීම කුසගින්න පාලනය කරන හෝමෝන මට්ටම උච්චාවචනය වීමට බලපාන අතර එය නිතර කුසගිනි ඇතිවීමට හේතුවෙයි.

කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර පරිභෝජනය

පිරිසිදු කළ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර එනම් සුදු සහල්, බත්, පාන් ආදිය අනුභවය තුළින් උදරයට ජීරණ ක‍්‍රියාවලිය සඳහා වැඩි වෙහෙසක් ගැනීමට සිදුනොවේ. එම ජීරණ ක‍්‍රියාවලියේදී වැඩි සීනි ප‍්‍රමාණයක් රුධිරයට එක්වන අතර, එමගින් වැඩිවූ රුධිර ගත සීනි මට්ටම ඉවත් කිරීමට ඉන්සියුලින් හෝර්මෝනය ක්‍ෂණිකව රුධිරයට එක්වීම හේතුවෙන් ඉක්මනින් කුසගින්න ඇතිවෙයි.

ආහාරවල මේද ප‍්‍රමාණය අඩුවීම

මේද මගින් ආහාර ජීරණය පමාකරයි. මෙම ආහාර වැඩි වේලාවක් කුස තුළ රැුදී තිබීම හේතුවෙන් කුසගින්න ඇතිවීමට වැඩි කාලයක් ගතවෙයි.

ප‍්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම

ආහාර රුචිය අඩුකිරීමේ හැකියාවක් ජලයෙහි අඩංගු වෙයි. ප‍්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීමෙන් ඇතිවන පිපාසය ඇතැම්විට කුසගින්න ලෙස දැනෙන අවස්ථාද තිබේ.

කෙඳි සහිත ආහාර අඩුවීම

සෞඛ්‍ය සම්පන්න ආහාර ජීරණයක් සඳහා තන්තුමය ආහාර, ආහාරවේලට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුවේ. එමගින් ආහාර ගැනීමේ වුවමනාව අඩුකරන අතර උදරය පිරුණු බවට වන හැඟීමක් ගෙනදෙයි.

ඉක්මනින් අනුභව කිරීම

ඉක්මනින් ආහාර අනුභව කිරීම තුළින් උදරය පිරී ඇති බවට වන හැඟීම ඇති වීමට බාධා කරන අතර එමගින් නැවත ඉක්මනින් කුසගිනි ඇතිවෙයි.

අධික ආතතිය

අධික ආතතිය නිසා සිරුරේ කෝටිසෝල් මට්ටම ඉහළයෑම නිතර කුසගින්න ඇතිවීමට බලපායි.

අධික ලෙස ව්‍යායාමවල යෙදීම

අධික වේගයකින් හෝ වැඩි වේලාවක් හෝ ව්‍යායාමවල යෙදීම ආහාර ගැනීමේ වුවමනාව වර්ධනයටත් පරිවෘත්තීය ක‍්‍රියාවලි වේගවත් වීමටත් හේතුවන අතර එබැවින් නිතර කුසගිනි ඇතිවෙයි

අධික මත්පැන් පානය

අධික ඇල්කොහොල් පානයෙන් කුසගින්න අඩුකරන ලෙප්ටින් වැනි හෝර්මෝන නිපදවීම වළක්වාලන බව පර්යේෂණ ම්ගින් හෙළිවී තිබේ.

Healthline ඇසුරෙනි
කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>