TT Ads

මෙහෙයුම් කටයුතු අරඹා වසර තුනකට පසු කොමර්ෂල් බැංකුවට අනුබද්ධව ක‍්‍රියාත්මක වන මාලදිවයින කොමර්ල් බැංකුව (CBM)2019 මාලදිවයිනේ ව්‍යාපාරික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුකරණ සහ මූල්‍ය අංශය යටතේ ‘මූල්‍යකරණයේ විශිෂ්ටත්වය’ සඳහා සම්මානය දිනාගැනීමට සමත්වී තිබේ.

මෙම සම්මානය ලබාදී තිබෙන්නේ බැංකුව විසින් මාලදිවයින තුළ දක්වා තිබෙන ව්‍යාපාරික විශිෂ්ටත්වය සහ එරට වෙළඳපොළට විප්ලවීය සහ නව්‍ය වූ මූල්‍ය සේවා හඳුන්වාදීම මෙන්ම බැංකු කර්මාන්තයේ යහ ක‍්‍රමවේදයන් පවත්වා ගනිමින් දේශීය ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයින්ට ප‍්‍රතිලාභ අත්කරදීම ඇගයීමට ලක් කරමිනි. මෙම සම්මාන වැඩසටහන මාලදිවයිනේ මහජන සබඳතා, අලෙවිකරණ සහ ව්‍යාපාරික සංවර්ධන ආයතනයක් වන Blazon Inc විසින් සංවිධානය කර තිබුණි.

මාලදිවයිනේ ආයතනික සහ පුද්ගලික පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා අනුව පාරිභෝගික හිතැති සේවාවක් ලබාදෙමින් සැලකිය යුතු වෙළඳපොළ කොටසක් කොමර්ෂල් බැංකුවට අත්පත් කරගැනීමට හැකිවීමද මෙම සම්මානය බැංකුවට ලබාදීමට හේතුවී තිබේ. බැංකුව 2019 මූල්‍ය වසර තුළදී මාස 06 ක් වැනි කෙටි කාලයක් ඇතුළත බදු ගෙවීමට පෙර මාලදිවයින රුෆියා මිලියන 42.57 ක (රුපියල් මිලියන 490 ක) ලාභයක් ලබාගැනීමට සමත්ව ඇත. 2019 වසර අවසන් වනවිට මාලදිවයිනේ කොමර්ෂල් බැංකුවේ වත්කම් පදනම රුෆියා බිලියන 1.63 ක් (රුපියල් බිලියන 18.7 ක්) වී ඇත.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>