TT Ads

“ලෝකය පුරා පැතිරෙන අමුතු උණ වසංගතයක් ! 2019න් පසු ලෝකය පුරා අමුතු උණ වසංගතයක් පැතිරයයි.ඒ හේතුවෙන් තුන්වැනි ලෝකයේ බොහෝදෙනෙක් මියයනු ඇත.මෙය මිනිස් ශරීරයේ ප්‍රථිශක්තිකරණ පද්ධතියට ප්‍රහාර එල්ල කරන රෝගයකි”.  – බාබා වැන්ගා

බාබා වැන්ගා නමැති බල්ගේරියානු ජාතික අන්ධ අනාවැකි කාරිය මෙයට දසක ගණනාවකට පෙර කී අද්භූත අනාවැකියකි ඒ.

ඇය ලෝකයේ මෙතෙක් සිටියා වු  විශිෂ්ටතම අනාවැකිකාරියකි.සෝවියට් දේශයේ බිඳවැටීම,රුසියනු කර්ක්ස් සබ්මැරින අණතුර,අමෙරිකාවේ 44වැනි ජනාධිපතිවරයා ලෙස කළු ජාතකයෙක් පත්වීම,චර්නොබිල් අණතුර, 2004 සුනාමිය,කළු සැප්තැම්බ් ප්‍රහාරය,අයි එස් අයිඑස් නැගිටීම,ට්‍රම්ප් ගේ  ජය,පුටීන් නැවත පත්වීම,බ්‍රිතාන්‍යය යුරෝපයෙන් වෙන්වීම,ඇතුළු සාර්ථක අනාවැකිගණනාවක් ඇයකියා ඇත.කොවිඩ්- 19 මේ අනාවැකියේ සියලු අවශ්‍යතා සපුරන ලකුණු මේවන විටත් පහළව හමාරය.

විද්‍යාඥයන් අණතුරු ඇඟවූ මාරක ‘X’ වෛරසය:

ලෝකප්‍රකට වෛද්‍ය ජර්නලයක් වන ‘සෙල්’ සඟරාවේ නව වෛරසය ගැන භයානක එළිදරව්වක් පළව තිබුණී.ඒ ලෝකසෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරිනියක් වන මේරීයන් කූප්මන් පළකළ අදහසකි.ඇය කියන ආකාරයට මෙබඳු භයානක ජාන වෙනස්කම් සහිත වෛරසයක් පැතිර යාමට ඉඩ කඩ ඇති බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ මීට මාස 6 කට පමණ පෙරදීය.මනුෂ්‍ය සංහතියට මාරාන්තික බලපෑමක් එල්ලකළ හැකි වෛරස කාණ්ඩයක් ගැන එදා ඔවුන් අණතුරුඅඟවා ඇත. නිසි පාලනයක් නොකළහොත් එය හේතුවෙන් ලොව මිලියන 80කටත් වඩා  පිරිසක් මියයාමේ අවදානමක් පවතින බව ඔවුන්අනතුරු අඟවා තිබේ.මේ අද්භූත රෝගකාරක වෛරසය අනාගතයේ නිශ්චිතව හඳුනාගන නම් කරන තුරු ඔවුන් එය  ‘X’’යනුවෙන් නම් කර තිබුණි.ඇය සැකපහළ කරන්නේ  කොවිඩ් -19 මේ  ‘X’’කාණ්ඩයේ රෝගයක් බවටය.මේවන විටත් වෛරසය සොයාගන මාස 03ක් ගතවන්නට පෙර ලෝක ව්‍යාප්තියක් දක්වන මේ වෛරසයට දැනටමත් ගොදුරුව ඇති පිරිස ලක්ෂයකට ආසන්නය.එය දිනපතා තවත් ඉහළයමින් පවති.

 

කොවිඩ්19  යුගයේ භයානකම රෝගය:

 

අලුත්ම කොරෝනා  ලෙඩේ හෙවත් කොවිඩ් 19 රෝගය වඩාත් භයානක බවට පත්ව ඇත්තේ එය වඩාත් ඉක්මණින් පැතිර යාම නිසාය.ප්‍රාදේශීයව මෙන්ම රටවල් අතරද එය මෙයට පෙර ලෙඩ රැගෙන පැමිණි එහි සහෝදර වෛරස වන  (SARS-CoV)  සහ  (MERS-CoV) ට වඩා ඉක්මන් පැතිරිමක් දක්වයි.නිදසුනක් ලෙස චීනය සහ හොංකොං වලින් පැතිර යාම ආරම්භ වූ සාර්ස් හේතූවෙන් 2002-2003 මුළු කාලය පුරා මියගියේ 774කි.එය ආසාදනයට ලක්වුයේ 8100කටය.එහෙත් නව වෛරසය මාස 3ක් ඉක්මවන්නටත් පෙර එම වාර්තා ඉිඳහෙළමින් මාරාන්තික පැතිරීමක් දක්වයි.

ඒ මදිවාට මේ ලෙඩේ මිනිසුන් එකිනෙකා අතර අතරමැදියෙක් නැතිව  කෙලින්ම පැතිරයයි.වඩාත්ම භයානක දැන් වාර්තාවන ආකාරයට රෝගලක්ෂණ කිසිසේත්ම නොපෙන්වන නමුත් නව, SARS- CoV-2 වෛරසය තමසිරුරේ ඇති අයගෙනුත් එය පැතිරෙන බව  තහවුරුවීමය.

අන්තර්ජාතික විද්‍යා ප්‍රකාශනයක්වන ‘සෙල්’ ඔන්ලයින් සඟරාවේ මෑතක පලවූ පර්යේෂණ  දත්ත අනුව  මේ  කොරෝනා වෛරස විවිධ ද්‍රව්‍ය මතුපිට දින සතිමාස ගණනක් විනාශ නොවී පැවතීමේ හැකියාව දරයි.එමනිසා සෙම් සොටු පිසදා දමන ලේන්සුවේත්, ටීෂූ කඩදාසීයේත් එයට රැඳී සිට අන් අය වෙත  මෙන්ම එම පුද්ගලයා වෙතම නැවත ඇතුළු වීමට හැකිය. මේ නිසා එබඳු කඩදාසී, ලේන්සු මෙන්ම ලෙඩ්ඩූ අතපතගෑ වැනැසිය හැකි දේ පියනකින් වැසූ ආරක්ෂීත භාජනයක  රැස්කර දිනපතා විනාශ කර දැමීම වඩා යහපත්ය. එදිනෙදා භාවිතා කරන අතපතගාන  මේස පුටුමතුපිට ,මොබයිල් සහ ස්ථාවර දුරකතන,අත් ඕර්ලෝසු,පෑන් පැන්සල් වැනි දේ පවා විසබීජ නාශක ඇල්කොහොල් මිශ්‍ර දියර යොදා පිරිසුදු කරගැනීම වැදගත්ය.වෛරස නැසීය හැකි ප්‍රබලම ක්‍රමය උණුසුමයි.අහා පාන හොඳින් රත්කර ගන්නට කියන්නේ ඒ නිසාය.බිත්තර මස් මාළු මතුපිට වෛරස ඉක්මණින් වැඩී සාමාජික ගහනයද වැඩිකර ගනියි.මේ ආහාර භාවිතයට  නොගෙන අත් හැරිමට නොහැකි නම් ඒවා හොඳින් උයාපිහා භාවිතයට ගතයුතුය.

ඇඟ හිරිවැටෙන සොයාගැනීම්:

රෝගය වැළඳුන අයකුගෙන් හෝ එය පැතිරගිය  ප්‍රදේශයට කිසිදු සම්බන්ධයක් නොදක්වන අයටද දැන් රෝගය වැළඳී ඇති බව සොයාගන තිබේ.අමෙරිකාවේ  එබඳු මරණ 2ක්ද වාර්තාවිය.විද්‍යාඥයන් අලුතෙන් කළ සොයා ගැනීම් අනුව   කොවිඩ් 19 රෝගය සාදන මේ SARS- CoV-2 වෛරසය ඉතා ඉන්මණින්ම සිය ප්‍රවේණික ද්‍රව්‍ය වෙනස් කර ගනියි.වෙස්වලා ගනියි.වඩාත් හානිකර පාගනය කළ නොහැකි මට්ටමට ප්‍රතිසැකසෙයි.මේ නිසා එයට නිශ්චිත හැඩරුවක් ගතිසොබාවක් හඳුනා ගන්නට නොහැකිය. ඒ නිසාම එයට නිශ්චිත ඖෂධයක් සෙවීමද දිනෙන්දිනම අසීරු වීතිබේ. ඒ නිසාම මෙය බෙහෙත් නාහන මාරකයක් වට පත්ව  ඇත.

 

ලෝක වසංගතයක්:

චීනයෙන් පසුව දැන් නව කොරෝනා වෛරසයේ වඩාත් බලපෑම් එල්ලවී ඇත්තේ දකුණු කොරියාවටය.එරට මෙසේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 73% ක්ම ආගමික පල්ලියක සාමාජිකයන්ය. එරටින් වෛරසය ආසාදනය වූ ලාබාලතමයා ලෙස වාර්තා වන්නේ දින 45ක් වයසැති ළදරුවෙකි. වෛරසය මව්පියන්ගෙන් දරුවාට සම්ප්‍රේෂණය වී තිබුණි. මේ අතර ජපානයෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 1000පන්නා තිබේ.

යුරෝපා කලාපයේ නව කොරෝනා වෛරසයෙන් වැඩි වශයෙන් බලපෑම් එල්ලවි ඇත්තේ ඉතාලියටය. මැදපෙරදිග කලාපයේ   වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ඉරානයටය.

ඇමරිකාවෙන් ද මේ වනවිට කොරෝනා අසාදිතයින් 70 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර වොෂින්ටන් අගනුවරින් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබේ.නිව්යෝර්ක් නුවරින් පළමු ආසාදිතයාද පසුගිය සතියේ හමුවිය.

පාප්තුමන්ටත් ? ලොකුලොක්කන්ටත්!

පාප්තුමන්ටත්වෛරසය ආසාදනයවී ඇතිදැයි සැකයක් පසුගිය සතියේ පහළවිය. එතූමෝ රෝගීන් පිරිසක් හමුවූ පසු සෙම් රෝගී තත්ත්වයකින් පෙලෙන්නට වූහ.සැකය මතුවූයේ එහෙයිනි.

මොංගෝලියානු ජනාධිපති ඛල්ට්මාජින් බතුල්ගා දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට පියවර ගෙන ඇත.  මොංගෝලියානු ජනාධිපතිවරයා පසුගියදා චීනයේ සංචාරයක නිරතවීම හේතුවෙනි. ඔහු සමඟ සංචාරයේ නිරත වු මොංගෝලියානු විදේශ අමාත්‍යවරයා ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ද නිරෝධායන ක්‍රියාවලියට යොමු කරඇත. ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ද වෛරසය ආසාදනය වි තිබුණී.

ලොකේ පුරා තවත් වාර්තා:

අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, රොමේනියාව, ඇල්ජීරියාව, ක්‍රොයේෂියාව, ස්පාඤ්ඤය, ඔස්ට්‍රියාව,ප්‍රංශය,කැනඩාව, බ්‍රසීලය, චෙක් ජනරජය , ස්කොට්ලන්තය, නයිජීරියාව,  ඩොමිනිකා ජනරජය,තායිලන්තය, ය, ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, කුවෙට්, බහරේනය   ඕමානය සහ බංග්ලාදේශය ඇතුළු ලෝකයේ තවත් බොහෝ රටවලින් අලුත් අසාදිතයන් වාර්තාවෙමින් එය වසංගතයක්  වන ලකුණු පැහැදිලිවම පෙන්වා ඇත.දැනටමත් කොරොනා භීතිකාව  ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලකර තිබේ.

ලෝක ආර්ථික අර්බුද :

ලෝක වෙළෙඳපොළ ගත්තොත් අද වන විට ඒ වෙළෙඳපොළේ දෙවන විශාලතම පංගුකරුවා බවට පත් ව තිබෙන්නෙ  චීනයයි. කොරෝනා වයිරස් රෝගය මතු වූ චීනයේ වූහාන් නගරය චීන ප්‍රවාහන පද්ධතියේ කේන්ද්‍රයයි.  කොරෝනා වයිරසය නිසා චීන ආර්ථික වර්ධනය 0.5%ත් 1%ත් අතර ප්‍රමාණයකින් පහළ යා හැකි බව ඉන්දියා ටුඩේ සගරාවට විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ප්‍රභාෂ් කේ. දත්තා සඳහන් කර තිබුණි. ඒ ප්‍රමාණය ඇමරිකානු ඩොලර්වලින් මැන්නොත් ඇමරිකානු ඩොලර් බිලියන 136ක් තරම් විශාලය. සාපේක්ෂව ගත් කළ  2002- 2003 කාලවකවානුවේ සාර්ස් වසංගතයෙන් ලෝක ආර්ථිකයට  ඇමරිකානු ඩොලර් බිලියන 40ක් අහිමි වූ බව වාර්තාගතය.

දැනටමත්  චීනයේ ආර්ථික වර්ධනය 6%ක සීමාවට පහළ බැසඇත.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව මේ අවුරුද්දෙ, ඒ කියන්නේ 2020 ලෝක ආර්ථික වර්ධනය 3.3%කි. ඒ අනුව 6%ක්  වන  චීන ආර්ථික වර්ධනය තවත් අඩු වී  4.5%ට බැස්සොත් ලෝක ආර්ථිකය 0.3%කින් පහළට වැටේයි.  එය  3%නේ සීමාවට පැමිනෙනු ඇත.මේ වන විටත් වෛරසය පැතිරයාම හමුවේ ඉතාලි ආර්ථිකයෙන් 13% ක ප්‍රතිශතයකට හිමිකම් කියන සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇත.චීනය ලොව දෙවෙනි තැනට වැඩියෙන්ම තෙල්ගනුදෙනු කරන රටය.මේ නිසා ගෝලීය තෙල් ඉල්ලුමේ පහත වැටීමක්ද සිදුවිය හැකිය.

කොරෝනා ලංකාවේ ආර්ථිකයටද දැඩි බලපෑමක් කරඇත.පසුගිය වසරේ ලක්ෂ 3ක් පමන චීන සංඤාරකයෝ මෙරට ආහ.නමුත් චීන රජය සිය ජාතිකයන්ට ලබාදී ඇති නිවාඩු දීර්ඝ කර ඇතත් ඔවුන් මෙරටට පැමිණීම සීමා වි ඇත.එමෙන්ම මේ නිවාඩුව නිසා වැසී ගිය නිෂ්පාදන කර්මාන්ත හේතුවෙන් චීන අමුද්‍රව්‍ය සහ නිමි ද්‍රව්‍ය හිඟයක් හට ගෙන ඇත.එය ලංකාවටද දැඩි බලපෑමකි.

 

-නිශානි අත්තනායක.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>