TT Ads

 

x අර්බුදයකදී කෝපය, දුක ආතතිය ව්‍යාකුලත්වය හා බිය දැනීම සාමාන්‍යය . ඔබ විශ්වාස කරන පුද්ගලයින් හා කතා බහ එවැනි හැඟීම් සමනයට උදව්වක් විය හැකිය. ඒ සඳහා ඔබගේ පවුලේ උදවිය හා මිතුරන් සමඟ සම්බන්ධ වෙන්න
x ඔබ නිවසේ රැුදී සිටින්නේ නම් යහපත් ජීවන රටාවක් පිළිපදින්න. නිසි ආකාරයේ සෞඛ්‍යමය ආහාර වේලක්,නින්ද, ව්‍යායාම, නිවාස තුළ ආදරණීයන් හා සමාජ සම්බන්ධතා මෙන්ම විද්යුත් තැපෑල , දුරකථනය හෝ සමාජ ජාල හරහා අනෙකුත් පවුලේ සාමාජිකයින් හා මිතුරන් සමග සබැඳියාව මේ සඳහා වැදගත්ය .
x ඔබගේ චිත්තවේගයන් පාලනය කරන්නට දුම්වැටි , මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍යයන් භාවිතයෙන් වැලකෙන්න .
x ඔබගේ කාර්යයේ බර දරාගැනීමට (දඩැරඅයැකපැා * නොහැකි නම් සෞඛ්‍ය සේවකයෙකුට හෝ උපදේශකයෙකුට කතා කරන්න . කායික හා මානසික සෞඛ්‍ය අවශ්‍යයතාවයන් සදහා අවශ්‍ය වුවහොත් ඒ සඳහා යන්නේ කොතැනකටද ,සහය ලබාගන්නේ කෙසේද යන්න සැලසුම් කරන්න
x තොරතුරු ලබා ගන්න . සාධාරණ පූර්වාරක්ෂාවක් සලසා ගනු වස් ඔබගේ අවදානම නිරවද්යව තීරණය කරන්නට තොරතුරු රැුස් කරන්න . ලෝක සෞඛ්‍ය සංවිධානය, ඔබගේ රටේ හෝ ඔබගේ ප‍්‍රාදේශීය මහජන සෞඛ්‍ය ආයතන වැනි විශ්වාසවන්ත තොරතුරු ලබාගත හැකි මුලාශ‍්‍ර සොයා ගන්න .
x ඔබේ හිත අවුල් කරනු ඇතැයි ඔබ හෝ ඔබ පවුලේ සාමාජිකයින් සලකන මාධ්‍ය ආවරණයන්ට සවන්දීම , නැරඹීම අඩු කිරීම මගින් ඔබේ සිත කරදර වීම් , කැළඹීම් සීමා කර ගන්න
x ඔබේ ජීවිතයේ පෙර සමයේ විවිධ විපත් /ආපදා කළමනා කරගන්නට ඔබට සහය වූ ජීවිත නිපුණතා ගැන සිතා ඒවා යලි දිවියට ආකර්ෂණය කර ගන්න .මේ අභියෝගාත්මක වසංගත සමයේ ඔබගේ චිත්තවේගයන් කළමණාකරණය කරගන්නට ඒ නිපුණතා යලි යොදා ගන්න

මුලාශ‍්‍රය : ලෝක සෞඛ්‍ය සංවිධානය
(විශේෂඥ වෛද්‍ය පුෂ්පරන්ජන් විජේසිංහ)

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>