TT Ads

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පසුගියදා කීවේ වයස 60ට වැඩි අය සෙනඟ ගැවසෙන ස්ථානවලින් බැහැරව සිටීම යහපත් බවයි. යම් රෝගීතත්ව නිසා දුර්වල ශරීර ප්‍රතිශක්තිය සහිත අයද අවදානම් සහිත සෙනඟ ගැවසෙන ස්ථාන මඟ හැරීම යහපත්ය.

උණ සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ ඇති සැක සහිත රෝග ලක්ෂණ ඇති අය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවිය යුතුය.

■ කිවිසුම් යන විට ටිෂූ කඩදාසියකින් හෝ නැවූ වැලමිට ඇතුළු පැත්තෙන් මුඛය නාසය ආවරණය කර ගන්න.
■ භාවිත කළ ටිෂූ කඩදාසි පියන සහිත කසළ බඳුනක දමන්න.ඒවා පසුව ගිනිතබා දමන්න.
■ සබන් යොදා නිතර දෑත් සෝදා පිරිසිදු කර ගන්න.
■ නාසය, ඇස්, කට නිතර නිතර ඇල්ලීමෙන් වළකින්න.
■ සෑම කාර්යාලයකම සබන්, අත සේදුම් දියර තබා, ජල සැපයුමක් සමඟ අත සේදීමට ස්ථාන සකස් කර ගන්න.
■ පඩිපෙළ ආධාරක වැටවල්, සෙනඟ ගැවසෙන ස්ථානවල බිත්ති, උපකරණ අනවශ්‍ය ලෙස අතපත ගාන්න එපා. තරල ගෑවී තිබිය හැකිය.
■ උගුර වියැළෙන්නට දෙන්න එපා. නිතර ජලය පානය කරන්න.
■ නින්දට පෙර උගුර ලු‍ණු මිශ්‍රිත උණුසුම් වතුරෙන් සෝදන්න.
■ නිරාහාරව නොසිටින්න පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න. විවේක ගන්න. රෝගවලින් ගැලවීමට ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය වඩවා ගන්න.
■ අනවශ්‍ය බිය ඔබගේ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය පහළ දමනු ඇත. බිය අතහැර විශ්වාසයෙන් යුතුව සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.

මුවවැස්මක් හරිහැටි පළඳින හැටි

වාතය ඔස්සේ පැතිර යන ලෙඩවලින් ගැලවෙන්නට පහසුම ආරක්ෂණ ක්‍රමය වනුයේ සෞඛ්‍යාරක්ෂිත මුව වැස්මයි. නමුත් එය හරියට පැළඳිය යුතුයි. ෆාමසියෙන් ගන්නා මුවවැස්මක තද නිල්-කොළ පාට පැත්ත එහි ඉදිරි පැත්තයි. ලා නිල්පාට හුරු සුදුපාට පැත්ත රැළිසහිත පෙරණය සහිත ඇතුළු පැත්තයි. විශබීජ පෙරා දමන්නේ මේ පැත්තෙනුයි. ඉතින් ඔබේ ශරීර සෞඛ්‍යය අනුව එහි නියමිත පැත්ත නියම දිසාවට සිටින්න පැළඳිය යුතුයි.

ඔබ පරිසරයේ විශබීජ වලින් ආරක්ෂා වන්න නම්

ඔබ නිරෝගී නම් විශබීජවලින් ගැළවෙන්න නම් මාස්ක් එකේ තදනිල් පාට පැත්ත මුහුණට ස්පර්ශ වන සේ ඇතුළටත් ළා පැහැති ෆිල්ටරය ඇති පැත්ත පිටතටත් සිටින සේ එය පළඳින්න.

ඔබ රෝගියෙක් නම්

ඔබෙන් පිටතට විශබීජ යාම වැළැක්වීම සඳහා ෆිල්ටරය සහිත ඇතුළු පැත්ත ඇතුළටත්, තද පැහැති ඉදිරිපස පිටතටත් තිබෙන පරිදි එය පළඳින්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>