TT Ads

ඇය සැබැවින්ම රැජනියකි.බිලියන7.8ක්වන ලෝක ජනගහනය අතරින් කොවිඩ් 19 මාරකයට අභීතව මුහුණ දෙන්නට මූලිකත්වය ගත්නිසාය.ලොවසැවොම වෛරසය වෙතින් පලායද්දි , නිරොදායන වැඩපිළිවෙළ මඟහැරයද්දි,ඇය වෛරසයට එරෙහි ඖෂධයක් සෙවිමේ සටනේ පෙරමුණ ගත්තාය.ඉතා ඉක්මණින් සාදා නිම කළ ලොව පළමු කොවිඩ් 19 වළක්වනඑන්නත පරීක්ෂාව සඳහා ඇය නිර්භීතව   ඉදිරිපත්වුවාය.එහෙයින් ඇය රැජනියකි.කොවිඩ් 19ට එරෙහිනව එන්නතක පලමු පරීක්ෂණ  වඩිය මුලින්ම ලබා ගත් ඇය  43හැවිරිදි දෙදරු මවක වන ජෙනිෆර් හොලර් ය.

 

ලෝකය පුරා මේවන විට නව වෛරස රෝගය වැළැක්විය හැකි ඖෂධ සෙවීම තරගයකට  මෙන්  සිදුවේ.අමෙරිකාවේ මැසචුසෙට්වල   පිහිටි ජෛවතාක්ෂණික ආයතනයක් වන  ModernaInc,තමන් ඉතා ඉක්මණින්ම වෛරසය පැතිර යාම වළක්වන එන්නතක් නිපද වූ බව ප්‍රකාශ කළේ  මේ නොබෝදාය.ඔවුන්ට එය මිනිසුන් හට එන්නත් කර  එහි ක්‍රියාකාරීත්වය සහ සාර්ථකත්වය ගැන හදාරන්නට අවශ්‍යව තිබුණි.නොදන්නා වෛරසයකට එරෙහිව තැනු නොදන්නා රසායණිකයන් අතුළත් ආගන්තුක නවනිපැයුමක් වන මේ එන්නත පරීක්ෂාවට නිර්භීතයන් අවශ්‍යව තිබුණි.අන්තිමේ ඒ සඳහා සියැටල් නුවර වාසය කරන හොලර් ඉදිරිපත්වූවාය.

 

කොටස් දෙකක් හැටියට දෙවරකට ලබාදෙන මේ mRNA-1273 නමැති  එන්නත පලමු ඒකකය පසුගිය 16දා ඇයට එන්නත් කරන්නට යෙදුණි.දෙවෙනි වඩිය ලබාදෙන්නේ තව මාසයක කාලයකිනි.වෛද්‍ය ලීසා ජැක්සන් ප්‍රධානත්වයෙන් සිදුවන මේ පරික්ෂණය සාර්ථකවුවහොත් එන්නත වානිජ වශයෙන් නිපදවා බෙදා හරින්නට තව මාස 12-18 අතර කාලයක් ගතවිය හැකිබව ඇය කියයි.වෛරසය ශරීර ගතව නැති අයට පුර්ව ආරක්ෂාව සඳහා ලබා දෙන මේ එන්නත පරීක්ෂාවට හොලර් මහත්මිය සමග තවත් 44දෙනෙක් ඉදිරිපත්වුහ.මේ අය වයස 18ත් 55ත් අතර නිරෝගි පිරිසක් වු අතර ඔවුන්ද හොලර් මහත්මිය මෙන් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වු අයය.

මාරක වෛරසය සඳහා   ඊශ්‍රායලයද ඉක්මණින්ම එන්නතක් නිපදවන්නට කටයුතු කරයි.මේ අතර ඕස්ට්‍රේලියාවේ විද්වතුන් පිරිසක් වෛරසය ට එරෙහිව ක්‍රියාකරන සිරුරුගත ප්‍රතිශක්ති සෛල වර්ග 4ක්ද එම සතියේම හඳුනා ගත්තේය.මේ නිසා ප්‍රතිශක්ති එන්නතක් සැදිමේ කාර්යය ඔවුන්ට දැන් වඩාත් පහසුය.

තවත් ප්‍රධානපෙලේ ජීව තාක්ෂනික ආයතනයක් වන   Regeneron  තමන් වෛරසයට එරෙහිව ක්‍රියාකරන කෘත්‍රීම ප්‍රතිදේහ නිපදවීමට කටයුතු කරන බව දන්වා තිබේ.මේ ප්‍රතිදේහ එන්නත් දහස් ගණනක් ලබන මස මැදවන විට පුර්ව සායනික පරික්ෂාවට යොමුකිරිමට බලාපොරොත්තුවේ.

– නිශානි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>