TT Ads

ඔබේ සිරුරේ පැවැත්මට කොලෙස්ටෙරෝල් අවශ්‍යයි. නමුත්, ප්‍රමාණය ඉක්මවා කොලෙස්ටරෝල් තිබීම අහිත කරයි. මෙම කොලෙස්ටරෝල් LDL (Low-density Lipoprotine) සහ HDL (High- density Lipoprotine) වශයෙන් කොටස් දෙකකට දක්වයි. මෙම කොලෙස්ටරෝල් ශරීරය තුළින් ගමන් කරන්නේ රුධිරය සමඟ රුධිර නාළ තුළින්ය. ලේ වල ඇති LDL කොලෙස්ටරෝල් වැඩි වූ විට, ඒවා හෘදයට සහ මොළයට රුධිරය ගෙනියන ධමනි රුධිර නාළ වල ඇතුළු පැත්තේ තැන්පත් වෙයි. මෙනිසා, රුධිරය ගමන් කිරීමේ අවහිරතා ඇතිවේ. ඒ නිසා, LDL නරක කොලෙස්ටරෝල් ලෙස ජනයා හඳුන්වයි. HDL කොලෙස්ටරෝල් මඟින් ධමනි තුළ තැන්පත්ව ඇති වැඩි පුර තිබූ, ඛෘඛ කොලෙස්ටරෝල් අක්මාව කරා ගෙන ගොස්, අක්මාවෙන් ඒවා පිත් අම්ල බවට පත් කර, සිරුරෙන් බැහැර කිරීම කරයි. එනිසා, HDL හොඳ කොලෙස්ටෙරෝල් ලෙස ජනයා හඳුන්වා දිය හැකියි.

LDL කොලෙස්ටරෝල් වැඩි වීම, හෘද රෝග වලට බලපායි. අධික රුධිර පීඩනයට හේතුවේ. අපේ රටේ වැවෙන විවිධ ගස්-වැල් වල කොටස් ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් ශරීරයේ තුලනාත්මකව පවත්වා ගැනීමට මහෝපකාරී වේ. අපි ඉන් කීපයක් ගැන සලකා බලමු.

 

(01) අනෝනා

ඉංග්‍රීසිනම:-  Annona
උද්භිද විද්‍යාත්මක නම:- Annona squamosa
කුලය:- Annonaceae


අනෝනා කොළ වල අඩංගු “ස්ටේ‍රප්ටොසින්” නැමැති ‘අධෝ කොලෙස්ටරෝල් සංයෝගය’ (අධෝකොලෙස්ටරෝල් සංයෝගයක් යනු ශරීරයේ කොලෙස්ටරෝල් අඩු කරන ගුණය ඇති සංයෝගයක් යන්නය) ආහාරයට ගැනීම නිසා, LDL කොලෙස්ටරෝල්’ අඩු කර, HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීමක් සිදුවීම විශේෂ වාසියකි. දියවැඩියා රෝගයට ද ගුණ දෙන ඖෂධයකි.

අනෝනා වල අඩංගු අධෝ කොලෙස්ටරෝල් සංයෝග
සංඝටකය සාන්ද්‍රණය (ppm)
ඇස්කෝබික් අම්ලය 340-1600
කැල්සියම් (ගෙඩියේ) 216-1335
කැල්සියම් (කොළයේ) 21200
කෙඳිති 12000-71000
මැග්නීසියම් 210-785
නියැසීන් 8-36
Pantothenic acid 2-8

 

(02) අන්නාසි

ඉංග්‍රීසි නම:- Pineapple
උද්භිද විද්‍යාත්මක නම:- Ananas comosus
කුලය:- Ananaceae


කොළයේ අඩංගු “එතනොලික” සංයෝගය නිසා, රුධිරයේ ඇති සීනි සහ LDL කොලෙස්ටරෝල්’ අඩු කරන ගුණයක් පවතී. අන්නාසි ගුණදායක පලතුරකි.

අන්නාසි වල අඩංගු අධෝ කොලෙස්ටරෝල් සංයෝග
සංඝටකය සාන්ද්‍රණය (ppm)
ඇස්කෝබික් අම්ලය 148-4178
කොපර් 1-8.8
Ferulic acid (ශාකමය) 200-760
ලිනොලෙයික් අම්ලය 840-6222
MUFA (ඒක අසංතෘප්ත
මේද අම්ල) 480-3556
ඔලෙයික් අම්ලය 450-3333
කෙඳිති 3000-45000
මැග්නීසියම් 110-1075
නියැසීන් 2-23
Pantothenic acid 1-11
පෙක්ටීන් 600-1600

 

(03) අලිගැට පේර

ඉංග්‍රීසි නම:- Aavocado
උද්භිද විද්‍යාත්මක නම:- Persea americana
කුලය:- Lauraceae


අලිගැට පේරවල අහිතකර මේදය ඇති බවට සැලැකීම මෙතෙක් පැවැති මිථ්‍යා මතයක් බවද, එහි අඩංගු වන්නේ හිතකර මේදය බවට විද්‍යාඥයෝ පවසති. අලිගැට පේර කොලෙස්ටරෝල්’ සහ දියවැඩියා රෝගීන්ට ගුණදායක බව පර්යේෂණවලින් ද සනාථ කර ඇති බව පැවැසේ. රුධිර පීඩනයද අඩුකරයි. අලිගැට පේර සීනි හෝ පැණි සමඟ ආහාරයට ගැනීම අහිතකරය.

අලි ගැට පේරවල අඩංගු Glutathione නැමැති සංයෝගය සහ විටමින්-සී උගුරේ සහ පියයුරු පිළිකාවටද ගුණදායකය.

 

(04) දෙළුම්

ඉංග්‍රීසි නම:- Pomegranate
උද්භිද විද්‍යාත්මක නම:- Punica granatum
කුලය:- Punicaceae

දෙළුම් ඖෂධීය ගුණ රාශියක් ඇති පලතුරකි. ධමනි රුධිර නාළවල කොලෙස්ටරෝල් තැන්පත් වීම වැළැක්වීමට මෙම පලතුර අනුභවය නිසා හැකි වේ.

දෙළුම් වල අඩංගු අධෝ කොලෙස්ටෙරෝල් සංයෝග
සංඝටකය සාන්ද්‍රණය (ppm)
ඇස්කෝබික් අම්ලය 40-636
කොපර් 2
කැල්සියම් 30-650
ලිනොලෙයික් අම්ලය –
කෙඳිති 2000-232000
ඔලෙයික් අම්ලය –
මැග්නීසියම් 120
නියැසීන් 3-50
Pantothenic acid 6-31

 

(05) ගම්මාලු

ඉංග්‍රීසිනම:- Pterocarpus
උද්භිද විද්‍යාත්මක නම:- Pterocarpus marsupium
කුලය:- Fabaceae


ගම්මාලු වල ඖෂධ ගුණ රාශියකි. ශාකයේ පොත්ත තම්බා බීමෙන් කොලෙස්ටරෝල් අඩුවේ. අරටුවේ අඩංගු “ඊතයිල් ඇසිටේට් නිසා කොලෙස්ටරෝල් අඩුවේ. හොඳ කොලෙස්ටරෝල් වන HDL වල වෙනසක් සිදුනොවීමද වාසියකි.

 

(06) කුඹුක්

ඉංග්‍රීසිනම:- Arjun Tree
උද්භිද විද්‍යාත්මක නම:-Terminalia arjuna
කුලය:- Combretaceae


කුඹුක්පොතු තම්බා බීමෙන්,LDLකොලෙස්ටරෝල් අඩු වන අතර, හිතකරවූ HDL කොලෙස්ටරෝල් මට්ම වැඩි වීමක් සිදුවන බව සොයාගෙන ඇත.

 

(07) කරපිංච

ඉංග්‍රීසිනම:- Curry Tree
උද්භිද විද්‍යාත්මක නම:- Murraya koenigii
කුලය:- Rutaceae


කරපිංච සම්බෝලය, කැඳ ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් අඩුවේ.

කරපිංච ගෙඩි වල අඩංගු අධෝ කොලෙස්ටරෝල් සංයෝග
සංඝටකය සාන්ද්‍රණය (ppm)
ඇස්කෝබික් අම්ලය 161-596
කොපර් 0.76-6
කැල්සියම් 20-95
ලිනොලෙයික් අම්ලය –
කෙඳිති 4250-16560
ඔලෙයික් අම්ලය –
මැග්නීසියම් 355-1118
නියැසීන් 0.68-20
Pantothenic acid 2.5-7.7

 

(08) කොහොඹ

ඉංග්‍රීසිනම:- D
උද්භිද විද්‍යාත්මක නම:- Azadiracta indica
කුලය:- A


කොහොඹ කොළ හෝ පොතු තම්බා බීමෙන් කොලෙස්ටරෝල් අඩුවේ.

කොහොඹ කොළ වල අඩංගු අධෝ කොලෙස්ටරෝල් සංයෝග
සංඝටකය සාන්ද්‍රණය (ppm)
කැල්සියම් 16700-26500
කෙඳිති 127000
මැග්නීසියම් 7100
Rutin +

(09) මුරුංගා

ඉංග්‍රීසි නම:- Drumstick Tree
උද්භිද විද්‍යාත්මක නම:- Moringa oleifera
කුලය:- Moringaceae


මුරුංගා වල ඖෂධීය ගුණ රැසකි. විශේෂයෙන් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් අඩුවේ.

මුරුංගා වල අඩංගු අධෝ කොලෙස්ටරෝල් සංයෝග
සංඝටකය සාන්ද්‍රණය (ppm)
ඇස්කෝබික් අම්ලය
(කොළ) 2200-8800
කොපර් (කොළ) 1-4
කැල්සියම්
(කොළ) 4400-17600
(කරල්) 300-2545
කෙඳිති
(කොළ) 9000-36000
(කරල්) 13000-110170
ඔලෙයික් අම්ලය
(බීජ) 227980-237470
මැග්නීසියම්
(කොළ) 4400-17600
(කරල්) 300-2545

කොලෙස්ටරෝල් පාලනයට දේශීය තුරු-ලිය ආහාරයට ගෙන පාලනය කරගත හැකි බව ආයුර්වේදයේ පැහැදිලි කර ඇත. එවිට, නොකඩවා ඉංග්‍රීසි ඖෂධ භාවිතයෙන් වැළැකිය හැකිය. නිවැරදි ආහාර රටාව සහ ව්‍යායාම තුළින්, ඔබට නිරෝගී දිවියකට හිමිකම් කියන්නට වාසනාව උදා වනු ඇත.

මාතලේ අපනයන කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ
හිටපු විෂයානුබද්ධ නිලධාරි (විශේෂ ශ්‍රේණිය)
සරාසඳ ජයකොඩි

 

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>