TT Ads

අතීතයේදී මේ රෝගයට බඳුන්වූයේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ය. එහෙත් වර්තමානයේ අඩු වයසින් කොලෙස්ටරෝල් රෝගයට ගොදුරු වූවන් බහුලය. මීට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ අද බොහෝ දෙනෙකුගේ ජීවිතයේ
ඇවතුම් පැවතුම්වල පවතින නොසැලකිල්ල හා අවධිමත් බවයි. අප ගන්නා ආහාරවල අඩංගු මේද කොටස් දහනය වන පරිදි සැලකිය යුතු තරමින් කය වෙහෙසා වැඩපළවල යෙදෙන්නේ නැත. අද මුඵතැන්ගෙයි උපකරණ සියල්ලම පාහේ නවීකරණය වී ඇත. ජලය මුඵතැන්ගෙට එන්නේ නළ මගිනි. දර සෙවීම හෝ දර පැලීමක් නැත. උයන්නේ ගෑස් ළිපෙනි. නැතිනම් රයිස් කුකරයෙන් හෝ මයික්‍රෝවේව් උදුනෙනි. ගොවිතැන් කළ බිම් මුඩුබිම් බවට පත්වෙද්දී ගොවිතැන සඳහා ඉදිරිපත් වන්නට සිටින්නේ අල්ප පිරිසකි. සියල්ලන්ගේම අරමුණ කාර්යාලයක සුවපහසුවට අසුන්ගත වී කරන රැකියාවක නිරත වීමය. අඩුම තරමින් රජයේ හෝ පෞද්ගලික රැකියාවෙන් ලැබෙන වැටුප අල්ප වීමෙන් දිවා රාත්‍රි නොබලා අමතර රැකියාවක් ද කළ යුතුය. මේ නිසා හැමෝම කාර්ය බහුලය. කුසගින්නට කන්නට යමක් උයාපිහා ගන්නටවත් කාලයක් නැත. මේ නිසා කඩ කෑම, ක්‍ෂණික කෑම, චයිනීස් කෑම වැනි දිව රවටන කෑම වලින් කුසගින්න නිවාගෙන යළි මුදල් ඉපයීමේ තරගයට බහුතරයක් එක්වේ. ව්‍යායාම හෝ ශාරීරික හා මානසික විවේකය නොමැති වීමත් වසවිෂ කෑමත් නිසා අද විවිධාකාර මාරාන්තික රෝගවලට ගොදුරුවූවන් බහුලය. කොලෙස්ටරෝල් නිසා රෝගීවන්නන් එහි එක් කොටසක් පමණි.කොලෙස්ටරෝල් යනු මිනිස් සිරුරට ඇතුවත් බැරි නැතුවත් බැරි මේද වර්ගයකි. ප්‍රධාන කොලෙස්ටරෝල් වර්ග දෙකකි. ඒ ශරීරයට හිතකර කොලෙස්ටරොල් (HDL- High Density Lipoprotein) හා ශරීරයට අහිතකර (LDL – Low Density Lipoprotein) වශයෙනි.

කොලෙස්ටරෝල් සිරුරට ලැබෙන්නේ කොහොමද?
අප ගන්නා ආහාරවලින් හැරුණු විට ශරීරය මගින්ද කොලෙස්ටරෝල් නිපදවයි. අප ආහාරයට ගන්නා කිරි, කිරි ආශ්‍රීත නිෂ්පාදන, සත්ව ආහාර, මස් වර්ග වැනි රතු මස්වර්ග වලින් සෘජුවම කොලෙස්ටරෝල් ශරීරයට ලැබේ. අප ආහාරයට ගත් සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය උපයෝගි කරගෙන අක්මාවෙන්ද සැලකිය යුතු කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ශරීරය තුළ නිපදවේ.

කොලෙස්ටරෝල් ශරීරයට හිතකර සහ අහිතකර වන්නේ කොහොමද?
හිතකර කොලෙස්ටරෝල් (HDL) සිරුරට අවශ්‍ය ප්‍රමාණයට නොලැබීමත් අහිතකර කොලෙස්ටරෝල් (LDL) සිරුරේ තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි වීමත් යන දෙයාකාරයම නිරෝගී සම්පන්න ජීවිතයකට හිතකර නොවේ.

හිතකර කොලෙස්ටරෝල් වලින් මිනිස් සිරුරකට සිදුකරන යහපත කුමක්ද?
ශරීරයේ අත්‍යවශ්‍ය හෝමෝන වර්ග නිෂ්පාදනයට, පිත්තාශයික යුෂ නිෂ්පාදනයට, සෛලවල පිටත ප්‍රාවරණ නිෂ්පාදනයට ආදී වශයෙන් කොලෙස්ටරෝල් වලින් ශරීරයට සිදුකරන හිතකර කාර්යයන්
රැසකි. කොලෙස්ටරෝල් නොමැති වූවානම් ශරීරයට අත්‍යවශ්‍ය කාර්යයන් සිදුකිරීම විශාල ගැටලුවක් වීම අනිවාර්ය වේ.

කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම
අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ශරීරය තුළ කොලෙස්ටරෝල් සංචිත වීමෙන් ගැටලු රැසක් ඇතිවේ. කොලේස්ටරෝල් මට්ටම ඉහළ යාම අධික කොලෙස්ටරෝල්තාවය (Hyper cholesterolemia) ලෙස හඳුන්වයි. රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටමක් පැවතීම නිසා Atherosclerosis නමින් හැඳින්වෙන මේද තැන්පත් වීමෙන් ශිරා බිත්ති දැඩිවීමේ තත්ත්වය මත හෘදයාබාධ සහ අංශභාගය (ආඝාතය) වැනි තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතී. මේ තුළින් අවසානයේ සිදුවන්නේ අකල් මරණවලට ගොදුරු වීමයි.

රුධිරගත කොලෙස්ටරෝල් අගය නීර්ණය කරන්නේ කෙසේද?
ඔබේ ශරීරයේ පවතින සමස්ත රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය මෙන්ම LDL නොහොත් නරක කොලෙස්ටරෝල් ප්‍රමාණයත් HDL නොහොත් හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණයත් මැනගත හැකි පරීක්ෂණ දෙකක් ඇත.
1. ලේ සාම්පලයක් පරීක්ෂා කිරීම
2. රුධිර මස්තු ලිපිඩ පරීක්ෂණයක් සිදුකිරීම
මිනිස් සිරුරේ කොලෙස්ටරෝල් පැවතිය යුතු සම්මත අගයන් පිළිබඳ දැනුවත් වීමට පහත දැක්වෙන වගුව ඔබට උපයෝගි කරගත හැකියි.

නිරීක්ෂණය                              යෝග්‍ය මට්ටම                           තරමක් වැඩි            අවදානම්

කොලෙස්ටරෝල්                         200 ට අඩු                              200- 239           240 ට වැඩි
හිතකර කොලෙස්ටරෝල් ( HDL)       60                                         35-49              35 ට අඩු
අහිතකර කොලෙස්ටරෝල් (LDL)     60-130                                  130-159             160-189
ට්‍රයිග්ලිසරයිඩ                              150 ට අඩු                                  150- 199          200-499

මේ වගුව අනුව කොලෙස්ටරෝල් පිළිබඳ සාමාන්‍ය දැනුවත්වීමක් ඔබට ලැබෙනු ඇත. ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම හොඳද නරකද යන්න ඔබේ කොලෙස්ටරෝල් වර්තාව අනුව වෛද්‍යවරයා නිසැකවම ඔබට පහදා දෙනු ඇත.

කොලෙස්ටරෝල් ඉහළ යාමේ මූලික ලක්ෂණ මොනවාද?
* අධික නිදිමත
* නිතර දැනෙන තෙහෙට්ටුව
* අහේතුක ස්වසනය
* ලිංගික ශක්තිය හීනවීම
* ක්ලාන්තය හෝ කරකැවිල්ල

රුධිරගත කොලෙස්ටරෝල් පාලනයට හිතකර ප්‍රතිකර්ම

මෙහිදී පළමු ප්‍රතිකර්මය වන්නේ විධිමත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හැඩගැසීමයි. දිනකට පැයක්වත් ව්‍යායාම සඳහා කාලය වෙන්කිරීම තවත් සාර්ථක ප්‍රතිකර්මයකි. ව්‍යායාම සිදුකිරීමේ දී තමා තමාට අවංකව එම ව්‍යායාමවල නිරතවිය යුතුය. වෛද්‍යවරයකු මගින් ලබාගන්නා රෝග විනිශ්චයට අනුව නියමිත ඖෂධ නිසි පරිදි ගැනීම ඊළග ප්‍රතිකර්මයයි. සෞඛ්‍ය සම්පන්නව ආහාර රටාවක් හා විධිමත් ව්‍යායාම මාලාවක් පවත්වා ගෙන යාම තුළින් කොලෙස්ටරෝල් හිතකර මට්ට්ටමක පවත්වා ගැනීමට හැකිය.

කොලෙස්ටරෝල් අගය ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතු

* අවිධිමත් ආහාර රටාව
* ව්‍යායාම නොමැතිකම හා ව්‍යායාම මදිකම
* දුම්පානය
* අධික ලෙස මත්පැන් පානයට හුරුවීම
* පරම්පරාගත රෝග ඉතිහාසය
* අධික ස්ථුලතාවය
* අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වැළදී තිබීම

අධිරුධිර කොලෙස්ටරෝල් පාලනයට ආහාර තොරා ගැනීමේ දී

* රතු පැහැති මස් ව්ර්ග අනුභවයෙන් වළකින්න
* ගැඹුරු තෙලේ බදින ලද ආහාර ගැනීමෙන් වළකින්න.
* අයිසින් කේක් වර්ග අනුභවයෙන් ඈත්වෙන්න.
* බටර්, මාගරින්,චීස්, මුදවාපු කිරි වැනි අධික තෙල් සහිත ආහාර සීමා කරන්න.
* ආහාර පිසින වෙනත් තෙල් වර්ග වෙනුවට පොල් තෙල් භාවිත කරන්න. ඔබේ ශරීරය මහත නම් පොල් තෙල් හා මිටිකිරි (පොල් කිරිවල පළමු කිරි ) භාවිතයද සීමා කරන්න.
* සැමන් මසුන්, මැකරල්, කුම්බලාවෝ, හුරුල්ලෝ වැනි මාංශ ආහාර වැඩිපුර ආහාරයට එකතු කරගන්න.
* ශරීරය අධිකව තරබාරු නම් ඔලිව් තෙල්වලින් කෑම පිසගන්න.
* කෙඳි සහිත ආහාර වැඩි වශයෙන් දිනපතාම ආහාරයට එක්කර ගන්න. (එළව`ඵ, පලතුරු, කුරුට්ට සහිත ධාන්‍ය, රනිල බෝග)
* ලුණු භාවිතය හැකිතාක් අවම කරන්න.
* පලතුරු හා එළවඵ වැඩිපුර ආහාරයට එක්කර ගන්න.
* සෑම විටෙකම නිවසේ සාදාගත් ආහාර අනුභව කරන්න.
* ක්‍ෂණික ආහාර භාවිතය අවම කරන්න.
* දුම්පානය වහාම නතර කරන්න. දුම්පානයෙන් හිතකර කොලෙස්ටරෝල් (HDL) අඩු කරයි.
* මත්පැන් භාවිතය නතර කරන්න.
* කෑම තෙලෙන් වර්ග බැදීමේදී භාවිත කරන තෙල් නැවත නැවත පාවිච්චියට නොගන්න.
* සම්පූර්ණ යොදය සහිත කිරි පානය වෙනුවට යොදය රහිත කිරි අවම ලෙස පාවිච්චි කරන්න.

කොලෙස්ටරෝල් ඉහළ දමන්නේයැයි අහේතුක බියක් දක්වන ආහාර බිත්තර, මා`ඵ, රටකජු, කජු, අලිපේර වැනි ආහාර වර්ග අනුභවය නිසා අහිතකර කොලෙස්ටරෝල් (LDL) වැඩිවෙනවා යැයි බොහෝ දෙනෙක් තුළ සැකයක් පවතී. දැනට සිදුකර තිබෙන පර්යේෂණ අනුව ශරීරගත කොලෙස්ටරෝල් අගයට බිත්තරවලින් බලපෑමක් සිදුනොවෙයි. එහෙත් බිත්තර කහමදය ආහාරයට නිතර එක්කර ගැනීමෙන් වැළකීම යහපත්ය. පොදුවේ මාඵ වර්ග සැම කෙනෙක්ම ආහාරයට ගැනීම යහපත්ය. එහෙත් මෑකරල් , සැමන්, කුම්බලාවෝ, සහ හුරුල්ලෝ මාඵ ආහාරයට ගැනීම වඩාත් ගුණදායකය. මෙම මාළු වර්ගවල ඔමෙගා 3 මේද අම්ලය සුලබවීම ඊට හේතුවයි. කජු, රටකජු, අලිපේරවල අඩංගු වන්නේ අසංතෘප්ත මේදයයි. එම නිසා ඒවා ආහාරයට ගැනීමට බිය නොවන්න. නමුත් දිනපතා කජු හෝ රටකජු අධිකව කෑම නුසුදුසු බවද සලකන්න.

උපදෙස්
ආයුර්වේද වෛද්‍ය ධම්මිකා අමරසේකර

සටහන
කීර්ති එස්. කුමාර

TT Ads

One comment

  • Moon Hyberger
    Moon Hyberger
    Reply

    Thank you for කොලෙස්ටරෝල් මට්ටු කරන හැටි, is verry
    informative.
    ONE Hidden Ingredient Lowers Cholesterol Level Below 100 And
    Clears Out 93%, here: http://bit.ly/drop-your-cholesterol-to-a-healthy-level
    Try it, will help!!! 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>