TT Ads



පෙබරවාරි මාසේ මාසයේ 15 වන දින සිට මුළු ලොවම අවධානයට ලක් කරමින් බිහිසුණු වෛරසයට ගොදුරු වූ ඉතාලි රාජ්‍යයේ තතු විමසීමේ දී වෛරසය උතුරු මැද ඉතාලියේ වෙනත් දේශීය ආසාදන දාමයන් හරහා නොදැනුවත්ව සංසරණය වී ඇති බව තොරතුරු අනාවරණය කරයි . මෙම වෛරසය හමුවේ සමස්ත ඉතාලියම නිහඬ අඳුරු වූ ස්වභාවයකින් යුක්ත වන අතර , මෙහි ජීවත් වන ජනයා බියෙන් තැති ගැනීමකින් සිටින බව නිසැකය.

වැඩිම මරණ සංඛ්‍යාවක් ඇති රට ලෙස ඉතාලිය චීනය අභිබවා පෙරමුණේ ගමන ගමන් කරමින් වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇති බව වාර්තා සාක්ෂාත් කරයි . ක්‍රියාකාරී දියුණු ගමනක් එකවර නතර වීමක් ලෙස මෙම තත්ත්වය ඉතාලිය හා බලන විට පෙන්නුම් කරයි තෙරක් නොපෙනෙන අවසානයක් පිළිබඳ ඉතාලියේ ජනතාවගේ මනසෙන් දෝලනය වෙමින් පවතින බව පෙනේ.

-මෙම වෛරසයේ බිහිසුණු ප්‍රතිවිපාක පිළිබඳ යථා අවබෝධයක් ඇත්තෙකු වූ වෛද්‍යවරයකු විසින් මෙම වෛරසයේ බරපතළකම දන්නා අයෙකු නිවසේ කවුළුවකින් හෝ එබී නොබලන බව පවසා ඇත .

-දැනට අනාවරණය වන කරුණු කාරණා සලකා බැලීමේදී දෛනික සඵලතාවය ඇතුළු සාමාන්‍ය තත්ත්වය නොව විශේෂිත ආරක්ෂිත කාලයක් ලෙස අප්‍රේල් 3 දක්වා රජය විසින් දින නියම කළ ද එය අප්‍රේල් 15 වන දින දක්වා දීර්ඝ කිරීමට යන බව මාධ්‍ය මගින් සැල කරයි. . වැඩි වන රෝගීන් සංඛ්‍යාව අභිමුඛව පවත්නා වූ වෛද්‍ය පහසුකම් හා උපකරණවල ඌනතාවයක් ඉතාලියේ මේ වන විට වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන ලොම්බාර්දියා කලාපයෙන් තොරතුරු හෙළි වේ . එමෙන්ම එම කලාපයේ සිටින නව ආසාදිතයින් ඇතුළු කර ගැනීමේ ගැටලුකාරී තත්ත්වය නිසා තාවකාලික රෝහල් ඉදිකිරීමට ඉතාලි රජය තීරණය කරන ලදී.

-මෙම තත්ත්වයත් සමග ඉතාලි ජනතාවට ඉතාලි රජය විසින් සහන දීමනා රැසක් ලබා දී ඇත .වාර්ෂික වැටුප් වේතනයද €40,000ට වඩා අඩු පුද්ගලයින් සඳහා බෝනස් €100ක මුදලක් මාසික වැටුප් මුදලක්  එකතු කිරිමට කිරීමට ඉතාලි රජය තීරණය කර ඇත. තවද මෙම කාල සීමාව තුළ රැකියා අහිමි වුවහොත් රැකියා විරහිතයින් සඳහා අරමුදලක් මගින් වැටුප් ලබා දීමට අපේක්ෂිතයි. ස්වයං රැකියා නිරත වූවන්ට €600ක දීමනාවක් ඔවුන් දිරි ගැන්වීම සඳහා දෙන බව රජය විසින් දැනුම් දී තිබේ. එමෙන්ම වයස අවුරුදු 12ට අඩු දරුවන් සිටින අය සදහා දින පහලවක නිවාඩු කාලයක් ද වේතනය සීයට පනහක් ලබා දෙන අතර රැකියා අහිමි නොවන බවද බවද රජය ප්‍රකාශ කර සිටී. සුලු හා හා මධ්‍ය පරිමාණ ආයතන වලට බැංකු මගින් ලබා දී ඇති ණය මාස නමයක සහන සහන කාලයක් ලෙස ලබා දී ඇත. මෙවන් විශාල දීමනා සහන රැසක් ඉතාලි රජය විසින් මෙම බිහිසුණු වෛරසයට මුහුණ දුන් ජනයා මුහුණ දුන් ජනයා හට ලබා දීමේ වැඩපිළිවෙල වැඩපිළිවෙළ සතුටුදායක ලෙස අගය කළ හැකිය .

-ඉතාලියේ රාජ්‍ය ප්‍රෞඩ ඉතිහාසය ගත් කල ඉතාලිය විසින් ලෝකයාට වටිනා බොහෝ දේ හඳුන්වා දී ඇත. සූර්ය ලප, සිකුරු කලා, චන්ද්‍ර ආවට මුලින්ම දුටු ගැලීලියෝ ගැලිලී වැනි විද්‍යාඥයින් තාරකා විද්‍යාඥයින්, තාරකා විද්‍යාඥයින්, ගණිතඥයින් , ලියනාඩෝ ඩාවින්චි ඩාවින්චි වැනි දක්ෂ චිත්‍ර ශිල්පීන් රැසක් ඉතාලිය බිහි කර ඇත . එමෙන්ම විදුලි කෝෂය ,බැටරිය, ගුවන් විදුලිය වැනි දැන් සමාජයට අත්‍යවශ්‍ය වේ දේ රැසක් ද රැසක් ද ඉතාලිය විසින් හඳුන්වා දී ඇත. තවද කොලරා බැක්ටීරියාව මුලින්ම සොයා ගත්තේද ඉතාලියයි. ලොව මුල්ම රසදිය රුධිර පීඩන මානය තැනූ සිපියෝනි රීවා රොකී බිහි කළේ ද ඉතාලියයි. මාරාන්තික වෛරස් වසංගතයකින් ලොවම ගලවා ගැනීමේ සටනක් පිළිබඳව ඩෑන් බ්‍රවුන් INFERNO (නිරය) නවකතාවට තෝතැන්නක් වූ ඉතාලි රාජ්‍යය වූ කොවිඩ් 19 වසංගතය ඉදිරියේ පරාජය විය නොහැක මෙවැනි ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ඉතාලි අධිරාජ්‍යයට නැවත සක්‍රිය ලෙස හිස ඔසවන්නට හැකි වේවා යැයි අපි සුබවාදීව බලාපොරොත්තු වෙමු .

හිමාෂි පබසරා
ඉතාලියේ රෝම් නගරයේ සිට

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>