TT Ads

සව් කැඳ, සව් කන්ජි බොහෝ දෙනෙක් ප්‍රිය කරන පාන. ඒ වගේම කුරක්කන් කැඳත් ඖෂධීය පාන අතර තියෙන්නේ ඉහළම තැනක. මේ රස දෙකම එක්තැන් කර පිළියෙළ කරන අලුත්ම පානයක් කියා දෙන්නයි මේ සූදානම. ඒ තමයි සව්, කුරක්කන් කැඳ. වෙනස්ම විදිහට එය සාදන නිසා මේ වෙනස්ම රසය ඔබට අපූර්ව අත්දකීමක් ගෙන දේවි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කුරක්කන් මේස හැඳි 2ක්
  • සව්හාල් අඬුකෝප්ප 1/4ක්
  • ඉඟුරු තේ හැඳි 01ක්
  • සුදු ලූනු තේ හැඳි 01ක්
  • පිටිකිරි අඬු කෝප්ප 01ක්
  • ලුණූ රස අනුව
  • වතුර අවශ්‍ය පමණ

සාදා ගන්නා ආකාරය:-

මුලින්ම භාජනයක් ළිප තබා සෝදාගත් සව්හාල්වලට වතුර වීදුරුවක් පමණ එක්කර හොඳින් පිස ගන්න. මෙහිදී සව් හොඳින් පිසෙන තුරු හැඳි ගෑම වඩාත් වැදගත්. සව් ඉදීගෙන එනවිට කපාගත් ඉඟුරු, සුදු ලූනු, ලුණු එකතු කරන්න. අනතුරුව මිටිකිරි දමා මුලින්ම සව් කැඳ සකසා ගන්න. මෙයින් සව්කැඳ ස්වල්පයක් කුඩා භාජනයකට දමා කුරක්කන් හොඳින් දියකර නැවත සව් මිශ්‍රණයටම එක් කරන්න. පසුව සව් කුරක්කන් කැඳ හොඳින් නටන විට ළිප නිවා ගන්න.

උපදෙස් –
බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පෝෂණ මන්දිරයේ සූප උපදේශිකා
අයේෂා කළුආරච්චි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>