TT Ads

ගැහැනු කියන්නේ පුදුමාකාර පිරිසක් කියලා තමයි හැමෝම කියන්නේ. නමුත් එහෙම වෙන්නේ ඇයි කියලා ඔබ දන්නවාද?

1. ගැහැනු අය එක දවසකට වචන විසි දහසක් විතර කතා කරනවා. නමුත් පිරිමි අය දවසකට කතා කරන්නේ වචන දහ තුන් දහසක් විතර ප්‍රමාණයක්.

2. ගැහැනු අයගේ මොළය පිහිටලා තියෙන ආකාරයට ඔවුන්ට පුළුවන් දවසකට වාක්‍ය තුන් දහසක් විතර ඒ විදියටම මතක තියා ගන්න. නමුත් පිරිමි අයට එක වචනයක්වත් වෙනස් නොකර වාක්‍ය විදියට මතක තබා ගන්න පුළුවන් වෙන්නේ වාක්‍ය හත්සිය පනහක් අටසියයක් විතර ප්‍රමාණයක් විතරයි.

3. ගැහැනු අයට අඟල් පහක් විතර උස අඩියක් තියෙන සපත්තු පැළඳගෙන මුළු දවසම වුණත් පහසුවෙන් ඇවිදින්න පුළුවන්. නමුත් පිරිමි අයට ඒ තරම් උස අඩියක් තියෙන සපත්තු පැළඳගෙන විනාඩි 15 කට වඩා ඇවිදින්න බැහැ.

4. ගැහැනු අයගේ හෘද ස්පන්දනය පිරිමි අයගේ හෘද ස්පන්දනයට වඩා ඉතාම වැඩියි. විනාඩියකට ගැහැනු අයගේ හෘද ස්පන්දනය 78- 82 අතර අගයක්. නමුත් පිරිමි අයගේ එය 70- 72 අතර පවතිනවා.

5. ගැහැනු අයගේ හදවතේ ප්‍රමාණය පිරිමි අයගේ හදවතේ ප්‍රමාණයට වඩා අඩුයි. හරියටම කියනවා නම් ගැහැනු අයගේ හදවතේ ප්‍රමාණයට වඩා පිරිමි හදවත හතරෙන් එකක් විතර ලොකුයි.

6. ගැහැනු අය ලස්සනට ඉන්න කැමතියි. නමුත් ශක්තිමත්ව ඉන්න ඔවුන්ට එතරම් වුවමනාවක් නැහැ. පිරිමි අයට ලස්සන වුවමනා නැහැ. ඔවුන්ට ඕනේ ශක්තිමත්ව ඉන්න විතරයි.

7. ලෝකයේ පළමුවන ජදපචමඑැර චරදටර්පපැර කාන්තාවක්. ඇගේ නම එයිඩා ලව්ලස්. ඇය ජීවත් වුණේ 19 වෙනි සියවසේ මුල් කාලේ නිසා ඒ කාලේ පරිගණක තිබුණේ නැහැ. නමුත් ඇය විසින්ම සකස් කර ගත් පරිගණකයකට සමාන උපකරණයකින් තමයි ඇය චරදටර්පපසබට කරලා තියෙන්නේ.

8. ලෝකයේ ජීවත්වන කාන්තාවන්ගෙන් සියයට 68ක් සුදු සමක් සහිතයි. නමුත් මේ ලෝකයේ සුදු සම සහිත පිරිමින් ඉන්නේ සියයට 22 ක් විතරයි.

9. කාන්තාවන්ගේ ආයු කාලය පිරිමි අයගේ ආයු කාලයට වඩා අවුරුදු 5 කින් වැඩියි. කාන්තාවන්ගේ එය අවුරුදු 79. පිරිමින්ගේ 74 යි.

10. පිරිමි අයට වඩා වැඩි කාලයක් කාන්තාවන්ට නිදා ගැනීම අවශ්‍යයි කියලා මනෝ විද්‍යාඥයින් කියනවා. ඔවුන් කියන විදියට නම් කාන්තාවන් පිරිමින්ට වඩා විනාඩි 20ක් වැඩිපුර නිදා ගත යුතු වෙනවා. එය ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වන්නක්.

11. කාන්තාවන්ට ශරීර කෘත්‍ය සඳහා පිරිමින්ට වඩා වැඩි කාලයක් අවශ්‍ය වෙනවා. ඒ පිරිමින්ට එක දවසකට ශරීර කෘත්‍ය සඳහා විනාඩි 12 කුත් කාන්තාවන්ට විනාඩි 16 කුත් විදියටයි. ඒකට හේතුව තමයි කාන්තා ගුද මාර්ගය පිරිමි ගුද මාර්ගයට වඩා සිහින් වීම සහ කෙටි වීම.

12. සාමාන්‍යයෙන් කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි වේලාවක් ස්නානය සඳහා වැය කරනවා. පිරිමියෙකුට ස්නානයට ගත වෙන්නේ විනාඩි 15 ක් නම් කාන්තාවන්ට විනාඩි 25 ක් 30 ක් අතර කාලයක් ගත වෙනවා.

13. කාන්තාවන්ට මොළය වෙහෙසවා කරන වැඩ එකවර තුනක් හෝ හතරක් සාර්ථකව කරන්න පුළුවන්. නමුත් පිරිමින්ට පුළුවන් වෙන්නේ එකවර එකක් විතරයි. එයත් පටලවා ගන්නේ නැතිව නියමාකාරයෙන් කරන්න ඔවුන්ට බැහැ.

14. කාන්තාවන් වියපත් වෙද්දී තරුණ කාලෙට වඩා වැඩිපුර මහත් වෙනවා. නමුත් පිරිමි අය වියපත් වෙද්දී තරුණ කාලෙට වඩා මහත අඩු වෙනවා.

15. පිරිමි අයට වියපත් වීමත් එක්ක හිසකෙස් හැලී තට්ටය පෑදීමේ සම්භාවිතාව සියයට 85 ක් විතර වෙනවා. නමුත් කාන්තාවන්ට එය සියයට එකකටත් වඩා අඩු අගයක්.

16. පිරිමි අයගේ ඇහි පිය ගැහැනු අයට සාපේක්ෂව දිගින් වැඩියි. හරියටම කියනවා නම් ගැහැනු අයගේ ඇහිපියට වඩා හතරෙන් එකක් විතර දිගින් වැඩි ඇහිපිය පිරිමි අයට පිහිටනවා.

17. කාන්තාවන්ගේ දබරැඟිල්ල මුදු ඇඟිල්ලට වඩා දිගින් වැඩියි. නමුත් පිරිමින්ගේ දබරැඟිල්ල මුදු ඇඟිල්ලට වඩා දිගින් අඩුයි.

18. කාන්තාවන්ට කායික සහ මානසික වේදනාවන් දරා ගැනීමේ හැකියාව පිරිමින්ට සාපේක්ෂව වැඩිපුර තිබෙනවා. නමුත් පිරිමින්ට කාන්තාවන්ට මෙන් අඩක හෝ වේදනාවක් දරා ගැනීමේ හැකියාවක් නැහැ.

19. කාන්තාවන්ට හඳුනාගත හැකි වර්ණ පරාසය පිරිමින්ට වඩා වැඩියි. පිරිමි අය නිල් පාට කියලා කියද්දී කාන්තාවන් අහනවා ළා නිල් ද, තද නිල් ද, නේවි බ්ලූ ද, ස්කයි බ්ලූ ද, ඕෂන් බ්ලූ ද කියලා. නමුත් එයට පිළිතුරු දෙන්න පිරිමින්ට බැහැ.

20. කාන්තාවන්ගේ දිගු කාලීන මතක ශක්තිය පිරිමින්ට වඩා ඉතාම වැඩියි. ඒ කියන්නේ පිරිමින් මෙන් තුන් ගුණයක විතර දිගු කාලීන මතක ශක්තියක් කාන්තාවන් සතු වෙනවා.

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>